ඉකුත් වසරේ කාන් සිනමා උළෙලේ Palme d'Or සම්මානයෙන් පිදුම් ලත් රූබන් ඔස්ට්ලන්ඩ් ගේ ''TRIANGLE OF SADNESS'' සිනමාපටය ප්‍රදර්ශනය සහ සංවාදය හෙට
(ඔක්තෝබර් 21) දින පස්වරු 4 සිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ජාතික චිත්‍රපට සංස්ථාව සහ NFC ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන පැවැත්වෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේ දී ය.
එදින ආරාධිත දේශනය විදර්ශන කන්නන්ගර විසින් සිදු කරන අතර වැඩසටහන මෙහෙයවනු ලබන්නේ සමීර තිලකවර්ධන විසිනි.
ඇතුල්වීම නොමිලේ.