සංජීව පුෂ්පකුමාර යනු දේශීය සිංහල සිනමා ක්ෂේත්රයේ තරුණ සිනමාකරුවන් අතරේ සිටින සුවිශේෂී සිනමාකරුවෙකි.
ඔහු මේ වන විට කෙටි චිත්‍රපට තුනක් (ස්පර්ශ 2007, පියාසර කිරීමට පියාපත් 2008 සහ නෙළුම් අම්මා 2021) අධ්‍යක්ෂණය කර ඇති අතර වෘතාන්ත චිත්‍රපට හතරක් නිර්මාණය කර ඇත. ඒ අතුරින් දැනට චිත්‍රපට තුනක් ප්‍රදර්ශනය කර ඇත. එම සිනමා නිර්මාණ ත්‍රිත්වයට ම ජාත්‍යන්තර සම්මාන කිහිපයක් ම හිමි වීම ද සුවිශේෂී ය.
ඔහු ගේ සිව්වන සිනමා නිර්මාණය වන්නේ ‘‘විහඟ ප්‍රේමය’’ (Peapock Lament) යි.
මෙම සිනමා නිර්මාණය ද ලෝකයේ පැවැත්වෙන හොඳ ම සිනමා උළෙල අතුරින් එකක් වන ටෝකියෝ සම්මාන උළෙලෙහි දි සම්මානයක් දිනාගැනීමට සමත් විය.
ටෝකියෝ සම්මාන උළෙලෙ දි
පසුගිය තුන්වන (2024/02/03) ‘‘විහඟ ප්‍රේමය’’ සිනමා නිර්මාණයේ නිල පූර්ව ප්රචාරක පටය අන්තර්ජාලයට මුදා හැර ඇත. එම සිනමා නිර්මාණය ළඟදීම ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂක ප්‍රජාවට නැරඹීමේ අවස්ථාව උදාවන බව ද සංජීව පුෂ්පකුමාර පැවසී ය.
‘‘විහඟ ප්‍රේමය’’ සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායක වන්නේ: සබීතා පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, ඩිනාරා පුංචිහේවා, අමිත්ත වීරසිංහ, ළහිරු ප්‍රසාද්, සංගීතා නිල්නදී ගොඩගම, Lorenzo Acuquaviva, මහීෂා නෙතාරා, නවින් සෞම්‍ය, ධනුජි දිනායා, දුලාන් මංජුල ලියනගේ, භනුජ මන්දියෙව්, යශොල්දා රසන්දුනී සහ ඩිස්නි උමංගි රාජපක්ෂ යන නළු නිළි පිරිස ය.
අමිල අබේසේකර නිෂ්පාදනයෙන් දායක වන මෙම සිනමා නිර්මාණයේ සම නිෂ්පාදකවරයා ලෙස කටයුතු කර ඇත්තේ Chiara Barbo ය.
සටහන :
(ජයසිරි අලවත්ත)