අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට කිසිඳු අදහසක්

නැතැයි එම පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල පවසයි.

තිලංග සුමතිපාල එබව කියා සිටියේ, සිංහල දමිළ අලූ‍ත් අවුරුද්දෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේ වැඩ කටයුතු අද (16) උදැසන සුබ මොහොතින් ආරම්භ කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කල විමසීමකදීය.

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ලෙස තමාට පාර්ශ්ව කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත්, විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන බහුතර සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසා සිටියේය.

'' විජේදාස රාජපක්ෂ කියන්නේ ආණ්ඩුවේ කැබිනට් ඇමති කෙනෙක් . නිමල් සිරිපාල ලට විරුද්ධ අපි විජේදසට එකඟවෙන්න හේතුවක් නැනේ.. කොහොමටත් අපි ජනාධිපති අපේක්ෂකයෙක් ගැන තවම තීන්දුවක් අරගෙන නැහැ '' - තිලංග එහිදී කියා සිටියේය.

 
'කුමන්ත්‍රණකරුවන්ට පක්ෂය වළලන්නට ඉඩ දෙන්නේ නෑ' - තිලංග

වර්තමානයේ පක්ෂයට එරෙහිව කුමන බාධක සහ අභියෝග එල්ලවී තිබුණත් ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය හිමිකර ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික බලවේග රැගත් සන්ධානය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ පක්ෂ සභාපති ධුරයට එරෙහිව වාරණ නියෝගයක් ලබාගනිමින් සහ පාක්ෂිකයන් කිසිවෙකුට පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම වළක්වාලමින් එක්තරා පිරිසක් විසින් දියත් කර තිඛෙන කුමන්ත්‍රණය සැබෑ ලෙසම පක්ෂයට ආදරය සියලූ‍දෙනා දැඩි ලෙස හෙළා දකින බවත්, එවැනි කුමන්ත්‍රණවලින් පක්ෂය කඩා වැට්ටවීමට කිසිවෙකුට නොහැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.


මේ වනවිට පක්ෂ කාර්යාලය ඉබි යතුරු දමා වසා දැමීම ඇතුළු විවිධ උපක්‍රම දියත් කරමින් , පක්ෂය වළදැමීමට කිහිප දෙනෙකු උත්සාහ කළත් පක්ෂයට සැබෑ ලෙසටම ආදරය කරන සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඊට කිසිසේත්ම ඉඩ නොදෙන බවත්, ඔවුන් අවශ්‍ය අවස්ථාවේදී පක්ෂය වෙනුවෙන් පෙරට එන බව අද දවසේ ඔප්පුවූ බවත් තිලංග සුමතිපාල එහිදී කියා සිටියේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ හවුල්කාර පක්ෂවලට අයත් දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසාදමා තිබීමෙන් සිංහල දමිළ අලූ‍ත් අවුරුද්දෙන් පසු පාක්ෂිකයන්ට, සංවිධායකවරුන්ට සහ කාර්යාලයේ සේවක සේවිකාවන්ට පක්ෂයේ නායකයන් හමුවී සුබ මොහොතින් වැඩ රාජකාරි ආරම්භ කිරීමට තිබූ අවස්ථාව අහිමි කර තිබීම ඉතා කනගාටුවට කාරණයක් බවද තිලංග සුමතිපාල පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට එරෙහිව වාරණ නියෝගය ලබාගැනීමේදී ඉදිරිපත් කර ඇති කරුණු අතර, ඔහු පක්ෂයේ මතයට හෝ අභිවෘද්ධියට එරෙහිව ක්‍රියාකර ඇති බවට කිසිදු කරුණක් අඩංගු නොවන බවද ඔහු සදහන් කළේය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි විටෙකත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සමග එක්ව කටයුතු කිරීමට තීන්දු කර නොමැති බවත්, ඉදිරියේදීද එවැනි තීන්දුවක් නොගන්නා බවත් පැවසූ තිලංග සුමතිපාල, පක්ෂයේ එම තීන්දුවට පටහැනිව යමින් ආණ්ඩුව සමග එක්ව ඇමති ධුර ලබාගත් පිරිස පක්ෂය බිඳවැට්ටවීම පිණිස උපක්‍රමශීලී ලෙස කුමන්ත්‍රණ දියත් කර ඇති බවද ඔහු කියාසිටියේය.

මේ කුමන බාධා එල්ලවුවද ශ්‍රී ල්ංකා නිදහස් පක්ෂය කඩාබිඳ දැමීම සිදුකළ නොහැකි බව අතීතයේදීද පක්ෂය විසින් රට හමුවේ ඔප්පු කර ඇති බවද තිලංග සුමතිපාල මෙහිදී අවධාරණය කර සිටියේය.



සබැඳි පුවත් :
අධිකරණ ඇමති විජයදාසත් ජනාධිපතිවරණයට? - අලුත්ම තීරණය එළියට

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්