ප්‍රවීණ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතඥ විශාරද රෂීඩ් ඛාන් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 55 හැවිරිදි වියේ පසුවිය.
පිළිකා රෝගී තත්වයකට කොල්කටා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
රාම්පුර්-සහස්වාන් ඝරානා ගුරුකුලයට අයත් රෂීඩ් ඛාන්, එම ගුරුකුලයෙහි නිර්මාතෘ වන ඉනයාත් හුසේන් ඛාන් ගේ මී මුණුපුරා වේ.
"මට ඔහුගේ මරණය දැනගන්න ලැබුණා. ඔහුගේ වියෝව මුළු රටටම වගේම සමස්ත සංගීත ක්ෂේත්‍රයටම විශාල පාඩුවක්," යනුවෙන් බෙන්ගාලි මහ ඇමති මම්තා බැනර්ජි ප්‍රකාශ කළා ය.
රෂීඩ් ඛාන් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) දිනයේ දී සිදු කිරීමට නියමිත අතර ඔහුට ආචාර වෙඩිමුර සහිත රාජ්‍ය ගෞරවය පිරිනැමීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.