ලිබරල් සිංදු ලංකාවෙ තියෙනවද?
ඔව්, ඒක ප්‍රශ්නයක් තමයි.
ලිබරල් කියන අදහසින් ලියපු සිංදු නම් ලංකාවෙ නැතුව ඇති. ඒත් නොදැනුවත්ව අපේ සිංදුවලට කාන්දු වුනු ලිබරල් අදහස් වටිනාකම් අඳුරගන්න පුළුවන්.
ගොඩක් වෙලාවට ලිබරල්වාදය කියන දාර්ශනික ප්‍රවේශයෙන් නොවුනත් අපිට බුදු දහමෙන් බොහෝ ලිබරල් වටිනාකම් ඇවිත් තියෙනවා.
අපි ඒ වටිනාකම්වලට අද වටිනාකමක් දෙනවද කියන එක වෙනම කාරණයක්.
මේ වෙද්දි රනිල්ගෙ ආණ්ඩුව ලිබරල්වාදයේ මූලිකම පිලිගැනීමක් වන කතා කිරීමේ නිදහස වාරණය කරන පණත් පවා ගේන්න වෑයම් කරනවා.
එහෙම කාලෙක අපි අඩු තරමෙන් සිංදුවක් අහලාවත් ලිබරල් කියලා හිතන්න ට්‍රයි කරමු.