ගෝඨාභය රාජපක්ෂ විසින් මේවනවිට ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඇති බවත් ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ඔහු

නියත වශයෙන්ම මේ වසර අගදී ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් දිව්රුම් දෙනු ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු වන මහින්දානන්ද අලුත්ගමගේ 'ද ලීඩර්' වෙත පැවසිය.

Mahindanandaඔහු එබව අවධාරණය කර සිටියේ, ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුරවැසියන්ගේ නම් ඇතුළත්කොට අප්‍රේල් - ජූනි කාර්තුවට අදාළව ඇමෙරිකානු ‌දේශීය ආදායම් සේවය සකස් කර ඇති වාර්තාවට ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් කොට නැතැයි සති අන්ත 'අනිද්දා' පුවත්පතේ පලවී තිබු වාර්තාව උපුටා දක්වමින් 'ද ලීඩර්' හි ඊයේ (ජුලි 19) පළවූ 'ඇමරිකානු ලැයිස්තුවේ ගේඨාගේ නම නෑ' යන ශීර්ෂයෙන් යුතු ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක නඩු හේතුවෙන් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කිරීමේ සුදානමක් ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් විමසීමේදී මහින්දානන්ද මන්ත්‍රීවරයා පැවසුයේ, වෙනත් කිසිඳු අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් සාකච්ජාවක් සිදු නොවන බවත් එකම අපේක්ෂකයා, දිනන අපේක්ෂකයා ගෝඨාභය පමණක් බවයි.

නලින් සිල්වාට සැකයක් !

Nalindasilva 

මේ අතර ගෝඨාභය රාජපක්ෂට එරෙහි පැමිණිලි මත ඔහුව අත්අඩංගුවට ගැනීමට ඇති අවධානම පිළිබඳව
සැක මතුකරන ආචාර්ය නලින් ද සිල්වා, ගෝඨාභය ගැන පමණක් බලාපොරොත්තු නොතබා විපක්‍ෂය වෙනත් ජනාධිපති අපේක්‍ෂකයකු ගැනත් සොයා බලන්නැයි පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන්ට යෝජනා කර තිබේ.

විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යනු ලබන lankaleadnews.com වෙබ් අඩවියේ ''ගෝඨාභයගේ අනාගතය'' යන ශීර්ෂයෙන් යුතු වාර්තාවේ එබව සඳහන් වේ.

එම පුවත් වාර්තාවට අනුව ජාතික චින්තනයේ ප්‍රධානි ආචාර්ය නලින් ද සිල්වා මෙසේද සඳහන් කර ඇත.

''තව මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ගෝඨාභය ඉදිරිපත් වීම වැළැක්වීමට ආණ්ඩුවේ මෙන් ම විපක්‍ෂයේත් කිහිප දෙනකු කටයුතු කරන බව පේන්න තියෙනවා. ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ඇතැමුන් උත්සාහ කරන බව පේන්න තියෙනවා. මේ සෑම දෙයක් ම එක් සැලසුමක් පරිදි සිදුවෙන දේ වෙන්න පුළුවන්..

මා කලක සිට කියන්නේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති ඉඩකඩ අඩු බවයි. ඒ සඳහා විවිධ හේතු තියෙනවා. ඒ සියල්ල දේශපාලනඥයන්ගෙ පෞද්ගලික හේතු. රට ගැන බලා ගන්න තීරණ නැහැ.

පොහොට්ටුවත් ශ්‍රී ලනිපයත් අතර තවම එකඟත්වයක් නැහැ. පොහොට්ටුවේ බොහෝ දෙනාට තමන් ගැන ම අධිතක්සේරුවක් තියෙනවා. විපක්‍ෂයට තවමත් ඇති එක ම වාසිය එ ජා පක්‍ෂයේත් කුළල් කා ගැනීමක් පැවතීමයි.

සබැඳි පුවත් :

ඇමරිකානු ලැයිස්තුවේ ගේඨාගේ නම නෑ !

ඇමරිකාව අත්හරින්න ගෝඨාට මාසයක්!

ගෝඨා 'බාධකයක්' ජයගනී! - ඇමරිකාවෙන් සහතිකයක්!

'බැසිල් නැතත් පෙහොට්ටුව නැතත් ගෝඨාට දිනන්න පුළුවන්' - නලින් ද සිල්වා

එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ -නලින් ද සිල්වා

මහින්දට කනේ පාරක් : 'අපි ගෝඨාව තෝරලා ඉවරයි''- නලින් සිල්වා කියයි (වීඩියෝ)

ගෝඨාභයට එන්න බැරිවුනොත් මොකද කරන්නේ ? - නලින් ද සිල්වාගේ විග්‍රහයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්