මහාචාර්ය සරත් විජේසූරිය විසින් සම්පාදිත ‘අලුත් කවි මංජුසාව’ නමැති ශාස්ත්‍රීය ග්‍රන්ථය 2024/03/12වන දින සවස 03.30ට කොළඹ
විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී ජනගත කෙරේ. එම අවස්ථාව නිමිති කරගෙන 2024/03/09වන දින City FM සේවයේ ශනිදා කරළිය වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්විණි. මතු දැක්වෙන්නේ එම සාකච්ඡාව පදනම් කරගනිමින් සැකසුණු ලිපියකි.
ප්‍රමුඛ මූලධර්මය
මා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් ආරම්භ කළ සමයේ ම කවි පිළිබඳ සරසවි විද්‍යාර්ථින්ට ඉගැන්වීමට සිදු වූ බැවින් ඔවුන්ගේ අවශ්‍යතාව සපුරනු වස් මහාචාර්ය කුසුමා කරුණාරත්න සමග එකතුව ‘නව කවි සංග්‍රහය’ යන මැයෙන් කෘතියක් සම්පාදනය කළේ ය. එහි ලාල් හෑගොඩ දක්වා වූ කවියන්ගේ නිර්මාණ පිළිබඳ තොරතුරු ඇතුළත් කළේ ය. එකල අපට හමු වූයේ කිවිඳියන් දෙදෙනකු පමණි. ඒ, මොනිකා රුවන්පතිරණ සහ යමුනා මාලණී පෙරේරා ය. නමුදු මෙම ‘අලුත් කවි මංජුසාව’ කෘතිය සම්පාදනය කරන විට මට කිවිඳියන් හතළිහකගේ පමණ නිර්මාණ ඇසුරු කරන්නට ලැබිණ. එකලට සාපේක්ෂව ගත් විට එය විශාල සංඛ්‍යාවකි. එබැවින් මෙම කෘතිය මීට පෙර සම්පාදනය කළ කෘතියට වඩා තෙගුණයක් පමණ විශාල කෘතියක් විය.
‘අලුත් කවි මංජුසාව’ කෘතිය සම්පාදනය කිරීමේ දී මම එක් මූලධර්මයක් අනුගමනය කළෙමි. ඊට හේතු පාදක වූයේ රවින්ද්‍රනාත් තාගෝර් විසින් කරන ලද ‘‘මේ ලෝකයේ අලුත් කවීන් නොමැති වන්නා වූ දවසට පැරණි කවීන් සම්පූර්ණයෙන් ම මිය පරලොව ගොස් ඇති බව අපට ස්ථිර වශයෙන් ම දැනගත හැකි වනු ඇත.’’ නමැති ප්‍රකාශය යි. ඒ අනුව ලාල් හෑගොඩ කවියාගෙන් නතර කළ ස්ථානයේ සිට හැකි තාක් වර්තමාන කවි කිවිඳියන් නියෝජනය වන පරිදි මෙම කෘතිය සම්පාදනය කරන්නට යෙදිණ. තව ද එම කවි කිවිඳියන් පිළිබඳ සංක්ෂිප්ත හැඳින්වීම් සහ විවරණ ද මෙම කෘතිය තුළ අන්තර්ගත කර ඇත. එබැවින් මෙය අදාළ යුගයේ කවි කිවිඳියන් පිළිබඳ කරුණු ඇතුළත් අත් පොතක් ලෙස ද, අලුත් කවිය කෙබඳු ද යන්න අවබෝධ කර ගැනීම සඳහා ද විද්‍යාර්ථින්ට ප්‍රයොජනවත් වන්නේ ය. එමෙන් ම මෙම කෘතිය ඉගැන්වීමේ ක්‍රියාවලියේ මෙවලමක් ලෙස ගුරු භවතුන්ට ද භාවිත කළ හැකි පාඨ ග්‍රන්ථයකි. එමෙන් ම මා වසර හතළිහක් පමණ කවියත් සමග වැඩ කිරීමේ දී ලද අත්දැකීම්වල ප්‍රතිඵල ද මෙහි අන්තර්ගත ය.
කොළඹ කවියෙන් ද ගීත බිහි විය
කවිය නමැති සාහිත්‍යාංගයේ විවිධ ස්වරූප හඳුනාගත හැකි ය. කොළඹ යුගයේ දි කවි ලියවුණේ සිවු පද ආකෘතියෙනි. එය කෝට්ටේ යුගයේ අවසාන සමයේ ඇති වූ බලපෑමකි. මෙම සිවුපද කවි එකාකාරි බවකින් යුක්ත යැයි විවේචනයක් ද පැවතිණ. ඊට බලපෑ හේතුව ලෙස මා දකින්නේ ඔවුන්ට කවි ලිවීමට සිදුවන්නේ අලුතින් පළ වූ සඟරාවලට සහ පුවත්පත්වලට වීම ය. මුද්‍රණ තාක්ෂණයේ දියුණුවත් සමග ම කවි සඟරා සහ පුවත්පත්වල කවි පළ කිරීම සඳහා ඉඩක් වෙන් විය. එබැවින් ජනප්‍රිය කවියන් හට වේගයෙන් කවි ලිවීමට සිදු විය. කවියේ පරිහානිය සලකුණු වන්නේ මෙහි දී ය. නමුත් කොළඹ යුගයේ බොහෝ කවින්ගේ කවි කියවා බැලීමේ දී ඔවුන් ඉතා විශිෂ්ට සමාජ නිරීක්ෂකයන් බව දක්නට හැකි ය.
උදාහරණයක් ලෙස ගතහොත් පී. බී. අල්විස් පෙරේරාගේ ‘වේදනාව’ නමැති කාව්‍ය සංග්‍රහය හැඳින්විය හැකි ය. එම කෘතියේ අන්තර්ගත බහුතර නිර්මාණ වෙන් වී තිබෙන්නේ සමාජයේ අව වරප්‍රසාදිත චරිත පිළිබඳව ය. එනම්: හිඟන්නා, සිල්ලර කඩේ කොලුවා, ගොවියාගේ කඳුළු සහ ගස් මදින්නා යනාදි නිර්මාණ ය.
වර්තමානයේ අපිට අසන්නට ලැබෙන ජනප්‍රිය ගීත පී. බී. අල්විස් පෙරේරාගේ කවි ඇසුරෙන් අභාෂය ලැබූ හෝ අනුකරණය කළ නිර්මාණ ලෙස යම් කෙනකුට නිගමනය කළ හැකි ය. මේ සඳහා උදාහරණයක් ගෙනහැර දක්වන්නේ නම්: ‘වහින්නට හැකි නම් ගිගුම් දී වියළි ගම් බිම්වලට ඉහළින්’ නමැති ගීතය සඳහන් කළ හැකි ය. එම ගීතය අල්විස් පෙරේරා විසින් රචිත ‘ළය මානය’ නමැති කවියේ අත්දැකීම ම ය. එය දීර්ඝ කවි පන්තියකි. ඊට හේතු වූයේ එකල කවි ලියූවේ කොලම් ලෙස පිටුවට ගැළපෙන පරිදි වීම ය.
එම කාව්‍ය නිර්මාණය ඇරඹෙන්නේ:
‘‘හිඳෙන වැව් හෝ වියළි වන්නිය පළාතට වැහි වලාවක් වෙමි
කලා රස පෙත් ලොවට පතුරන කලාකාමි හදවතක් වෙමි’’ යන දෙපදයෙනි.

එම කවි පන්තියේ ඇති ඇතැම් යෙදුම් ඒ ආකාරයෙන් ම යට සඳහන් කළ ගීතයේ දක්නට හැකි ය. ඒ සමග ම ඩෝල්ටන් අල්විස් ලියූ ‘‘උඩඟු ලියන් ගොතා බඳින’’ නමැති ගීතය ද එබන්දකි. එය පී. බී. අල්විස් පෙරෝරා විසින් රචිත ‘මලක් කතා කරයි’ නමැති කවිය ආභාෂයෙන් ලියැවුණ ගීතයකි. මෙම ගීත විශිෂ්ට බවෙන් අනූන ය. ඒ පිළිබඳ කිසිඳු වාදයක් නොමැත. මෙලෙස ගෙන හැර දක්වන්නේ උදාහරණ පිණිස ම පමණි.
කොළඹ කවියේ පිරිහීම සහ නිසදැස් කවිය
කොළඹ කවියේ පිරිහීම සහ නිසදැස් කවිය
කොළඹ කවීන් දෝෂ දර්ශනයට ලක්වූයේ ආකෘතියට හිර වූ බැවිනි. ඒ අතර ම තවත් වරදක් සිදු විය. එනම්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් නිසඳැස් කවිය ආරම්භ වීමත් සමග ම කාව්‍ය විචාරයේ අඩුපාඩුවක් සිදුවුණි. සිංහල කාව්‍ය සංග්‍රහය එක සහ දෙක ලෙස මහාචාර්ය ආරිය රාජකරුණා විසින් කෘති දෙකක් සම්පාදනය කරන ලදී. එම කෘති දෙකෙහි මූලික අභිප්‍රාය වූයේ කොළඹ කවිය සම්පූර්ණයෙන් ම නිෂේධනය කිරීම ය. එම කෘති දෙකෙහි මෙම කවින්ගේ වදන්: භාවාත්මක හැඟීම්, ඕලාරික හැඟීම්, කාන්තාවන්ගේ අගපසඟ යනාදිය විස්තර කරන බව සඳහන් කරමින් බොහෝ කවි ප්‍රමාණයක් ලයිස්තු ගත කර ඇත. එතුමාගේ තර්ක සනාත කිරීම සඳහා අවැසි නිදර්ශන ද මෙහි අඩංගු ය.
කාලයාගේ ඇවෑමෙන් මෙම විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් විද්‍යාර්ථීන් ගුරුවරු බවට පත් වී විවිධාකාරයෙන් කවිය උගන්වන විට සහ කවිය පිළිබඳ ලියන විට කොළඹ යුගයේ කවිය පිළිබඳ ලිවීම ඇරඹුවේ මහාචාර්ය ආරිය රාජකරුණා උපුටා දක්වා තිබූ නිදර්ශන භාවිත කරමිනි. එහි එක් නිදර්ශනයක් ලෙස ගතහොත්:
සමන් මලිගෙ පියයුරු දැක නැවත හැරී
තබන් නෙමි අලූත් උවමක් කොහොම හරී
පැළෙන්නට ඉතා ළං වුණ සුළං පිරී
ජපන් බැලූම් යුගලෙක යනු නොවෙද සරී
යනාදි කවි මහාචාර්ය ආරිය රාජකරුණා නිදර්ශන ලෙස ගෙනහැර දක්වා තිබිණ. මෙම නිදර්ශන භාවිතයට ගෙන කොළඹ යුගයේ කවීන් දැඩි ලෙස අවප්‍රමාණය කළේ ය. මෙලෙස අවප්‍රමාණයට ලක් කළ කවිවලට අමතරව කොළඹ යුගයේ කවීන් විශිෂ්ට කවි රචනා කර තිබිණි. නමුත් ඒ කිසිදු කවියක් මතු නොවිණ. ඊට හේතුවක් ලෙස මා දකින්නේ කවි වේගයෙන් පළ වීම සහ ජනප්‍රිය වීම යන ක්‍රියාවලිය යි.
ඇමරිකන් ජාතික Walt Whitman කවියාගේ අභාෂය ලබමින් අලුත් කවියේ පළවෙනි සන්ධිස්ථානය ඇති කළ ජී. බී. සේනානායක පැවසුවේ සිවු පද ආකෘතියෙන් කවිය මිදිය යුතු බව ය. ඔහුගේ මෙම අදහස හේතුවෙන් හෙතෙම දැඩි විවේචනයට ලක් විය. ඔහු පමණක් නොව මහාචාර්ය සිරි ගුනසිංහ පවා මෙම විවේචනයට ඉලක්ක විය. වර්තමානයේ ද ඇතැම් අය නිසඳැස් කවිය ‘පැලලි කවි’ ලෙස හඳුන්වති.
ජී. බී. සේනානායක 1946 දි කවි ලිවීමෙන් අනතුරුව ගුණදාස අමරසේකර ඔහුගේ ම පොතක ‘‘මමත් කවි ලිවීම ඇරඹුවේ සේනානායක අනුකරණය කරමිනි’’ යනුවෙන් සඳහන් කර ඇත. ඒ සමග ම ඔහු එම කවි අංශබාග කවි ලෙස ද හඳුන්වා දී තිබිණ. සිංහල කවියට විරිතක් තිබිය යුතු යැයි ද අමරසේකර පවසා තිබිණ. ඔහු 1955 දී වෘත්තගන්ධි ශෛලිය ආදර්ශයට ගෙන ‘භාව ගීත’ කාව්‍ය සංග්‍රහය පළ කළේ ඒ හේතුවෙන් බව හෙතෙම පවසයි. ඔහු ඇති කළ සම්ප්‍රදාය අද දක්වා වර්ධනය වී ඇති ආකාරය මා මගේ ‘අලුත් කවි මංජුසාව’ කෘතියේ විග්‍රහ කර ඇත. වර්තමාන කවි කිවිඳියෝ බහුතරයක් පස්මත් විරිත යොදාගන්නට පෙළඹී ඇත්තේ ද එබැවින් විය හැකි ය.
සිරි ගුනසිංහ අභියෝගය ජය ගනී
කවිය මෙම තත්ත්වයෙන් කිසියම් ආකාරයකට වෙනස් වීම ඇරඹෙන්නේ මහගම සේකරගේ සම්ප්‍රාප්තියත් සමගිනි. සේකර විවිධ සම්ප්‍රදායෙන් කවි ලියූවෙකි. ඔහු: හෙළ හවුලේ රීතියට ද, කොළඹ කවියේ රීතියට ද, නිදහස් රීතියට ද, නිසදැස් රීතියට ද කවි ලිවී ය; විවිධ අත්හදා බැලීම් ද කළේ ය. එසේ වුව ද ඔහු ‘කවිය භාවපූර්ණ සාහිත්‍යාංගයක් විය යුතු ය’ යන මතයේ පිහිටා සිටියේ ය. ‘කවියකින් කිසියම් චමත්කාරයක් ජනනය විය යුතු ය. එසේ වුව ද කවියකින් රසිකයාගේ ජීවන අත් දැකීම් පුළුල් කළ යුතු ය’ යන අදහස ද ඔහු දැරී ය. අලුත් පරම්පරාව කාව්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වී කවිය තමන්ගේ වැඩබිමක් බවට පත්කර ගන්නට එම අදහස හේතු සාධක විය. පසු කාලයක දී අපට මුණ ගැසෙන බහුතරයක් කවි කිවිඳියන් සේකරගෙන් පසුව කාව්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ අය යි. රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ යනාදි කවීන් කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මහගම සේකර විවර කර දුන් දොරටුවෙනි.
රණවීරගේ සම්ප්‍රාප්තිය
මෙම අලුත් කවි ලියවීමත් සමග ම තවත් වැදගත් දෙයක් සිදු විය. එනම්, විවිධ මට්ටම්වලින් කවිය පිළිබඳ විවිධ සංවාද ඇති වීම ය. එම සංවාදය ඇති වීමට එක් හේතුවක් වූයේ ගීතය නමැති සාහිත්‍ය අංගය ජනප්‍රිය වීමත් සමග ම කවිය නමැති සාහිත්‍යාංගයට පාඨක සමාජයක් නොමැති තත්ත්වයට පත් වීම ය. කවි කිවිඳියෝ, කවියට කැමති පිරිස, කවිය අධ්‍යයනය කරන පිරිස යම් ආකාරයකට සාකච්ඡා සම්මන්ත්‍රණ පැවැත්වීම ඇරඹූහ. මෙය හේතුවෙන් අංකුර කවියන් හට කවිය පිළිබඳ කිසියම් දැනුමක් ලැබුණ බව මගේ විශ්වාසය යි. නූතන කවියට අලුත් සම්ප්‍රදා එකතු වන්නේ ඒ අනුව ය. නිදර්ශනයක් ලෙස ආරියවංශ රණවීර දැක්විය හැකි ය.
ආරියවංශ රණවීර ‘කවි කිහිපයක්’ යන මැයෙන් කුඩා කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශයට පත් කළේ ය. මෙය ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය යි. එහි අන්තර්ගත වන්නේ ඉතාම කුඩා කවි සමුච්චයකි; සංක්ෂිප්ත කවි සමුච්චයකි; වදන් හත අටක කවි සමුච්චයකි. ඔහු, මෙම කෘතිය පළ කර තමන් මෙලෙස සමාජ ගත කළ කවි පාඨක ප්‍රජාව කුමනාකාරයෙන් පිළිගන්නවා ද යන්න පසෙකට වී බලා සිටියේ ය. අනතුරුව ඔහු ‘සම්මිශ්‍රණ’ මැයෙන් කාව්‍ය සංග්‍රහයක් පළ කළේ ය. එහි අන්තර්ගත කවි ‘කවි කිහිපයක්’ කෘතියේ අන්තර්ගත කවිවලට වඩා යම් වෙනස් ස්වරුපයක් ඉසිලී ය; එය ද එතරම් අවධානයට ලක් නොවී ය.

මහාචාර්ය සිරි ගුණසිංහ 1956 දි ‘මස් ලේ නැති ඇට’ කෘතිය පළ කරන්නේ අමරසේකරගේ ‘භාව ගීත’ කෘතිය පළ කිරීමෙන් පසුව ය. මෙම කෘතිය තුළින් වර්තමාන කවියේ විශාල ආන්දෝලනයක් ඇති විය. මෙම ආන්දෝලනය ඇති වූයේ කවියේ ආකෘතිය සම්බන්ධ කාරණයකට වඩා දෘෂ්ටිමය කාරණය හේතුවෙනි. මහාචාර්ය සිරි ගුනසිංහ සම්ප්‍රදායට දැඩි අභියෝගයක් එල්ල කළේ ය. එමෙන් ම ඔහුගේ කවිය නුතනවාදී අදහස්වලින් සමාජය තුළට ප්‍රවේශ විය. මෙය එවකට සමාජයේ විසූ සාම්ප්‍රදායික උගතුන්ට දරාගත නොහැකි විය. එබැවින් ඔහු දැඩි විවේචනයට ලක් විය. එසේ වුව ද මහාචාර්ය සිරි ගුනසිංහ විශ්වවිද්‍යාලයෙන් පැමිණි බැවිනුත්, ඔහුගේ සිවිල් බලයත් හේතුවෙන් නිසදැස් කාව්‍ය සම්ප්‍රදායට පහර දී, එය පසෙකට දැමීමට ඊට එරෙහි වූවන්ට නොහැකි විය; එම කාව්‍ය අලුත් කාව්‍ය මාර්ගයක් ලෙස නොයෙකුත් අතු ඉති ඔස්සේ වැඩී වර්ධනය වන්නට ඉමහත් ආලෝකයක් සැපයී ය; කවි ලියන්නේ මෙබඳු දෑ පදනම් කරගෙන ය නමැති මතය ද වෙනස් කළේ ය. සමාජ විපර්යාස, කාර්මික ශිෂ්ටචාර බඳු දෑවලින් පැවත එන මිනිසුන්ගේ මනෝ භාව යනාදී දෑ ලියන්නට මෙම කාව්‍ය රීතිය භාවිත කළේ ය. මෙය එක්තරා අන්දමකින් වැදගත් දෙයක් ලෙස සැලකේ. එමෙන් ම මෙහි දී නිසදැස් සම්ප්‍රදාය ශාස්ත්‍රීය තලයක යම් ඇගයීමකට ලක් වුව ද පාඨක සමාජයේ කිසියම් බිඳ වැටිමක් ද සිදු විය. එය තරමක් ගැඹුරින් සාකච්ඡා කළ යුතු කරුණකි.
සේකරගේ මතය
කවිය මෙම තත්ත්වයෙන් කිසියම් ආකාරයකට වෙනස් වීම ඇරඹෙන්නේ මහගම සේකරගේ සම්ප්‍රාප්තියත් සමගිනි. සේකර විවිධ සම්ප්‍රදායෙන් කවි ලියූවෙකි. ඔහු: හෙළ හවුලේ රීතියට ද, කොළඹ කවියේ රීතියට ද, නිදහස් රීතියට ද, නිසදැස් රීතියට ද කවි ලිවී ය; විවිධ අත්හදා බැලීම් ද කළේ ය. එසේ වුව ද ඔහු ‘කවිය භාවපූර්ණ සාහිත්‍යාංගයක් විය යුතු ය’ යන මතයේ පිහිටා සිටියේ ය. ‘කවියකින් කිසියම් චමත්කාරයක් ජනනය විය යුතු ය. එසේ වුව ද කවියකින් රසිකයාගේ ජීවන අත් දැකීම් පුළුල් කළ යුතු ය’ යන අදහස ද ඔහු දැරී ය. අලුත් පරම්පරාව කාව්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වී කවිය තමන්ගේ වැඩබිමක් බවට පත්කර ගන්නට එම අදහස හේතු සාධක විය. පසු කාලයක දී අපට මුණ ගැසෙන බහුතරයක් කවි කිවිඳියන් සේකරගෙන් පසුව කාව්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ අය යි. රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ යනාදි කවීන් කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මහගම සේකර විවර කර දුන් දොරටුවෙනි.
රණවීරගේ සම්ප්‍රාප්තිය
මෙම අලුත් කවි ලියවීමත් සමග ම තවත් වැදගත් දෙයක් සිදු විය. එනම්, විවිධ මට්ටම්වලින් කවිය පිළිබඳ විවිධ සංවාද ඇති වීම ය. එම සංවාදය ඇති වීමට එක් හේතුවක් වූයේ ගීතය නමැති සාහිත්‍ය අංගය ජනප්‍රිය වීමත් සමග ම කවිය නමැති සාහිත්‍යාංගයට පාඨක සමාජයක් නොමැති තත්ත්වයට පත් වීම ය. කවි කිවිඳියෝ, කවියට කැමති පිරිස, කවිය අධ්‍යයනය කරන පිරිස යම් ආකාරයකට සාකච්ඡා සම්මන්ත්‍රණ පැවැත්වීම ඇරඹූහ. මෙය හේතුවෙන් අංකුර කවියන් හට කවිය පිළිබඳ කිසියම් දැනුමක් ලැබුණ බව මගේ විශ්වාසය යි. නූතන කවියට අලුත් සම්ප්‍රදා එකතු වන්නේ ඒ අනුව ය. නිදර්ශනයක් ලෙස ආරියවංශ රණවීර දැක්විය හැකි ය.
ආරියවංශ රණවීර ‘කවි කිහිපයක්’ යන මැයෙන් කුඩා කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශයට පත් කළේ ය. මෙය ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය යි. එහි අන්තර්ගත වන්නේ ඉතාම කුඩා කවි සමුච්චයකි; සංක්ෂිප්ත කවි සමුච්චයකි; වදන් හත අටක කවි සමුච්චයකි. ඔහු, මෙම කෘතිය පළ කර තමන් මෙලෙස සමාජ ගත කළ කවි පාඨක ප්‍රජාව කුමනාකාරයෙන් පිළිගන්නවා ද යන්න පසෙකට වී බලා සිටියේ ය. අනතුරුව ඔහු ‘සම්මිශ්‍රණ’ මැයෙන් කාව්‍ය සංග්‍රහයක් පළ කළේ ය. එහි අන්තර්ගත කවි ‘කවි කිහිපයක්’ කෘතියේ අන්තර්ගත කවිවලට වඩා යම් වෙනස් ස්වරුපයක් ඉසිලී ය; එය ද එතරම් අවධානයට ලක් නොවී ය.
මා මෙහි දී යමක් සිහිපත් කළ යුතු ය. එනම් මෙම කවි පිළිබඳව විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් සමග අපි සාකච්ඡා කළෙමු; ආරියවංශ රණවිර කවියා විශ්වවිද්‍යාලයට ද ගෙන්වූවෙමු; ගෙන්වාගෙන ඔහුගේ මෙම කාව්‍ය ස්වරූපය පිළිබඳ විමසුවෙමු. එවිට ඔහු පැහැදිලි කළේ ජී. බී. සේනානායක එදා හඳුන්වා දුන් කාව්‍ය සම්ප්‍රදාය තුළින් ම ඔහු ලද ආභාෂයක් මෙම කවි සඳහා පාදක කරගත් බවයි. ඒ පිළිබඳ සංවාදයක් ගොඩනැගුණු පසු සිදු වූ එක් දෙයක් ලෙස මට නිරීක්ෂණය වූයේ රත්න ශ්‍රීගේ කාව්‍ය මාර්ගයේ සිය පළවෙනි, දෙවෙනි කෘති රචනා කළ නන්දන වීරසිංහ සම්පූර්ණයෙන් ම එම මාර්ගය අතහැර ආරියවංශ රණවිරගේ කාව්‍ය මාර්ගයෙන් ඔහුගේ කවිය දියුණු කරගන්නට උත්සාහ කළ බවයි.
හයිකු කවි ද කෙටි කවි ද...?
කෙටි කවි සම්බන්ධයෙන් ද ‘අලුත් කවි මංජුසාව’ කෘතියේ පරිච්ඡේදයක් වෙන් කර ඇත. හයිකු කවිය පිළිබඳ ආරියවංශ රණවීර දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. ජයන්ත විමලසේන මහතා ද හයිකු කවි සංග්‍රහයක් පරිවර්තනය කර පළ කළේ ය. මෙහි දී සිදු වූ වැදගත්ම දෙය වූයේ කවිය පිළිබඳ දෘෂ්ටිවාදයක් ගොඩනැගීම ය. තවත් පැහැදිලි කරන්නේ නම් ‘කවිය යනු කතන්දර කියන මාර්ගයක් නොවේ ය’ යන්න ය. කවිය යනු රසිකයාගේ පරිකල්පනය තුළ විකසිත වන ජීවන අත්දැකීමකි.
හයිකු කවිය පිළිබඳ විග්‍රහ කිරීමේ දී ඉදිරිපත් කළේ හයිකු කවිය යනු මාත්‍රා දහසයකට සීමා වූ කවියක් මෙන් ම එයට ම අනන්‍ය වු ලක්ෂණ ගණනාවක් පවතින බව ය. එය ආදර්ශයට ගෙන ආරියවංශ රණවීර ද කවි ලිවී ය. එම නිර්මාණ සම්පූර්ණයෙන් ම හයිකු කවි නොවන අතර එම කවි හැඳීන්විය හැකිවන්නේ සංක්ෂිප්ත කවි ලෙසිනි; කෙටි කවි ලෙස ද හැඳින්විය හැකි ය. තවත් අය මේ සඳහා විවිධ නම් භාවිත කරති. ප්‍රධාන වශයෙන් ම මෙය කවියේ ස්වරූපයකි. මෙය කෙතරම් ජනප්‍රිය වූයේ ද යත්, මුහුණු පොතෙහි කවි ලිවීම ඇරඹි පසු වැඩි වර්ධනයක් දක්නට ලැබුණේ සංක්ෂිප්ත කවියෙහි ය. එහි සාධනීය පාර්ශවයක් මෙන් ම නිෂේධනීය පාර්ශවයක් ද දක්නට ලැබිණ.
මෙහි ප්‍රමුඛ කරුණ වන්නේ ආරියවංශ රණවීර මෙලෙස ඇති කළ බලපෑම අනුකරණය කිරීමේ භයානකත්වය වටහාගත් ඔහු හයිකු කවි පරිවර්තනය කිරීම ය; හයිකු කවියේ පවතින මූලික න්‍යායාත්මක ලක්ෂණ පැහැදිලි කිරීම ය. නමුදු වර්තමානයේ ඇතැම් කවි කිවිඳියෝ ‘මම හයිකු කවි ලියනවා’ යැයි පවසමින් කවි ලියුව ද නියම හයිකු කවිවල දක්නට ලැබෙන මූලධර්ම ඒවායේ නොපවතී. එම කවිවල පවතින්නේ සංක්ෂිප්ත භාවය පමණි.

මගේ අවබෝධය අනුව නම් කවිය සංෂීප්ත විම යනු එක් දෙයක් වන අතර සංක්ෂිප්ත කවි යනු තවත් දෙයකි යන්න ය. කවියක සංක්ෂිප්ත ගුණය යනු අලංකාරයකි. කවිය නමැති මාධ්‍ය බිහිවන්නේ ම කතන්දරයක් නොකියවීම සඳහා ය. එම කවියේ මූලික ගුණාංගය විය යුත්තේ හැකිතාක් අවම වචන ප්‍රමාණයකින් හැකි තාක් හැඟීම් ප්‍රකාශ කිරීම ය. එහි සංක්ෂිප්ත ගුණය තිබිය යුතු ය. මෙය නූතන කවියේ ප්‍රධාන ලක්ෂණයකි. සංක්ෂිප්ත කවිය යනු වෙනම ම බිහි වූ සම්ප්‍රදායකි. වර්තමානයේ සංක්ෂිප්ත කාව්‍ය සංග්‍රහ පමණක් ම පළ කළ කවි කිවිඳියන් කිහිප පළක් ද හඳුනාගන්නට ලැබිණ. මේ පිළිබඳ විවේචන ද පවතී.
නූතන සිංහල සාහිත්‍යයේ කාන්තා දායකත්වය
කාන්තාවන් කිහිප දෙනකු අලුතින් ක්ෂේත්‍රයට පැමිණීම නූතන සිංහල සාහිත්‍යයේ වැදගත් ප්‍රවණතාවක් ලෙස සඳහන් කළ යුතු ය. උදාහරණයක් ලෙස පළමු චරිතය මොනිකා රුවන් පතිරණ සැලකිය හැකි ය. නවකතා මාධ්‍ය දෙස අවධානය යොමු කළ හොත් සුමිත්‍රා රාහුබද්ධ, සුනේත්‍රා රාජකරුණානායක යනාදි ලේඛිකාවෝ ඇති කළ එක් ප්‍රවණතාවක් නම් ලේඛකයන් නොලියූ කලාප මේ ලේඛිකාවන්ගේ සාහිත්‍ය නිර්මාණ තුළින් මතු වීම ය. එම සාහිත්‍ය කියවීම සහ සංවාද කිරීම තුළින් තරුණියන් සිය ජීවන අත් දැකීම් ප්‍රකාශ කිරීමට පෙලඹී ඇත. නමුත් ඔවුන්ගේ ප්‍රකාශන මාධ්‍ය ලෙස බහුතරයක් අය තෝරාගෙන තිබෙන්නේ කවිය යි. ඒ, නවකතාව මහා සාහිත්‍යාංගයක් වන බැවින් විය හැකි ය. එම කවි කියවන විට දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් පවතී.

බොහෝ විට විශිෂ්ට කවින්ගේ නිර්මාණවල පවා බහුල ලෙස ස්ත්‍රිය නිරූපණය වූයේ සරාගික චරිතයක් ලෙසිනි. අඟ පසඟ වර්ණනා කිරීම්, ප්‍රේමය, විරහව යනාදි මනෝ භාව යනාදිය එහි ප්‍රමුඛත්වයක් ඉසිලී ය. නමුත් මනුෂ්‍යයකු ලෙස ස්ත්‍රිය අත් විඳින ජීවිතය පිළිබඳ තමන්ගේ නිර්මාණ තුළින් ඉතා තියුණු හැඟීම් පළ කිරීමට කිවිඳියෝ සමත්කම් දක්වති. මෙම දොරටුව විවර කිරීම සම්බන්ධයෙන් මොනිකා රුවන් පතිරණ කිවිදියට ගෞරවයක් හිමි විය යුතු ය. අද එලෙස තම ජීවන අත්දැකිම් තියුණු අන්දමින් ඉදිරිපත් කරන්නේ සහ ඉදිරියට රැගෙන යන්නේ ඇගේ මිනිබිරියන් බඳු පිරිසකි.
සිංහල කවියේ අලුත් හැඩය
පසුගාමි අදහස් දරන මෙබඳු සමාජයක ස්ත්‍රින් හට සිය අදහස් පළ කීරිමට පවතින ඉඩකඩ පවතින්නේ ඉතාමත් අවම මට්ටමකිනි; එය ඉතා සීමා සහිත ය. කාන්තාවක: බිරිඳක්, මවක් විමෙන් පසු සම්ප්‍රදාය තුළ ඇයට නොයෙකුත් ආකාරයේ සීමා පැනවේ. මේ සියලු ගැහැටවලට මැදි වී සිටින කිවිඳියෝ කවියන්ට ලිවිය නොහැකි වූ කවි ලිවිමට පෙලඹී සිටිති. එම කවිවල මා දුටුවේ ඉතා නිර්භිත භාව ප්‍රකාශන ය. කවියන්ගේ නිර්මාණ දුර්වල යැයි මෙයින් ගම්‍ය නොකරන බව ද මේ මොහොතේ පැවසිය යුතු ය. නමුත් මෙය සිංහල කවියේ අලුත් හැඩයක් බව කිව යුතු ම ය. එම කවි කියවන විට මට වැටහී ගිය ප්‍රධාන කරුණ වන්නේ: නිදහස් අධ්‍යාපනයෙන් පිබිදුණු පුද්ගලයන්, වෙසෙසින් ම මධ්‍යම පාන්තික ජීවිතයක් උරුම කරගත් කාන්තාවන් සිය කුටුම්බය තුළ පවුල් සම්බන්ධතා ගොඩනගා ගැනීම සහ පවත්වා ගැනීම නමැති ක්‍රියාවලිය, ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා පවත්වා ගැනීමේ දී අත්විඳින දුඛ දුක්ඛ දෝමනස්ස යනාදිය තමන්ගේ අත් දැකීම් ලෙස ඉදිරිපත් කිරීම ය.
එලෙස ලියැවුණ කවි කියවීමේ දී මට හැඟී ගිය ප්‍රධාන කරුණක් වන්නේ කිවිඳියන්ගේ ආගමනය හේතුවෙන් කවියේ වස්තු විෂය පුළුල් වී ඇති බවයි. ‘ජීවිතය අවුල් කර නොගත් පුද්ගලයකුට කවියකු විය නොහැක’ යනුවෙන් කියමනක් පවතී. එලෙස ම නොවුණ ද මෙම කවි ලියා ඇත්තේ කිසියම් මතවාදීමය ස්ථානයක පිහිටා කවි ලිවීමට නැඹුරු වූ කිවිඳියෝ ය.
සාම්ප්‍රදායික රාමුව බිඳ දැමීම

මීට වසර කිහිපයකට පෙර කවි පොතක් අවධානයෙන් කියවීමේ දී දක්නට ලැබෙන විශේෂත්වයක් වූයේ: මවු ගුණ කවියක්, දේශප්‍රේමය ගැන ලියවුණ කවියක්, ප්‍රේමය පිළිබඳ කවියක්, සමාජ ප්‍රශ්න පිළිබද කවියක්, දුප්පත්කම පිළිබඳ කවියක් යනාදි කවි තිබිය යුතු යැයි එකල කිවිඳියන් විශ්වාස කළ බවයි. නමුදු වර්තමානයේ කවි ලියන කවි කිවිඳියෝ මෙම රාමුව තුට්ටුවකට හෝ මායිම් නොකර තමන් අත් විඳින සංවේදනා ඇතුළෙන් කවියක් මැවීම හෝ නිමවීම යන ස්ථානයට නැඹුරු වී සිටිති. එතුළින් ඇතැම් දෘෂ්ටිවාද නිෂේධනය කිරීමට ඔවුන් නැඹුරු වී ඇත. උදාහරණයක් ලෙස ගතහොත් පුරුෂයාගේ ආධිපත්‍යය නමැති ක්‍රියාවලිය තුළ හිංසනයට ලක්වන ස්ත්‍රියක ඇගේ විරෝධාකල්පයක් පළ කරනවාට වඩා ඇය මනුෂ්‍යයකු ලෙස විඳින සංතාපය පිළිබඳ ලියවෙන කවි ඉතා සියුම් සහ ප්‍රබල බවක් ගෙන දේ. ඒ ඇතැම් කවි කියවන විට සංවේදි පුරුෂයකුගේ වුව ද ඇසට කඳුලක් ඉනීමට පිළිවන. කවියේ වෙනස් ම වර්ණයක්, හැඩයක් ඇති කිරීමට මෙම කිවිඳියන් සමත් වී ඇති බව එතුළින් ගම්‍ය කෙරේ.
අලුත් කවි මංජුසාවේ ඇතුළත
මා මෙම කෘතිය සම්පාදනය කිරීමේ දී එක් ස්ථානයක කොටු නොවිණ. මන්ද, මෙම කෘතිය සම්පාදනය කෙරෙන්නේ විද්‍යාර්ථින් වෙනුවෙනි. එබැවින් මගේ මූලික අදහස වූයේ මෙම කෘතිය තුළ සෑම කාව්‍ය සම්ප්‍රදායක් ම නියෝජනය විය යුතු ය යන්න ය. මෙය තරමක් අධ්‍යයන කාර්යයක් තුළ ම වටහා ගත යුතු ය. නිර්මාණකරුවෝ ද, විචාරකයෝ ද කවියේ ස්වරුපය කුමානාකාරයකට වර්ධනය වී ඇති ද යන්නට අවැසි තොරතුරු මෙම කෘතියෙහි මූලික වශයෙන් ම අන්තර්ගත කර ඇත.
එක් ශාස්ත්‍රීය සංග්‍රහයක් තුළින් මෙම නිර්මාණ කියවීමේ දී මේ වන විට නැගෙන ඇතැම් චෝදනා, එනම්: ‘‘අද හොඳ කවියක් ලියවෙන්නෙ නෑ, හොඳ නවකතාවක් ලියවෙන්නෙ නෑ, සාහිත්‍යයක් නෑ’’ යනුවෙන් නැගෙන චෝදනා නිෂේධනය කෙරේ. එබැවින් එලෙස චෝදනා කරන පිරිස මෙම කාව්‍ය නිර්මාණ කියවා බැලිය යුතු ය; රස විඳිය යුතු ය. මන්ද එම නිර්මාණ පවතින්නේ වෙනස් ම ස්ථනයක ය. නමුත් සමාජයේ රසවින්දනය පොහාසත් කිරීමට අපගේ අධ්‍යාපනය අසමත් වීම ද අභාග්‍යසම්පන්න තත්ත්වයකි. එබැවින් අලුතින් ලියවෙන කවි කියවීම, රස විඳීම නමැති අභ්‍යාසය අලුත් පරම්පරාවෙන් වියුක්ත වී ඇති බවක් දක්නට ඇත. එය එක්තරා අන්දමක ගැටලුවකි.
කවියේ ස්වරූප පිළිබඳ වැඩි දුරටත් සලකා බැලුවහොත් මූලික වශයෙන් දක්නට ලැබෙන්නේ සිවු පද ආකෘතියෙන් සහ නිදහස් ආකෘතියෙන් ලියවි ඇති කාව්‍ය නිර්මාණ ය. නමුත් නිදහස් ආකෘතියෙන් ලියන ස්වරූප ද විවිධ ය. ‘අලුත් කවි මංජුසාව’ කෘතියෙහි අන්තර්ගත වන්නේ නිසදැස් ආරෙන් හෙවත් නිදහස් ආරෙන් ලියූ කවි පිළිබඳව ය. මම මේ වන විට සිවුපද ආකෘතියෙන් ලියවී තිබෙන කවි පිළිබඳව ද කෘතියක් සම්පාදනය කරමින් සිටිමි. සිවුපද ආකෘතියෙන් කවි ලිවිය නොහැකි යැයි පවතින මතය එම කෘතියෙන් නිෂේධනය කෙරේ. මන්ද සිවු පද ආකෘතිය භාවිත කරමින් ඉතා විශිෂ්ට කවි ලියා ඇත. එම කවි: ජනකවි රීති අභාෂය, පැරණි කවි රීති ආභාෂය යනාදිය භාවිත කරමින් රචනා කර ඇත.
‘අලුත් කවි මංජුසාව’ කෘතිය ඇරඹෙන්නේ අජිත් තිලකසේන ගෙනි. අජිත් තිලකසේන යනු හැටේ දශකයේ කෙටිකතාකරුවෙකු ලෙස සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසි සාහිත්‍යකරුවෙකි. එමෙන් ම ඔහු සංයුක්ත කවි මැයෙන් නව කාව්‍ය සම්ප්‍රදායක් හඳුන්වා දීමට ද උත්සුක විය. ඔහුගේ කෙටිකතා විශාල වශයෙන් ජනප්‍රිය නොවුණ ද, සංයුක්ත කවි ජනප්‍රිය නොවුණ ද හෙතෙම අලුත් පරම්පරාව වෙත ප්‍රබල බලපෑමක් ඇති කළ සාහිත්‍යකරුවෙකි.
මා ‘නව කවි සංග්‍රහය’ සංග්‍රහය සම්පාදනය කරන සමයේ ඔහු සම්මුඛ විය. ඒ වන විට ඔහු කවි සහ සංයුක්ත කවි යන ස්වරූප දෙකම ඇතුළත් කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශ කරන්නට සුදානමින් සිටින බව මට පැවසී ය. නමුත් ‘නව කවි සංග්‍රහය’ මුද්‍රණයෙන් නිකුත්වන තුරු ම ඔහුට එම කෘතිය පළ කිරීමට නොහැකි විය. පසු කලක දී ඔහු කාව්‍ය සංග්‍රහ කිහිපයක් ම පළ කළේ ය; ඔහු රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබී ය. එමෙන් ම ඔහු ජ්‍යේෂ්ඨ කවියෙකි. ඔහුගේ කෙටිකතාවල ද සිටින්නේ කවියෙකි; ඒ කෙටිකතාවල ද පාන්නේ කාව්‍යමය පෙළහරකි. අජිත් තිලකසේනගෙන් මෙම කෘතිය ආරම්භ කරන්නේ එබැවිනි.

මෙම කෘතියෙහි අන්තර්ගත කවි තෝරා ගැනීමේ ක්‍රියාවලියේ දී මා අදහස් කළේ මධ්‍යස්ථ තැනක සිටිය යුතු ය යන්න ය. එක් එක් පුද්ගලයාගේ රුචි අරුචිකම් විවිධ ය. විශේෂයෙන් ම මෙම කෘතිය විද්‍යාර්ථින්ගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් සම්පාදනය කරන බැවින් මගේ පුද්ගලික රුචිකත්වයට ගැළපෙන නිර්මාණ පමණක් තෝරා ගැනීම නුසුදුසු බවත්, සිදු විය යුත්තේ නූතන කවිය වැඩී වර්ධනය වූ ආකාරය පිළිබඳ හරස්කඩක් ඉදිරිපත් කිරීම බවත් මට හැඟිණි. එහි දී මම මගේ පුද්ගලික ආකල්පවලින් වියුක්තව ඒ ඒ කවි කිවිඳියන් කියවන්නට උත්සාහ කළෙමි.
අජිත් තිලකසේන නම් ප්‍රමුඛයා
‘අලුත් කවි මංජුසාව’ කෘතිය ඇරඹෙන්නේ අජිත් තිලකසේන ගෙනි. අජිත් තිලකසේන යනු හැටේ දශකයේ කෙටිකතාකරුවෙකු ලෙස සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසි සාහිත්‍යකරුවෙකි. එමෙන් ම ඔහු සංයුක්ත කවි මැයෙන් නව කාව්‍ය සම්ප්‍රදායක් හඳුන්වා දීමට ද උත්සුක විය. ඔහුගේ කෙටිකතා විශාල වශයෙන් ජනප්‍රිය නොවුණ ද, සංයුක්ත කවි ජනප්‍රිය නොවුණ ද හෙතෙම අලුත් පරම්පරාව වෙත ප්‍රබල බලපෑමක් ඇති කළ සාහිත්‍යකරුවෙකි.
මා ‘නව කවි සංග්‍රහය’ සංග්‍රහය සම්පාදනය කරන සමයේ ඔහු සම්මුඛ විය. ඒ වන විට ඔහු කවි සහ සංයුක්ත කවි යන ස්වරූප දෙකම ඇතුළත් කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශ කරන්නට සුදානමින් සිටින බව මට පැවසී ය. නමුත් ‘නව කවි සංග්‍රහය’ මුද්‍රණයෙන් නිකුත්වන තුරු ම ඔහුට එම කෘතිය පළ කිරීමට නොහැකි විය. පසු කලක දී ඔහු කාව්‍ය සංග්‍රහ කිහිපයක් ම පළ කළේ ය; ඔහු රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබී ය. එමෙන් ම ඔහු ජ්‍යේෂ්ඨ කවියෙකි. ඔහුගේ කෙටිකතාවල ද සිටින්නේ කවියෙකි; ඒ කෙටිකතාවල ද පාන්නේ කාව්‍යමය පෙළහරකි. අජිත් තිලකසේනගෙන් මෙම කෘතිය ආරම්භ කරන්නේ එබැවිනි.
තිලකසේන යනු එක් ආකාරයක පෞරුෂයක් පෙන්වන කවියෙකි. ඔහු පද සංඝටනය කරන්නේ චිත්තරූප මැවෙන ආකාරයෙනි. ඔහු වචන දෙකක් ලියා තවත් වචන එකක් හෝ දෙකක් ලියන්නේ සෑහෙන ඉඩක් තැබීමෙන් පසුව ය. එක් කාව්‍යෝකතියකින් පසු සෑහෙන ඉඩක් තබා ඊළඟ කාව්‍යෝක්තිය ලිවිම ඔහුගේ විධික්‍රමයකි. ඇතැම් තැන්වල ඔහුගේ කවියේ දේහය චිත්‍රයක් බවට පත්කර ඇත. උදාහරණයක් ලෙස ‘අලුත් කවි මංජුසාව’ කෘතියෙහි අන්තර්ගත ‘මන්දා’ නමැති කවිය හැඳින්විය හැකි ය. එම කවිය ‘අලුත් කවි මංජුසාව’ කෘතියට ඇතුළත් කර ඇත.
කිසියම් පුද්ගලයෙක් කුමක් හෝ හේතුවක් මත බිරිඳගෙන් වෙන් වී නැවත විවාහ වී සිටිය ද ඔහුට යළි පරණ බිරිඳ හමු වන විට ඔහුගේ සිතෙහි ඇතිවන හැඟීම් අජිත් තිලකසේන සිය කවියට හසු කරගෙන ඇත. මෙම කවියේ අන්‍යාලාපයෙන් කථකයාගේ වර්තමාන විවාහ දිවිය ද ඛේදවාචකයක් බව කියවේ. එමෙන් ම මෙහි උත්ප්‍රාසයක් ද පවතී. එය මෙලෙස විග්‍රහ කළ හැකි ය.
එක වඩයක් කමින් සිටින කෙනෙකු ඒ වඩයට වඩා අනෙක් වඩය රස ඇතැයි සිතා වෙනත් වඩයක් කෑව ද එහි පවතින්නේ පෙර කෑ වඩයෙහි රසය ම ය.
මෙබඳු ගැඹුරු සමාජ කියවීමක් මෙම කවියෙන් පිළිබිඹු කෙරේ. මනුෂ්‍ය සම්බන්ධතා ගොඩනැගෙන්නේ කෙසේ ද, බිද වැටෙන්නේ කෙසේද යන්න පවා මෙම නිර්මාණයෙන් ප්‍රකට කෙරේ.
මන්දා
“අපේ කසාදය කටුගාලා ගෙවුණු දෙවසර තුලදි
අපි මුන ගැහුනා කීප විටක් කඩමන්ඩියෙදි
පාර පනිද්දි ඔබ එක් වරක් මා දිහා බැලුවා
අපේ දරුවවත් ඇදගෙන ඔබ දුවනව දැකල බස් එකට
මම ඔහුව උස්සල තිබ්බා පා පුවරුවෙන් උඩට
ඉක්මනට ගැන්නෙන්න
ඔබේ තුරුලට
වරක් මම
පදිකාව දිගේ එමින් සිට
නිකමට
ඔබ ඉන්නවද බලන්ඩ
තැපැල් පෙට්ටිය ඉදිරිපිට
රේන්ද සලුපිලි හලට එබුනා
වේගයෙන් ගසාගෙන ගිය බස් එකක
දවසක්
ඔබේ හිනහව
රිදී ඉරක් සේ ඇදී ගියා හරහට
මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගනද මන්දා
මගේ දෙවන බිරිඳ
ඇගෙන් මට දරුවො නැහැ
ඊයෙ රෑ කෑම පිහද්දි
මට දැනුනා අතීත සුවඳක්
මතකයට ආවා
කුස්සියේ ඉස්සර හැඩය
හැඳි අලුව කලින් එල්ලුනු තැන
දිය මැස්ස වට්ටි ආන එදා තිබුනු පිලිවෙල
මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගනද මන්දා”
මෙම කවිය කියවිය යුත්තේ අජිත් තිලකසේන ලියා ඇති පරිදි ම ය. එය ඔහුගේ කවියට ම අනන්‍ය වූ ලක්ෂණයකි. කවියාගේ මූලික අභිප්‍රාය බවට පත්ව තිබෙන්නේ පාඨකයාගේ පරිකල්පනය ගොඩනැගීම ය.
අජිත් තිලකසේනගෙන් අරඹා 2021 දක්වා කාව්‍යකරණයේ නිමග්න වූ කවි කිවිඳියන් හාරසියකින් පමණ හැත්තැ දෙනකුගේ නිර්මාණ පිළිබඳ විමංසනයක් මෙම කෘතියෙහි අන්තර්ගත ය.

මෙම අධ්‍යයනයේ දී මට වැටහී ගිය තවත් කරුණක් වූයේ ඉතාම අගනා කවි ලියූ ඇතැම් කවි කිවිදියෝ තමන්ගේ කෘතිය කෙරෙහි පාඨක අවධානය යොමු නොවූ හෙයින් හෝ වෙනත් කුමන හෝ හේතුවකින් කවි ලිවීම අතහැර දා ඇති බවයි. මොවුන්ගේ කවි අද කියවන විට එවායේ පවතින නැවුම් ගුණය ඉතා මැනවින් දකිත හැකි ය. එමෙන් ම අලුතින් කවි ලියන කවියන් සහ කිවිඳියන්ගේ භාව ප්‍රකාශනය තුළ විද්‍යමාන යම් යම් ගුණ සහ සාධනීය කාරණා ද තේරුම් ගැනිමට හැකි විය. එබැවින් මෙම කෘතියෙහි ම දෙවන අදියර සඳහා තවත් කවි කිවිඳියන් හැත්තෑ දෙනකු තෝරාගෙන ඇත.
‘අලුත් කවි මංජුසාව’ කෘතිය සඳහා තොරාගත් හැම කවියකුගේ සහ කිවිදියකගේ ම නිර්මාණ තුන බැගින් අන්තර්ගත කර ඇත. එක් කවියකු හෝ කිවිඳියක කිසියම් ආකාරයකට වටහා ගන්නට නම් විද්‍යාර්ථියකුට අවම වශයෙන් මූලාශ්‍ර කිහිපයක් අවැසි ය. එබැවින් මෙහි දෙවන කොටස සම්පාදනය කෙරෙන්නේ කවිය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට තවත් අත් දැකීම් ලබාගන්නට හැකි වන පරිදි ය. මෙම කොටස් දෙකෙහි ම කවි කිවිඳියන් 140ක් පමණ නියෝජනය කෙරේ. මා විශ්වාස කරන අන්දමට මෙය සෑහෙන විශාල කාල පරාසයක ලියවුණු නූතන සිංහල කවියේ හරස්කඩකි.
සැ. යු. - අජිත් තිලකසේන කවියාගේ කාව්‍ය නිර්මාණයේ (මන්දා) අක්ෂර වින්‍යාසය අදාළ කවියේ පරිදිම ය
සටහන -
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
2024/0310