කවුරුත් වැඩිය දන්නේ නැති කෙල්ලෝ දෙන්නෙක් ලියල තියන ''ෆොගෙට් මී නොට්'' කියල නවකතාවක් හිට් වෙමින් තියනවා කියල රාවයක් යනවා. මම ඒකෙ ඉමේජ් එකක් දැක්කෙත් අද.
සාංදෘෂ්ටික තනිකමක් එක්ක ලියවෙච්ච, මොනවා හරි ඉස්සරහට සිද්ද වෙයි කියන 'ධනාත්මක පණිවිඩේ' ගැබ්වෙච්ච නවකතාවක් කියල කට්ටිය කියනවා.
මේ නවකතාව යන්නේ ඒ විදියට නම් මම ඒ ප්‍රවේශ දෙකටම ආසයි. එකක් හුදකලා පැවැත්ම ගැන ප්‍රවේශය. අනික අපිට මොනවා හරි දෙයක් කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව. මම මේ දෙවැනි එක ගැන මට හම්බ වෙච්ච හැම පොදු අවකාශයකම, හැම බහුජන අවස්ථාවකම කතා කළා.
මේ වැටිච්ච වලෙන් ගොඩ එන්න ඒ ධනාත්මක බලාපොරොත්තුව ඕනිමයි.
ඒ වගේ පණිවඩයක් එක්ක සංකලනය වෙච්ච දෙයක් ඇත්තටම පත්තු වෙන්න පුළුවන් තමයි මේ බංකොළොත් වෙලාවේ. මම කියන්නේ ආකෘතියට එච්චර කට්ටිය සලකලා නැති උණත් පණිවිඩේ හරිනම් පත්තු වෙන්න පුළුවන් කියන එක.
නම් දරාපු කතුවරුත් නෙවෙයි. රාජ්‍ය සම්මානත් නැහැ. හොඳම පිටකවරෙත් නැහැ. හොදම පොත් ප්‍රකාශකයත් නැහැ. හොඳම විචාරය ලියලත් නැහැ. ඒවගේ ආකෘතියට ඕනි දේවල් මොනවා නැති උණත්, කතෘ ප්‍රකාශනයක් උනත් පණිවිඩේ හරිනම් පත්තු වෙනවා.
කෙල්ලෝ කොහොමත් බලාපොරොත්තු සහගතයි. මේ රට උන් ගැන විශ්වාසය තබන්න ඕනි.
කෙල්ලො කියන්නෙම රෙවලූෂන් එකක්....
(පොත නොකියවා, අන්තර්ගතය ගැන මෙලෝ අල බෝලයක් දන්නේ නැතුව ලීවේ).