කවිවර පොත් කියවීමේ හැන්දෑව ඔක්තෝබර් 18 වැනිදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
ඒ එදින පස්වරු 2.30ට යි.
සුනන්දා රණසිංහ රචිත ''ප්‍රේම සෘතුව'' සහ රන්ජිත් මල්ලියාවඩු රචිත ''එල්ලංගාව'' පිලිබඳ අදහස් දැක්වීම මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර විසින් ද, මහේන් සූරී රචිත ''සොබාදම් ගොවි පලදා'' පිළිබඳ අදහස් දැක්වීම මහින්ද කුමාර දළුපොත විසින් ද, ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි සහ මංජු නැදගමුව රචිත ''අන්තස්සර'' පිලිබඳ අදහස් දැක්වීම අරුණ ප්‍රේමරත්න විසින් ද, ජයසිරි අලවත්ත විසින් රචිත ''ගෞර ග්‍රන්ථ'' පිලිබඳ අදහස් දැක්වීම මොහාන් රාජ් මඩවල විසින් ද එහිදී සිදු කිරීමට නියමිත ය.
කවිවර පොත් කියවීමේ හැන්දෑවට එක්වීමට ඔබටත් ඇරයුම්!