හිටපු අමාත්‍යවරයකු වන මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය සඳහා පත් කිරීම පිළිබඳව තමන් වහන්සේ බලවත් සේ සතුටට

පත්වන බව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ධර්මවිජය විහාරාධිපති ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නාහිමියන් පවසයි.

මිලින්ද මොරගොඩ ජාත්‍යන්තර සබදතා රැසක් තිබෙන දක්ෂ පරිපාලකයෙක් බවත් ඒ වගේම හොඳ බෞද්ධයෙකු බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

මොරගොඩට ඇමරිකාවේ ඉහල පෙලේ නිලධාරීන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතා තිබෙන බව පෙන්වා දෙන උන්වහන්සේ ඉන්දියාවේ ශ්‍රී ලංකා කොමසාරිස් ධුරයට සුදුසුම පුද්ගලයා ඔහු බව අවධාරණය කර සිටියි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා කොමසාරිස් ධුරයට යන රාජ්‍යතාන්ත්‍රිකයා හොඳ බෞද්ධයෙකු මෙන්ම දක්ෂ පරිපාලකයෙකු විය යුතු බවත් ඒ සුදුසුකම් සියල්ල මොරගොඩ සපුරා තිබෙන බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා කොමසාරිස් ධුරයට යන රාජ්‍යතාන්ත්‍රිකයා හොඳ බෞද්ධයෙකු මෙන්ම දක්ෂ පරිපාලකයෙකු විය යුතු බවත් ඒ සුදුසුකම් සියල්ල මොරගොඩ සපුරා තිබෙන බව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ධර්මවිජය විහාරාධිපති ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නාහිමියන් පවසයි.''

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය පුරාම මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය සඳහා පත් කිරීම පිළිබඳව මහා සංඝරත්නයේ මෙන්ම දේශපාලන නියෝජිතයින් ඇතුළු ජාතික බලවේග වල විරෝධය පලව තිබිණ.

 උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ලව්ස්පිකර් දේශනය !

පසුගිය පොහෝදිනයේ අරලියගහ මන්දිරයේ පැවති ධර්මනුශාසනයේ දී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්, මිලින්ද මොරගොඩ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්