ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ සක්‍රිය වී ඇති නාය යාමේ අවදානම් තත්ත්වය උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවූවක් නොවන බවට පලපුරුදු භූ විද්‍යාඥයන්

පිරිසක් විසින් සිදු කරන ලද පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පනපුරුදු භූ විද්‍යාඥයන් පිරිසක් එම ප්‍රදේශයේ ගවේෂණයක නිරත වීමෙන් අනතුරුව ඒ බව තහවුරු කරගෙන තිබෙන බවයි.

එම කඳුකර ප්‍රදේශයේ ජීවත්වෙන ජනතාවගේ අවිධිමත් භූමි පරිහරණය හේතුවෙන් ජලය ඒකරාශී වීමක් මෙම නාය යාමට හේතු වී ඇති බවට අනාවරණය වීමෙන් පසු එම ජලය ඉවත් කිරීමට කටයුතු කළ බවත් ඊට අමතරව එම ප්‍රදේශයේ බරපතල තත්ත්වයක් නොමැති බවද ජේෂ්ඨ මහාචාර්යවරයා අවධාරණය කළේය.

උමා ඔය ව්‍යාපෘතියේ බොහෝ ගැඹුරින් ගමන් කරන භූගත ජල මාර්ගයේ ජලය පොළොව මතුපිට පෘෂ්ඨයට පැමිණීමට තරම් පීඩනයක් ඇති නොවන බවත් එවැනි පීඩනයක් ඇති වුවහොත් එම ජලය නැවතත් ආරම්භක ජලාශය කරා නැවත ගමන් කරනු ඇති බවද මහාචාර්යවරයා පැවසීය.


කෙසේ නමුත් මහාචාර්යවරයා ස්ථීර ලෙසම පවසා සිටියේ උමා ඔය ව්‍යාපෘතිය භූගත ජල මාර්ගයේ එවැනි ජල පීඩනයක් ඇතිවීමට හේතු නොමැති බවයි.

ඒ පිළිබඳව එම ප්‍රදේශයේ ජනතාව බිය විය යුතු නොමැති බවත් මේ වන විට එම ප්‍රදේශයේ කිසිදු අවදානමක් නොමැති බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


(ada.lk -ෂේන් සෙනෙවිරත්න)


සබැඳි පුවත් :

උමා ඔය ව්‍යාපෘතිය : මලිත්තගොල්ලේ නාය යාම් විනාශයකින් නිමා වේද? - (රේණුකා දමයන්ති ගමගේ)

උමා ඔය ව්‍යාපෘතිය : 'වැස්ස නැතුව නාය යන්නේ උමගේ ලීක් එකක් නිසා බවට සැකයක් තියෙනවා'

උමා ඔය යෝජනා ක්‍රමය: ආණ්ඩුව සහ ජනතාව කියන්නේ කුමක්ද?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්