මෙරට ද්‍රවිකෘත ස්වභාවික වායු හෙවත් LNG වෙළෙඳපොළට ප්‍රවේශවීමට ඉඩ ලැබෙන පරිදි ඇමරිකාවේ නිව්පෝට්‍රෙස් සමාගම සමග ගිවිසුම් අත්සන් කිරීම ඇතුළු ඊට අදාල ගැටළු පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී
කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා බවට ජනාධිපතිවරයා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට පොරොන්දු වී තිබුනද ඒ පිළිබඳව කිසිඳු කතාබහකින් තොරව  අද (24) පවතී ආණ්ඩු පක්ෂ රැස්වීම නිමාවට පත්ව තිබේ.
 
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (24) පස්වරුවේ පැවතියේ ජනාධිපති මන්දිරයේ දිය.
 
 
 යුගදනවි බලගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට අදාල කිසිවක් හෝ මෙම රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුලත් නොවීම විශේෂ කාරණයකි.
 
ඉදිරියේදී ඉදිරිපත් කරන අයවැය සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කරුණු පැහැදිලි කිරීමක් කර ඇති අතර ඊට අදාල විසර්ජන පනත් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම් සජිත් ආටිගල විසින් විස්තරයක් ඉදිරිපත්කර ඇත. 
 
වෙනත් යෝජනා සාකච්ජාවට ගත් අවස්ථාවේදී අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන හා පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ආණ්ඩු පක්ෂය තුල තිබිය යුතු සමගිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. මේ තීරණාත්මක අවස්ථාවේදී ආණ්ඩුවේ කිසිවකු හෝ ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු කිරීමෙන් වැලකි
සිටිය යුතු බව එම බැසිල්වාදීන් දෙදෙනා අවදාරණය කර තිබේ.
 
වහාම ඊට ප්‍රතිචාර දක්වා ඇති වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා, තමාට වසර 50කට වැඩි දේශපාලන අද්දැකීම් ඇති බවත්, ඕනෑම ආණ්ඩුවකට හෝ දේශපාලන ව්‍යාපාරයකට සාර්ථක දේශපාලන ගමනක් යාමට අභ්‍යන්තර සාකච්ජා සහ විවේචන අත්‍යවශ්‍ය බවත් අගමැති මහින්ද රාජපක්ෂ ඊට සාක්ෂි දරනු ඇති බවත් අවදාරණය කර තිබේ. 
 
අගමැති මහින්ද රාජපක්ෂ එම අවස්ථාවේදී හිස වනමින් එය අනුමත කර ඇතත් වචනයක් ප්‍රකාශ නොකිරීමට වගබලා ගෙන ඇත. 
 
ඒ සමගම සියලු දෙනාටම මධුවිත සහිත සාදයට ආරාධනය කරමින් රැස්වීමේ කටයුතු අවසන් බව දැනුම්දී තිබේ.  එහිදී වාසුදේව අමාත්‍යවරයා මධුවිත සාදයට හෝ එක්නොවී ජනාධිපති මන්දිරයෙන් පිටව ගොස් ඇත.
 
 
ජනාධිපති, විමල්ලා මග හරි !
 
 
 
යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සාකච්ඡා කරන ලෙසත්, දේශපාලන කාරණා සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ හෝ  මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හමුවී සාකච්ඡා කරන ලෙසත්, ජනාධිපතිවරයා හවුල් පක්ෂ වල නායකයන්ට ඉකුත් සතියේ පිළිතුරු ලිපියකින් දැනුම් දී තිබිණ.
 
 
එසේ ජනාධිපතිවරයා තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිති.
 
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපේ ජන බල පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් මෙලෙස කලකිරීමකට පත්ව සිටින බව 'ඉරිදා ලංකාදීප' පුවත්පත වාර්තා කර තිබේ.
 
යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙසට හවුල් පක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඊට ආසන්නම හේතුව බව එම පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. 
 
 
 
ටිරාන්ගේ කාර්යාලයේ තීරණාත්මක සාකච්ඡාවක් !
 
 
 
මේ අතර ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයන් ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ දී ඊයේ  (23) හමුවූ අතර රටේ බරපතල අර්බුදයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබානොදීම පිළිබඳව මෙම රැස්වීමේදී බරපතල විවේචනයක් එල්ලවී ඇත. 
 
එවැනි තත්ත්වයක් තුල තවදුරටත් ජනාධිපතිවරයා පසුපස යාමෙන් පලක් නැති බවටත්, අභ්‍යන්තර සාකච්ඡාවකට අවස්ථාවක් නොදෙන්නේ නම් ජනතාව අතරට ගොස් කරුණු පැහැදිලි කිරීමටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ මෙහිදී ඒකමතික තීන්දුවකට එළඹ තිබේ.
 
 
 
වැඩිදුරටත් විස්තර සඳහා ..
 
 
සබැඳි පුවත :
 
 
 
 
THE LEADER TV 
 
සර්පයා නොදුටු ආනන්ද ! | මොණරවිල ලියමන
 
 
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්