සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ
අභාවප්‍රාප්ත විය.

එතුමාගේ අවමගුල් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ඒ සඳහා අවශ්‍ය කටයුතු රාජ්‍ය පරිපාලන, ස්වදේශ  කටයුතු හා පළාත් සභා අමාත්‍යාංශය මගින් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ තොරතුරු අනුව වාර්තාවේ.

ඒ අනුව එතුමාගේ දේහය ප්‍රථමයෙන් මොරටුව සර්වෝදය මූලස්ථානයට ගෙන ගොස් මහජන ගෞරවය සඳහා තබා, ලබන සෙනසුරාදා දින නිදහස් චතුරශ්‍රයේදී අවමගුල් උත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.


සබැඳි පුවත :
සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්