පර්යේෂණාත්මක අභිචාර රංගයක් ලෙස නදීකා බණ්ඩාරගේ නවතම රංග කාර්යය ''හා හා හා-උල්ලාස විශාද'' නොවැම්බර් 17 වැනිදා පස්වරු 7ට BMICH මිහිළක මැදුර එළිමහන් ශාලාවේ දී රංග ගත වේ.
නදීකා බණ්ඩාර, මුරුගන් එමා, සුසන්ත ප්‍රදීප්, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, සිසිර වෙඩික්කාර, ගයානි නිසංසලා, ඉෆෙනාචෝ නිනීකා ජෝසප්, අමාලි රසාංගිකා රංගනයෙන් දායක වන අතර සංගීත නිර්මාණය පාලිත අබේරත්න සහ ශාක්‍ය වීරසිංහගෙනි.
ප්‍රේම් ජයන්ත කපුගේ අංග රචනයෙන්ද මුරුගන් එමා රංග වස්ත්‍ර නිර්මාණයෙන්ද, අජිත් සංජීව පසුතල, රංග භාණ්ඩ නිර්මාණයෙන් හා වේදිකා කළමණාකරණයෙන්ද එක්වේ.