දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා

චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුරකථන ඇමතුමක් දී සුබ පැතුම් පළ කර ඇත.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ චමරි අතපත්තුට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික කාන්තා ක්‍රිකට් කණ්ඩායමටම තම උණුසුම් සුබපැතුම් පළ කරන බවයි.

තවදුරටත් ලංකාව ලෝකය හමුවේ බැබලවීමට ධෛර්යය ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

 කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ඉහළම සාර්ථක ලකුණු හඹා යාමේ ලෝක වාර්තාව බිහි කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (අප්‍රේල් මස 17 වෙනිදා) සමත් විය.

එසේ දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට තීරණය කර ඇති බවත් එහිදී නායිකා චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන්ට ලැබෙන ආකාරයට එම මුදල් ත්‍යාගය පිරිනමන බවත් ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් විදේශගතව සිටීම නිසා මුදල් ත්‍යාගයේ වටිනාකම තවම ස්ථිර කර නොමැති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Chamari 195  

සබැඳි පුවත් :
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සුපිරි හඹා යෑම සහ චමරීගේ අද්විතීය පිතිකරණය

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්