මෙම වසරේ මුල් මාස හතර තුළ රටේ ආදායම දිනකට රුපියල් කෝටි 394ක් වී ඇති අතර එම කාලයේ ණය වාරික සහ පොලී ගෙවීමට

ආදායම මෙන් දෙගුණයකට ආසන්න රුපියල් කෝටි 777ක් දිනකට දරා ඇත.

වසර මැද රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාව 2020 මඟින් මේ බව අනාවරණය වේ.

දිනකට රාජ්‍ය ණය පොලිය ගෙවීමට පමණක් රුපියල් කෝටි 278ක් වැය වී ඇති අතර ණය වාරික ගෙවීමට දිනකට රුපියල් කෝටි 499ක් වැය වී ඇත.

ණය වාරික සහ පොලිය ගෙවීමේ වියදම් මෙසේ විශාල වශයෙන් ඉහළ යමින් තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන මෙය ක්‍රියාත්මක කිරීමෙන් පසුගිය වසරට වඩා රාජ්‍ය ආදායම රුපියල් කෝටි 12,139කින් බිඳවැටී ඇත.

පසුගිය 2019 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා රාජ්‍ය ආදායම රුපියල් කෝටි 59812ක් වී ඇති අතර එම කාලය තුළ මෙම වසරේ එය රුපියල් කෝටි 47673ක් දක්වා පහත වැටී ඇත.

 

ආර්ථිකය සෘණ අගයකට බැහැලා !

Economy Down 2020

2020 වසරේ ශ්‍රී ලංකාවේ පලවෙනි කාර්තුවට අදාල දළ දේශීය නිෂ්පාදිත (Gross domestic product, GDP)  සඳහන් වාර්තාව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් අගෝස්තු 04 දා (මහ මැතිවරණයේ ඡන්ද විමසීමට පෙරදා මධ්‍යම රාත්‍රීයේ) පත්කරනු ලැබූ අතර ඒ අනුව පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදනය සෘණ 1.6 ක් ලෙස වාර්තාවේ.

දළ දේශීය නිෂ්පාදිතය (Gross domestic product, GDP) යනු රටක නිශ්චිත කාල සීමාවක් තුළ නිපදවන සියලුම භාණ්ඩ හා සේවා වල වෙළඳපල වටිනාකම පිළිබඳ වටිනාකමයි.

සෑම වසරකම පළමු කාර්තුවට අදාල දළ දේශීය නිෂ්පාදනය වාර්තාව කාර්තුව අවසන් වී උපරිම වශයෙන් දින 75ක් තුලදී එනම්, ජුනි මැදට පෙර ප්‍රකාශයට පත් කිරීම මෙතෙක් අනුගමනය කල රීතියයි.

කොරෝන වසංගත තත්ත්වය තුල යම් පමාවක් සිදුවී නම් අඩුම තරමින් එම වාර්තාව ජුලි මැද හෝ ප්‍රකාශයට පත්කළ යුතු විය.

එහෙත් ආණ්ඩුවේ ඉහලින් ලැබුන නියෝගයක් මත එම වාර්තාව මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නිමවන තෙක් ප්‍රකාශයට පත් නොකිරීමට පියවර ගෙන තිබිණ.

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව, අගමැති මහින්ද රාජපක්ෂගේ මුදල් අමත්‍යංශය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.

 

ආණ්ඩුවේ නොහැකියාව හා අදුරදර්ශී මුල්‍ය කළමනාකරණය :

WhatsApp Image 2020 08 05 at 8.03.19 AM

මෙසේ දළ දේශීය නිෂ්පාදනය සෘණ අගයක් ගැනීමට කොරෝනා වසංගත තත්වයේ කිසිඳු බලපෑමක් නොමැත. අපේ රටේ පළමු කාර්තුව ලෙස සලකන්නේ ජනවාරි 01 දින සිට මාර්තු 31 වෙනිදා දක්වා කාලයයි. කොවිඩ් වසංගත තත්වය නිසා රට සති කිහිපයකය අක්‍රිය වුයේ 2020 මාර්තු 20 වන දිනෙන් පසුවය.

 වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වූ වහාම 2019 දෙසැම්බර් මස සිට බදු පහත හෙලීය.

එසේ, රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ වහාම ක්‍රියාත්මක කළ අදුරදර්ශී මුල්‍ය කළමනාකරණයේ බරපතල ප්‍රතිවිපාක ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවෙන් ද තහවුරු වේ.

රට ආර්ථික වශයෙන් මෙවැනි බිහිසුණු තත්වයකට පත්වී ඇති නමුත් එම ණය පියවීමට ප්‍රමුඛතාවය දෙනවා වෙනුවට ආණ්ඩුව 20වෙනි ව්‍යවස්ථා සංශෝධනය රට හමුවේ තබා ඇත.

(මූලාශ්‍රය - Lanka Truth)

සබැඳි පුවත් :

රාජ්‍ය ආදායම පල්ලම් බසී ! - භාණ්ඩාගාරය හා මහ බැංකුව එළිපිට ගැටෙති !! 

ලංකාවේ ආදායම් තත්වය ඇල්ජීරියාව හා සුඩානයේ තරමටම කඩා වැටිලා! 

ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි 

අර්බුදයේ අවධානම නොසලකා ඉඳීම - වික්ටර් අයිවන් 

ශ්‍රී ලංකාව තව තවත් ණය උගුලේ සිරවන ලකුණු: කෝටි 2,05,000 ක ණය ගනී!! - අනිද්දා 

'ජනාධිපති ගෝඨාට ආර්ථික දැක්මක් නැති බව තහවුරු වෙලා' - සැබෑ දේශප්‍රේමියෝ 

නැවත කියමි - “මෙහෙම යා නොහැක” -කුසල් පෙරේරා 

මුල්‍ය අර්බුදය එන්න එන්නම බරපතලයි : රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් බැංකු අයිරාව කෝටි 25,100 යි

රජයේ ණය බිලියන 14,000 ඉක්මවයි. මාස 04ක දී බිලියන 993කින් ඉහළට

දළ දේශීය නිෂ්පාදන වාර්තාව මැදියම් රාත්‍රීයේ නිකුත් වේ :  කොරෝනා ඒමටත් පෙරම ආර්ථිකය සෘණ අගයකට බැහැලා ! - ඡන්ද ප්‍රචාරය අවසන් වනතෙක් වාර්තාව සඟවා ගෙන ඉඳලා !! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්