ප්‍රවීණ සාහිත්‍යවේදිනී සුමිත්‍රා රාහුබද්ධ විසින් රචිත 'කන්දක් සේමා' නවකතාව ඇසුරෙන් අශෝක අතාවුදහෙට්ටි නිර්මාණය කළ 'කන්දක් සේමා' චිත්‍රපටය නොවැම්බර් 2 වනදා

සිට දිවයින පුරා සිනමාශාලාව ප්‍රදර්ශණය කිරීමට නියමිතය .

කන්දක්සේමා නවකතාව 2010 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය ඇතුළු සවර්ණපුස්තක, ගොඩගේ සම්මානය සහ විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

අධික පිරිවැයක් දරා ජපානයේ සහ ශ්‍රී ලංකාවේදී රූගත කරන ලද කන්දක්සේමා චිත්‍රපටයෙහි නිරෝෂා පෙරේරා, බිමල් ජයකොඩි, දිනෙත් ද සිල්වා, Ayako Kobayashi, Jun Etoh ඇතුළු ජපානයේ සහ දේශීය රංගන ශිල්පින් ශිල්පිනියන් බොහොමයක් මෙහි රංගනයෙන් දායකවේ.

මෙහි තිර රචනය සහ සම නිෂ්පාදිකාව වන්නේ සුමිත්‍රාය. අධ්‍යක්ෂණය අශෝක අතාවුදහෙට්ටිය. කැමරාකරණය රුවන් කොස්තායා. සංස්කරණය අජිත් රාමනායකය. සංගීතය සුරේෂ් මාලියද්දගෙනි. ජයන්ත හෙට්ටිආරච්චි, ආශු මාරසිංහ, සමන්මලී පද්මකුමාර සහ සුමිත්‍රා රාහුබද්ද නිෂ්පාදනයෙන් දායක වී ඇත.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්