ලොකු ලූණු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව ලොකු ලූණු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට මෙමගින් අවසර ලබා දී තිබේ.

පළමුව අසල්වැසියා යන පදනම සහ අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ල ට ගෙන ඉන්දියාව එම තීරණය ගත් බව සඳහන් ය.

ඉන්දියාව ලොකු ලූණු අපනයනය සීමා කිරීම නිසා පසුගිය කාලයේ අපේ රටේ ලොකු ලූණු මිල සීඝ්‍රයෙන් ඉහළ ගියේ ය.

පසුව චීනය ඇතුළු රටවල් කිහිපයකින් ඉහළ මිල ගණන්වලට ගෙනා ලොකු ලූණු අලෙවි කිරීමට සිදු විය.



image8


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්