කාරෙක සර්විස් කළා. ඇතුළ පිරිසිදු කරපු තරුණයාට සීට් එකක් අස්සෙ තිබිලා රු. 1000ක් ලැබිලා.

ඔෆිස් එකේ ගෑනු ළමයින්ට භාරදීලා. බිල් ගෙවන්න, වයිපර් බ්ලේඩ් එකක් ගන්න ඔෆිස් එකේ කැරකුණාට ඒ අය මට කිව්වෙ නැහැ. අමතක වෙලා වෙන්නත් පුළුවන්/ නොවෙන්නත් පුළුවන්.

අර තරුණයා ඇහුවා ඒක ගත්තද කියලා. නැවත ගිහින් ඇහුවට පස්සෙ තමයි රුපියල් දාහ දුන්නෙ. “ඒක මේ සර්ගෙද?” කියල ඇහුවෙ අමතක වෙලා වගේ.

සර්විස් කරපු කාර්මිකයට සැලකිය යුතු ටිප් එකක් දුන්නා, රුපියල් දාහෙ සීන් එක නිසා. එද්දි අර තරුණයා නැවත ළංවෙලා ඇහුවා සල්ලි ගත්තද, මම තමයි ඒක සොයාගත්තෙ කියලා. මං කිව්වා ටිප් එකක් දුන්න බව. “එයා අපට දෙන්නෙ නැහැ” කියලා අර තරුණයා කිව්වා. ඒ පාර මිනිහටත් පොඩි ටිප් එකක් දුන්නා.

ඊළඟ වතාවෙ ඒ තරුණයා මොනවා කරයිද? සද්ද නැතුව සාක්කුවෙ දාගනියිද?

කවුද හරි? කවුද වැරදි?

දූෂණය ගැන උදේ ඉඳන් රෑ වෙනකල් කතා කළාට දූෂණය අපේ ජීවිත ඇතුළට කිඳාබැහැලා තියෙන තරම බලන්න.


AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. )

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්