ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

වෙත කැඳවා ඇත.


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උන්වහන්සේට දැනුම්දී ඇත්තේ අප්‍රේල් මස 19 වන සිකුරාදා උදෑසන 10ට CIDය වෙත පැමිණෙන ලෙසටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය III මගින් මෙම කැදවීම සිදුකර තිබේ.

ඉකුත් 2021 වසරේ දී දින 3 ක් සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කරනු ලැබූ අතර එහිදී උන් වහන්සේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ද ගොනු කරනු ලැබීය. 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්