පසුගිය මාර්තු මාසයේ අවසාන භාගයේ දී ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ ලන්ඩන් නුවර දී පැවති සාකච්ඡාවල දී

කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවත්, ඉතිරි එකගතා සම්බන්ධයෙන් නැවත වරක් සාකච්ඡා වටයක් ඉදිරියේ දී පැවැත්වෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසයි.

 අද (15) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කර සිටියේය.

අදාළ සාකච්ඡාවල දී කරුණු 4න් එකරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට හැකි වුවද, කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම  සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ජා පවත්වන බව සාගල රත්නායක පැවසිය.

තමා මේ සම්බන්ධයෙන් ඉතා සුබවාදීව සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මෙසේද කියා සිටියේය.

“මාර්තු මාසය අගදී ලන්ඩන්වල දී බැඳුම්කර හිමියන් හමුවුණා. ඒ හමුවීම් බාහිරට අනාවරණය නොවූ ඒවා. අපිට උපදේශකයින් දෙගොල්ලක් ඉන්නවා. ලසාඩ්  - මූල්‍ය උපදේශකයින්, ක්ලිෆර්ඩ් චාන්ස් - නීති උපදේශකයින්. මේ සාකච්ඡා සීමා වූ ඒවා. ඒවායේ රහස්‍යභාවය තබා ගැනීමට සියලු පාර්ශව එකඟ වී සිටියා. ඒ සාකච්ඡාවලට යන විට බැඳුම්කර හිමියන් අපිට යෝජනා කිහිපයක් දීලා තිබ්බා. ඒවාට අපි ප්‍රති-යෝජනා දීලා තිබ්බා. ඒගොල්ලෝ මාර්තුවල නැවත යෝජනා වගයක් දුන්නා. ඒ වෙලාවේ අපි මාර්තු අග සාකච්ඡාවලට යනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැනුම් දීලා තිබ්බා අපි දීපු යෝජනා මූල්‍ය අරමුදලට අනුකූලයි. බැඳුම්කර හිමියන්ගේ යෝජනා මූල්‍ය අරමුදලට අනුකූල නැහැ කියලා. අපි ඒ සාකච්ඡාවල දී අපිට ගැටළු සහගත කාරණා 4ක් ඉදිරිපත් කළා. අපි කියන කාරණා සහ ඒගොල්ලෝ කියන කාරණා සම්බන්ධව. එතනදී කාරණ දෙකක් සම්බන්ධයෙන් අපි සහ බැඳුම්කර හිමියන් අතර එකඟතාවයක් ඇති වුණා. නමුත් කාරණා දෙකක දී අපිට එකඟතාවයකට එන්න බැරිවුණා.“

mnd

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්