කුරුණෑගල මඩහපොල දී අද (ජූලි 07) දින අගමැති මහින්ද රාජපක්ෂගේ සේවකයකුට මෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ රථයකට හා රියදුරකුට නාදුනන පිරිසක් විසින් පහර දී ඔවුන්ව පැහැර ගෙන ගොස්

ඇතැයි වාර්තාවේ.

අනතුරුව වහාම පොලිසිය දැනුවත් කීරීමෙන් පසුව පොලිසිය විසින් මාර්ග බාධක යොදා සැක කටයුතු පුද්ගලයින් හා වාහනය අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබේ. ඔවුන් 'පොහොට්ටු' පක්ෂයෙන් ම තරඟ කරන ටී.බී. ඒකනායක හිටපු අමාත්‍යවරයාගේ ආධාරකරුවන් බවට හඳුනා ගෙන තිබේ.

හෙට (ජූලි 08) හා අනිද්දා (09)  දෙදින තුල අගමැති මහින්ද රාජපක්ෂ මහා සංඝරත්නය බැහැ දැකීම සදහා නියමිත උත්සවයක ආරාධනා පත් බෙදා හැරීමට යාමේ දී මෙම පහර දීම හා පැහැරගැනීම සිදු ව ඇත.

ආරාධනා පත්‍ර බෙදා දීම සිදු කල අගමැතිවරයාගේ සේවකයා ගමන් කළ වෑන් රථය හරස් කළ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි නාදුනන පිරිසක්, එහි රියදුරුට හා අගමැති වරයාගේ සේවයාට දැඩි ලෙස පහර දී පැහැර ගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් නිකවැරටිය බල ප්‍රදේශයට අයත් පන්සියගම පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.

පහරදුන් පුද්ගලයින්, ''ටී.බී ඒකනායකගේ බල ප්‍රදේශ තුළ කිසිවකුට ඡන්ද ව්‍යපාරය කිරිමට නොහැකි බවට'' තර්ජනය කොට දැඩි ලෙස පහර දී පැහැර ගත් බව එම රියදුරු සහ අගමැතිවරයාගේ සේවකය පොලිසියට පවසා ඇත.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු මේවනවිට පොල්පිතිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

තවද පහර දීම සදහා පිරිස රැගෙන පැමිණි ඩිෆෙන්ඩර් රථය රාජ්‍ය ආයතනයක වාහනයක් හා එහි අංක තහඩු මාරු කර ඇති බවට ද පැමිණිලි කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩි දුරටත්  විමර්ශන පවත්වයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්