ඔබ අත ඇති සැරෑටිය වැනිය හැක්කේ අනෙකාගේ නාසයේ කෙළවර දක්වා පමණක් බව පුද්ගල නිදහස

පිළිබඳව සාකච්ඡා කරන විට නිතැතින්ම කියවෙන්නකි.

එසේනම් අපට හිමිවන නිදහස සීමා වන ආකාරය ඉතා පැහැදිලි ය.

නතාෂා විසින් ආගමක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ හේතුවෙන් ඇයව අත්තඩංගුවට ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් විවිධ වාද විවාද මුහුණු පොතේ බොහෝය. ඇතැමුන් නිරාගමික් වීමේ නිදහස සහ භාෂණයේ නිදහස ඉල්ලා සිටින අතර තවත් පිරිසක් ආගම් විහිළුවට ලක් කිරීම පිළිබඳව කිපී සිටිති.

නිරාගමික වීම හෝ භාෂාණය යනු පුද්ගලයෙකුගේ ආත්මීය නිදහසට සම්බන්ධ දෙයක් වේ.

එය තම කැමැත්ත අනුව තීරණය කල යුත්තක් වන අතර ඊට පවතින සමාජය තහංචි පනවන්නේ ද නැත. ඕනෑම අයෙකුට තමන් කැමති දෙයක් කිවීමට හා කිරීමට නිදහස ඇත. එහෙත් මේ සියල්ලම තමාගේ සීමාවට පමණක් සීමා වේ.


මෙහිදී මුලින් මතු කල ආප්තයේ ඇති වැදගත් කම වඩාත් හොඳින් කැපී පෙනෙයි. එනම් තමන්ට තම නිදහස භුක්ති විඳිය හැක්කේ අනෙකාගෙ නිදහස අවහිර වන්නේ නැත්නම් පමණකි. ආගම් ඇඳහීම හෝ නොහැඳයීම සිය පෞද්ගලික සීමාවේ කල හැකි වුවත් අනෙක් අයට එය බාධාවක් නොවිය යුතුය. ආගම් විවේචනය ද එසේමය.


එසේම ඉල්ලන නිදහස තුළ ඇත්තේ මෙවන් කරුණකි.

එනම් තමන්ට බාහිරින් තමන් ව පාලනය කරලීම නවත්වන්න යන්නයි.

එහිදී ප්‍රකාශ වන අර්ථය වන්නේ මට මගේ නීතීන් වලට අනුව පාලනය වන්නට ඉඩ දෙන්න කියා ය. බාහිර නීතීන් වලින් නොව අභ්‍යන්තරික නීතීන් (අවිඥානය) ඔස්සේ පාලනය වන්නට ඉඩ දෙන්න කියාය. එය මෙම නිදහස ඉල්ලන සියලු දෙනාගේම ප්‍රකාශිතය බවට පත් වී ඇත.

එහෙත් තමාව පාලනය කරන කේන්ද්‍රය ඇත්තේ තමන් තුළ නොව තමාගෙන් පිටත අනෙකා තුළ ය.

එහෙත් මෙම කේන්ද්‍රය තමන් විසින් ම ගොඩ නගාගත්, තමා විසින් බාහිර ප්‍රක්ෂේපණය කල කේන්ද්‍රයකි. තමා ට සම්බන්ධ දෙයක් බාහිර ලෝකයේ අනෙකා තුළ නැත.  අනෙකා මිය ගිය සමාජයක අප සියලු දෙනා නිදහස් නැතැයි අප කියන්නේ මේ නිසා ය.

(>carbonnews.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්