මාලදිවයිනේ සිටින සෑම ඉන්දීය හමුදා නිලධාරියෙක්ම සිය රටින් පිටමං කළ යුතු බවට මාලදිවයින් නව ජනපති මොහොමඩ් මුයිසු එරට ඉන්දීය තානාපතිවරයාට ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් දින කිහිපයකට පසු ඉන්දීය තානාපතිවරයා මුණගැසී මේ බව දැනුම් දුන්නේ යැයි ජනපති මුයිසු කියා සිටියේ BBC නාලිකාව සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
"මාලදිවයින් භුමියට කිසිදු විදෙස් හමුදාවක් වුවමනා නැහැ. මම එය මාලදිවයින් ජනතාවට පොරොන්දු වුණා, වගේම පළමු දවසේ පටන් මම මගේ පොරොන්දුවේ පිහිටා ක්‍රියා කරනවා."
"මම පැහැදිලිව ඉන්දීය තානාපතිවරයාට ප්‍රකාශ කළා මෙහෙ ඉන්න සෑම ඉන්දීය හමුදා නිලධාරියෙක්ම ඉවත් කළ යුතු බවට," යනුවෙන් ජනපති මුයිසු සඳහන් කළේ ය.
ඉකුත් මස මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන්, ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කළ ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි ජනාධිපතිවරයා පරාජයට පත් කරමින් චීන හිතවාදී විපක්ෂ අපේක්ෂක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කළේය. ඔහු එළඹෙන නොවැම්බර් මස දී මාලදිවයින් ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිත ය.
මාලදිවයින දීර්ඝ කාලිනව ඉන්දීය බලපෑමට නතුව සිටි අතර මුයිසු ගේ මෙම ඉල්ලීම රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය කිරීමට හේතු වනු ඇත.
සබැඳි පුවත් :
චීන හිතවාදී මුයිසු මාලදිවයින් ජනපති ධුරයට