කොරෝනා මෘතදේහයන් ත්‍රස්තවාදීන් විසින් ජීව විද්‍යාත්ම අවියක් ලෙස භාවිතා කළ හැකි බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශන
අධිකරණ වෛද්‍ය (consultant forensic pathologist) සහ මළ සිරුරු කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍ය චන්න පෙරේරා පවසයි.
ඔහු එබව සඳහන් කර සිටියේ, BBC ලෝක සේවය (BBC WORLD SERVICE) ඔස්සේ ඊයේ (15) විකාශය වූ ලෝකප්‍රකට නිවුසඅවර් (Newshour) වැඩසටහනට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමිනි.
එහිදී ඔහු කියා සිටියේ කොරෝනා මෘතදේහයන් ආදාහනය කිරීමට රජය පියවර ගනු ලැබුවේ, වෛරසය අනවසර කටයුතු සඳහා භාවිතා කළ හැකිද යන්න පිළිබඳව තරමක බියක් ඇති නිසා බවය.
''සමහර විට අනවශ්‍ය පුද්ගලයෙකුට එවැනි දේහයක් ලබා ගැනීමට ඉඩ ඇති අතර එය ජීව විද්‍යාත්මක ආයුධයක් ලෙස භාවිතා කළ හැකි බව" ඔහු ප්‍රකාශ කර සිටියේය.
එම වැඩසටහනේ දී බිබීසී නිවේදකයා සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ් අතර පැවතියේ මෙවැනි සංවාදයකි.
'අපි ඉන්නේ බලවත් කනස්සල්ලෙන්'' - ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ්

Q : තම ආදරණීයයන් භූමදාන කරනවාට වඩා ආදාහනය කිරීමට සිදුවීම ගැන මුස්ලිම් ප්‍රජාවේ ප්‍රතිචාරය කුමක්ද?
A : කම්පනය, කේන්තිය සහ ශෝකය යන සියල්ල එකට මිශ්‍ර වෙලා. විශේෂයෙන්ම 30 වනදා ආදාහනය කළ පුද්ගලයා, ඔහු නීතියට අනුව භූමදාන කරනු ඇතැයි සියලු දෙනා අපේක්ෂා කළා.
Q : ආදාහනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව තුලින් මතුවන විරෝධතා මොනවාද?
A : ලොව පුරා රටවල් 182 ක් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් භූමදානය කිරීමට හෝ ආදාහනය කිරීමට අවසර දෙන මාර්ගෝපදේශ නිකුත් කර ඇති විට, වෙනත් ආකාරයකින් සිතන එකම රට ශ්‍රී ලංකාව බව පෙනවා.
Q : ඉතින් ඇයි ඔබ හිතන්නේ රජය මෙය කරනවා කියලා?
A : අප කතා කළ රජයේ වෛද්‍යවරු ප්‍රකාශ කලේ කොරෝනා වෛරසය පිළිබඳව තවමත් හරි හැටි නොදන්නා බවයි. නමුත් ආණ්ඩුවේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥයා ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසයට ජලය අපවිත්‍ර කිරීමට හෝ ජලයේ ජීවත් වීමට නොහැකි බවයි. එබැවින් මෙම පියවර පිටුපස ඇත්තේ කුමක්දැයි අපි දන්නේ නැහැ. නමුත් ඒ නිසා අපි බලවත් කනස්සල්ලෙන් ඉන්නේ.
Q : රජයේ හේතුව කුමක් විය හැකි යැයි ඔබ සිතන්නේද?
A : වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින කිහිප දෙනෙකුට ජාතිවාදී න්‍යාය පත්‍රයක් ඇති බව පෙනෙනවා. මුස්ලිම් ජාතිකයන් හට දිගින් දිගටම ජාතිවාදී ප්‍රහාර එල්ල වී තිබෙනවා. ඔබ දන්නවාද සමහර අය කියනවා මුස්ලිම් ජාතිකයන්ගේ කටවල් වහන්න ඕන කියලා. ඔවුන්ට ඕන විදිහට ඉන්න දෙන්න ඕන නැහැ. ඔවුන්ගේම ආගමික නීති තිබිය යුතු නැහැ. ඔවුන් සියල්ලන්ම පොදු නීතියකට යටත් විය යුතු බව. එබැවින් මෙය ඊට පෙර නිමිත්තක් විය හැකියි.
''වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින කිහිප දෙනෙකුට ජාතිවාදී න්‍යාය පත්‍රයක් ඇති බව පෙනෙනවා. මුස්ලිම් ජාතිකයන් හට දිගින් දිගටම ජාතිවාදී ප්‍රහාර එල්ල වී තිබෙනවා. ''
Q: මේ වන විට සිදුවූ මරණ හතෙන් තුනක්ම මුස්ලිම් ජාතිකයන්. සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්ගේ ප්‍රමාණය අනුව එය ඉහළ සංඛ්‍යාවක් බව පෙනෙනවා.
A : එය සත්‍ය ප්‍රකාශයක්. මියගිය මෙම පුද්ගලයින්ගෙන් බහුතරයක් රජය විසින් මේ සඳහා ස්ථාපිත කර ඇති විශේෂිත ඒකක වෙත වාර්තා නොකර පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට උත්සාහ කර තියනවා.
Q : මා වටහා ගත් පරිදි, මරණයෙන් පසු මුස්ලිම් ජාතිකයින් සිරුරු සෝදාගෙන ආවරණයකින් ඔතා ගන්නවා. කිසියම් හානිකර අවශේෂ තුලින් ඇතිවන ආසාදනයක් වැළැක්වීම සදහා මෙන්ම එය සිදුකරන පුද්ගලයින්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂිත උපකරණ පැළඳිය යුතු බවට උපදෙස් ලබා දී තිබෙනවා. මේ ක්‍රියාවලිය නිසාකාරව ඉටු කිරීමට නොහැකි වුනොත් භූමදානය කිරීමෙන් කුඩා අවදානමක් ඇති වීමට ඉඩ තිබෙනවා නේද ?
A : ජීවතුන් අතර සිටින මුස්ලිම් ජාතිකයන් හට මළවුන් සම්බන්ධයෙන් යම් යම් වගකීම් තිබෙනවා. පළමුව, ශරීරය සේදිය යුතුය. දෙවනුව සුදු රෙදිවලින් ආවරණය කල යුතුය. තෙවනුව යාඥාව සහ ඉන්පසු භූමදානය කිරීමයි.
අපිට සේදීමට අවශ්‍ය නොවන බව අපි බලධාරීන්ට ඉතා පැහැදිලිව දන්වා සිටියා. අපිට ඒවා සුදු රෙද්දකින් වැසීමට අවශ්‍ය නැහැ. එම සිරුර මුද්‍රා තැබූ මෘතදේහ දමන (Body Bag) ලබා දිය හැකි බව කිව්වා. ඒ විතරක් නෙවෙයි බලධාරීන්ට භූමදානය සිදු කරන්නත් පුළුවන්.
අපට අවශ්‍ය වන්නේ මළවුන් උදෙසා යාඥා කීරීමට මිනිත්තු තුනක කාලයක් ලබා දීම පමණයි. මෙය අපට මීටර් පනහක දුරින් වුනත් කළ හැකියි. නමුත් අපට භූමදානය කිරීම නම් වැදගත්. රෝහල් හෝ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් භූමදානය සිදු කළ හැකියි. ඒ සඳහා මුස්ලිම් ජාතිකයින් සම්බන්ධ විය යුතු නැහැ.
Q : ඔබ මේ දේවල් කිරිමිට සුදානමින් සිටියාද? මේවා බලධාරීන් වෙත යෝජනා කරාද?
A : අපි ඉදිරිපත් කළා. නමුත් අපි ඊටත් වඩා දේවල් යෝජනා කරා. ඔවුන් ඕනෑම ආකාරයක අපවිත්‍ර වීමකට ඇති බිය නිසාම අපි මිනී පෙට්ටිය පවා කොන්ක්‍රීට් කිරීමට සූදානම්ව සිටියා.
සබැඳි පුවත් :
කොරෝනා මෘතදේහ භූමදානය නොකිරීමේ නිර්දේශ නැවත සලකා බැලීමට එකග වෙයි!
මුස්ලිම් විරෝධී වලදැමීම් හා වෛර කතා නවතන පියවර ගන්නා මෙන් එක්සත් ජාතීහු ඉල්ලති






