ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට සුදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ,

ආණ්ඩුවේ තවත් මැති ඇමතිවරුන් තිදෙනෙකුට වෙන වෙනම දැනුම්දී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.

අගමැතිවරයා එසේ දැනුම්දීම් කර ඇත්තේ, රාජිත සේනාරත්න, චම්පික රණවක හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් වෙතය.

මිට පෙර අවස්ථා දෙකකදීම (2010 හා 2015) පරිදි මෙවරද ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නැයි එජාප නායකයාට පක්ෂයේ අභ්‍යන්තරයෙන් බලපෑම් එල්ලවී ඇති අතර එම බලපෑම් දැඩි වුවහොත්, එක්සත් ජාතික පක්ෂයෙන් පිට අයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට අගමැතිවරයා දැනටමත් තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිවසටම ගොස් ඔහුට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර තිබිණ. එහෙත් ඒ සම්බන්ධයෙන් එජාප අභ්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ලවූ අතර ඉහත නම් සඳහන් එජාපෙ මැති ඇමතිවරුන්ට සුදානම් වන්නැයි අගමැතිවරයා දැනුම්දී ඇත්තේ ඉන් අනතුරුවය.

 

රනිල් අගමැති සිහිනයක!

අගමැතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එජාප නායකයාගේ මුලික අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නොව පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනීමයි. මෙවරද පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කර අගමැති ධුරය ලබාගැනීම ඔහුගේ උපාය වී ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාගේ බලතල සීමාවී අගමැතිවරයා බලතල ඉස්මතුව තිබේ.

මේ අතර මේ සති අන්තයේ (ජුලි 07) 'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇත්තේ, එජාප නායක රනිල් වික්‍රමසිංහ එලැඹෙන ජනාධිපතිවරණයට තරඟ නොකරන තත්වයක් උදාවී ඇති බවයි. සජිත් ප්‍රේමදාස, කරු ජයසුරිය, පාඨලී චම්පික රණවක යන අයගෙන් කෙනෙකුට අපේක්ෂකයා වීමට රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදය ලැබෙන තත්වයක් දැන් පක්ෂය තුල උදා වී ඇතැයි එම පුවත් වාර්තාවෙන් අවධාරණය කර තිබේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදය යටතේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවට ඇමති මංගල සමරවීර පසුගියදා සමාජ මාධ්‍යය වෙත වීඩියෝ පටයක් නිකුත් කිරීමත් සමග එම යෝජනාව එජාප ජ්‍යෙෂ්ඨයින් මෙන්ම එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අති බහුතරයක් විසින් ද අනුමත කර තිබේ.

කෙසේවුවද කරු ජයසුරිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව එජාප උප නායක රවී කරුණානායකගේ අදහස වී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. එසේම, තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් ඊට වඩාත් ම සුදුස්සා කරු ජයසුරිය බව රාජිත සේනාරත්න හා චම්පික රණවක අමාත්‍යවරුන්ගේ අදහස වී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

එසේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීමට දායක වූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් බහුතරයකගේ අදහස වී ඇත්තේ ද ජනාධිපති අපේක්ෂකයා ලෙස කරු ජයසුරිය ඉදිරිපත් කලයුතු බවයි.

Sajith karu

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හෝ කතානායක කරු ජයසුරිය ඉදිරිපත් කරන්නැයි මලික් සමරවික්‍රම හා එම පක්ෂයේ නායකයින් කිහිප දෙනෙකුම අගමැතිවරයා ගෙන් ඉල්ලීම් කර තිබුන ද ඔහු එම ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කර තිබිණ.

රාජපක්ෂවරුන් යළි බලයට පත්වීම වලක්වා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම වඩාත් සුදුසු බවට අමාත්‍ය මංගල සමරවීර පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් 'ද ලීඩර්' වෙත අදහස් දැක්වූ යහපාලන ආණ්ඩුවේ සිටී ශ්‍රීලනිප ඇමතිවරයකු පැවසුයේ, සජිත් හෝ කරු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොකරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට සහතික වී ඇති බවයි.

 

රාජපක්ෂලාගේ මතවාදයට අභියෝග කළ හැකි යු.එන්.පී.කාරයා ?

මේ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම දේශපාලන විචාරකයකු වන කුසල් පෙරේරා ට්විටර් සටහනක් තබමින් මෙසේ සඳහන් කර ඇත.

''සිංහලෙන්ම කිව්වොත් රාජපක්ෂ දේශපාලනයට අභියෝග කළ හැකි එකම නිර්භය දේශපාලනඥයා යු.ඇන්.පිට ඉන්නෙ මංගල විතරයි. එයාව ජනාධිපති අපේක්ෂක කළොත් සටනක් දෙන්න පුළුවන්''

post 11 

post 111 

සබැඳි පුවත් :

මංගල, ධම්මික 'හයර්' කිරීමේ රනිල්ගේ ව්‍යාපෘතිය 'බ්ලාස්ට්' කරයි !

'රනිල්ගේ ආශීර්වාදයෙන් සජිත් ජනපති කරනවා' - මංගල (VIDEO)

රනිල්ගේ අලුත්ම 'ගේම' - 'ධම්මික පෙන්නා එජාපය බියගැන්වීම'

UNP අපේක්ෂකයා : "ධම්මික නොවේ" - ඇමති අජිත් රහසක් කියයි

UNP ජනාධිපති අපේක්ෂක: මංගල ඇයි කලබල? - ධම්මික පෙරේරා විමසයි

එජාප අපේක්ෂකයා ධම්මික ද ? : ඇත්ත-නැත්ත මංගල කියයි (වීඩියෝ)

'මම ජනාධිපතිවරණයට එනවා'' - ධම්මික පක්ෂ නායකයින්ට දැනුම් දේ !

එජාප පසුපෙලින් වෙඩි මුරයක්! - ජනපති අපේක්ෂකයා රනිල් ද? සජිත් ද?

''පොදු අපේක්ෂක කතා බොරු. යූ.එන්.පී. අපේක්ෂකයා පක්ෂයෙන්මයි''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්