ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලික අත්හිටුවා ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.


පවතින යුදමය තත්වය හේතුවෙන් ඊශ්‍රායල ගුවන් සමාගම් එම පියවර ගෙන ඇති බව තානාපති නිමල් බණ්ඩාර මාධ්‍ය වෙත පවසා ඇත.

ඉදිරි දිනවල යම් ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලය වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටීනම්, අදාළ අංශ සමග සාකච්ඡා කර, දිනය සංශෝධනය කරගන්නා ලෙසයි ඔහු දැනුම් දෙන්නේ.

මේ අතර පවති යුධ ගැටුම් හේතුවෙන් ලාංකිකයින්ට බලපෑමක් වූ බවට මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බව ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

(චතුරංග මේදිස්)

සබැඳි පුවත් :

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් මාලාවක්!


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්