‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම

පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත්, එම වගන්තිය ඉවත් කර ගැනීමට එක්ව ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමඟ පැවති සාකච්ඡාවේදී කතාබස් කළ බවත් ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශකර සිටියි.

අද (20) සවස රාජගිරියේදී ජාතික නිදහස් පෙරමුණේ නායකයන් සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් අතර පැවති එම සාකච්ඡාවේ දී ගෝලීය හා කලාපීය දේශපාලන ප්‍රවණතා පිළිබඳව ද සාකච්ඡා වූ බව වීරවංශ අමාත්‍යවරයා කියා සිටියි.

wimal DEw

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, යම් ද්විත්ව පුරවැසියකුට ජනාධිපති, අගමැති, ඇමතිවරයෙකු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මෙරට දේශපාලනයේ සක්‍රිය භූමිකාවක් ඉටු කිරීමට උවමනා නම් වෙනත් රටක් සමඟ තිබෙන බැඳීම්, පක්ෂපාතීභාවය අතහැරිය හැකි විය යුතු බවත් එම බැඳීම් සහ පක්ෂපාතීත්වය ඇතිව ඉහත ධුර දැරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ය.

දැනට ‘ද්විත්ව පුරවැසි බාධකය’ පවතින්නේ පාර්ලිමේන්තු හෝ වෙනත් මහජන නියෝජිත ධුරයක් දැරීමට වුවත් එය තානාපති ධුර, අමාත්‍ය ලේකම් ධුර, මහ බැංකු අධිපති ධුරය වැනි ධුරවලට ද අදාළ වන සේ පැවතිය යුතු බවත් මෙහිදී ඔහු අවධාරණය කළේය.

එය රටට හිතකර දෙයක් මිස අහිතකර දෙයක් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Dew Gමෙහිදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ඩියු ගුණසේකර සඳහන් කළේ 20 වැනි සංශෝධනය, ඉදිරි අය - වැය හා ගෝලීය හා කලාපීය දේශපාලන ප්‍රවණතා පිළිබඳව මෙරට ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ දෙකක් ලෙස සාකච්ඡාව පැවැත්වූ බව ය.

ඉදිරි දින දෙක තුළදී ‘ද්විත්ව පුරවැසිභාවය’ පිළිබඳව 20 වැනි සංශෝධනයේ පවතින වගන්තිය පිළිබඳව ඒකාබද්ධව පියවර ගැනීමට මෙම සාකච්ඡාවේදී එකඟ වූ බව ද ඔහු තහවුරු කළේය.

මෙම සාකච්ඡාව ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් එස්. විජේසිරි, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, දේශපාලන මණ්ඩල සභික, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් එස්. සුදසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

WW news

මහජන විරෝධයට කන්දී 20 වැනි සංශෝධනයට යම් සංශෝධන එකතු කරන බවට ඊයේ දින අමාත්‍ය මණ්ඩලයේදී ඇතිකරගත් බව කියන එකඟතාවය පිළිබඳව යම් අමාත්‍යවරුන් සහ මාධ්‍යවේදීන් විසින් ප්‍රකාශ කළ අදහස් පිළිබඳව ආණ්ඩුවට පක්ෂපාති 'ජාතික සංවිධාන' වලට බරපතල සැකයක් මතුව ඇත.

ජනාධිපතිවරයා ඊයේ (19) කැබිනට් මණ්ඩලයේ දී පිළිගත් බව කියන කොන්දේසි ඉටු නොවන්නේනම් පාර්ලිමේන්තු කාරක සභා අවස්තාවේදී අදාළ සංශෝධන පරාජය කළ යුතු බව ජාතික සංවිධානවල ස්ථාවරය වී තිබේ.

'ලංකා ලීඩ්' කළ විමසීමකදී  ජාතික සංවිධාන ප්‍රධානියකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේ සඳහන් කර ඇත.

Bandara Wasantha''නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ සංශෝධන වලට අමතරව තවදුරටත් සංශෝධන සිදු කිරීමට ජනාධිපතිතුමා එකඟ වූ බවට විවිධ පාර්ශව වලින් කියන ප්‍රකාශ මහජනයාට එකවරම පිළිගන්නට බැහැ.

 ඊට හේතුව 20 වැනි සංශෝධනයට අදාළව ආණ්ඩුව විවිධ අවස්ථාවල විවිධ ප්‍රකාශ කරමින් තමාට උවමනා දේම කිරීම සඳහා දැඩි උත්සහායක් ගන්නා බව ඉතා පැහැදිළිව පෙනී යාමයි.

එනිසා පළමුව එසේ සංශෝධනය ඉදිරිපත් කරන බවට මහජනයාට ලබා දෙන පොරොන්දුව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් ලබා දිය යුතුයි.

දෙවනුව අදාළ සංශෝධන අංග සම්පූර්ණ ලෙස හෙවත් වගන්ති ලෙස ලිඛිතව මහජනයාට ඉදිරිපත් කළ යුතුයි.

පාර්ලිමේන්තු කාරකසභා අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 225 කට වාචිකව කියන දේට වඩා මහජනයාට ලිඛිතව දෙන දේ ගැන වැඩි විශ්වාසයක් තැබිය හැකියි.

 

තවත් කොන්දේසි කිහිපයක් !

ඊට අමතරව ජාතික සංවිධාන හැටියට තවත් කොන්දේසි කිහිපයක් තිබෙනවා ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට.

විගණන පනත බලාත්මක කරන කථාව වැඩක් නැහැ. ඒක දැනුත් කොහොමත් බලාත්මකයි. ඒ සඳහා නව ප්‍රතිපාදන අවශ්‍ය නැහැ. ඒ නිසා ඒ දියැරු කථා වෙනුවට පවතින ව්‍යවස්ථාවේ 154(1) සහ 154(2) වගන්ති සංශෝධනය නොකරන බව පැහැදිළිව ප්‍රකාශ කළ යුතුයි.

හදිසි පනත සම්මත කිරීමේ ප්‍රතිපාදනය ඉතා භයානකයි. ජාතික ආරක්ෂාවට අදාළව හදිසි පනත් වලට ඉඩ දීම වඩා භයානකයි.

''හදිසි පනත සම්මත කිරීමේ ප්‍රතිපාදනය ඉතා භයානකයි. ජාතික ආරක්ෂාවට අදාළව හදිසි පනත්වලට ඉඩ දීම වඩා භයානකයි.''

ඊට හේතුව ජාතික ආරක්ෂාව නැති කරන හෝ වැඩි කරන පනත් වර්ග දෙකම ඒ යටතට අයත් වීමයි.

සුනාමිය හෝ කොවිඩ් වසංගතයේදී නව හදිසි පනත් අවශ්‍ය වුනෙත් නැහැ.

ජාත්‍යන්තර ගිවිසුමකට අදාළ පනතක් වැටෙන්නේ ජාතික ආරක්ෂාව යන ලේබලය යටතට.

ඒ නිසා ජාත්‍යන්තර ගිවිසුමක් වන MCC පනත් හදිසි පනතක් ලෙස ගෙන ඒමට හැකියි. ඒ නිසා එය ඉවත් කළ යුතුමයි.

ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කරල හරියන්නේ නැහැ. එය මහ බැංකුවේ අධිපතිට, නීතිපතිට, පොලිස්පතිට, හමුදාපතිවරුන්ට සහ තානාපතිවරුන්ට පැනවිය යුතුයි. එය අත්‍යවශ්‍යයයි.

''ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කරල හරියන්නේ නැහැ. එය මහ බැංකුවේ අධිපතිට, නීතිපතිට, පොලිස්පතිට, හමුදාපතිවරුන්ට සහ තානාපතිවරුන්ට පැනවිය යුතුයි. එය අත්‍යවශ්‍යයයි.''

අමාත්‍ය මණ්ඩලය 30 කට සීමා කිරීම තිබ්බත් එකයි නැතත් එකයි. තිබූ දේ ඉවත් කරලා මහජන විරෝධය සමනය කරන්න නැවත ඇතුල් කිරීම අගය කළ යුතු දෙයක් නොවේ.

19 වැනි සංශෝධනය සම්මත කිරීමේදී විජේදාස රාජපක්ෂ මහතා විසින් සිදු කළ බලහත්කාරය අලි සබ්රි මහතා මඟින් සිදු කිරීමට අදහසක් තිබේ නම්, එනම් රැවටිලිසහගතව හෝ බලහත්කාරයෙන් සංශෝධන සම්මත කිරීමට යමෙකුට අදහසක් තිබේනම් එම අදහස ඉවත් කර ගැනීමද ආණ්ඩුවට ඉතා යහපත් වනු ඇත.

එම කොන්දේසි ඉටු නොවන්නේනම් පාර්ලිමේන්තු කාරක සභා අවස්තාවේදී අදාළ සංශෝධන පරාජය කළ යුතු බව අපගේ පිළිගැනීමයි.

එසේ නොමැතිව ආණ්ඩුව තුල සිටින 20විරෝධී ජාතික බලවේගය ආණ්ඩුව විසින් කපන බොරු වලට වැටුනහොත් ඔවුන් සියලු දෙනා දේශපාලන අනාතයින් වන බවට අපට නම් කිසිදු සැකයක් නැත.

''ආණ්ඩුව තුල සිටින 20විරෝධී ජාතික බලවේගය ආණ්ඩුව විසින් කපන බොරු වලට වැටුනහොත් ඔවුන් සියලු දෙනා දේශපාලන අනාථයින් වන බවට අපට නම් කිසිදු සැකයක් නැත.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්