ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' (වැලි) සිනමා කෘතිය ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවැත්වුණු 22 වැනි ඉමැජින් ඉන්ඩියා ජාත්‍යන්තර සිනමා උළෙලේ (IIIFF) හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනා ගැනීමට සමත්වී තිබේ.
එසේම, තරිඳු රාමනායක ගේ අණ්ඩජ සිනමාපටය එම උළෙලේ BEST FILM SCHOOL යන සම්මානය දිනා ගැනීමට සමත්වී තිබේ.
රොටර්ඩෑම් සිනමා උළෙලේ ප්‍රධාන අංශය වූ ටයිගර් අංශයේ ජූරි සම්මානය සහ බෙන්ගලුරු සිනමා උළෙලේ දෙවැනි හොඳම සිනමාපටය ලෙස සම්මාන දිනා ගත් "මනල්" සිනමාපටයට හිමිවූ තෙවැනි ජාත්‍යන්තර සම්මානය මෙය වේ.
22 වැනි ඉමැජින් ඉන්ඩියා ජාත්‍යන්තර සිනමා උළෙලේ (IIIFF) සැප්තැම්බර් 1 වැනිදා සිට 16 වැනිදා දක්වා ස්පාඤ්ඤයේ දී පැවැත්වුණි.