”අපට නිදහස් ශරීර සහ නිදහස් සිත් අවශ්‍යය. අපට නිදහස් ශ‍්‍රමය සහ නිදහස් සිතුවිලි අවශ්‍යය.

 

අපට විලංගු රහිත අත් අවශ්‍යය. නිදහස් මොළ අවශ්‍යය. නිදහස් ශ‍්‍රමය අපට ධනය ලබාදෙනු ඇත. නිදහස් සිතුවිලි අපට ඇත්ත ලබාදෙනු ඇත.”- රොබට් ගී‍්‍රන් ඉංගර්සෝල්

අද රට යන අත දෙස බලන විට අපේ ශරීර නිදහස් නැත. අපේ සිත් නිදහස් නැත. අපේ ශ‍්‍රමය නිදහස් නැත. අපේ සිතුවිලි නිදහස් නැත. අපට විලංගු රහිත දෑත් නැත. අපේ මොළ නිදහස් නැත. අපේ ශ‍්‍රමය නිදහස් නැත. ශ‍්‍රමය නිදහස් නොවන නිසාම අපට ධනය නැත. සිතුවිලි නිදහස් නැති නිසාම අපට සැබෑම ඇත්ත දැනගන්නට ඇති ඉඩක්ද නැත.

zdfsfr45
බස් රථයක, දුම්රියක යන මගීන් දෙස බලන්න. මහමග ගමන් කරන මගීන් දෙස ජනයා දෙස, බලන්න. ඔවුන්ගේ මුහුණු වලින් පෙනෙන්නේ මොනවාද? ඔවුන්ගේ දෑස්වලින් පෙනෙන්නේ මොනවාද?



ආර්ථික, සමාජීය සහ දේශපාලනික යන සියලූ කාරණාවන්ගෙන් නිදහසක් නැති මිනිසුන්ට සතුටක් තිබේද?  ”ඉසිකිට්”ගේ මෙම ප‍්‍රකාශය දෙසට අවධානය යොමුකරන්න.

”පියවරුන් තිත්ත මිදි කන විට දරුවන්ගේ දත් හිරි වැටෙති”



දැන් සිදුවී ඇත්තේ, සිදුවෙමින් පවතින්නේ ඒ අමිහිරි දත් හිරි වැටීමේ කි‍්‍රයාවලිය සිදුවෙමින් පැවතීමයි.

අද මේ සියලූ දත් හිරි වැටීමේ සිදුවීම් එක් කේන්ද්‍රගත ලක්‍ෂයක් වටා භ‍්‍රමණය වෙයි.

zfser4

ඒ කේන්ද්‍රගත ලක්‍ෂය කුමක්ද? 13 වන ව්‍යවස්ථා සංශෝධනයයි. මේ රට පෙළන්නාවූ අටානුවක් ව්‍යාධි සහ රෝග වලට එකම පිළියම 13 වන ව්‍යවස්ථා සංශෝධනයයි.

මේ 13 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව නම් කේන්ද්‍රගත ලක්‍ෂය වටා භ‍්‍රමණය වන සකල රෝග ලැයිස්තුවක් ඇත. ඒ ලැයිස්තුවට තව තවත් රෝග ව්‍යාධි දවසින් දවස එකතු වේ. ඒ රෝග ව්‍යාධි මොනවාද?



වෛද්‍යවරුන් අතින් බිළිදාගේ සිට මහල්ලාගේ ජීවිත දක්වාම අනතුරට පත්වීමයි. බෙහෙත් හිගයය, බාලබෙහෙත් රෝහල් තුළ සංසරණය වීමය, ඖෂධ මාෆියාවකට සුව ක්‍ෂේත‍්‍රය ගොදුරුවීමය. මේසා ව්‍යාධි ගණනාවකින් ලෙඩ වී මරණාසන්නව පණ අදින සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට එකම පිළියම 13 වන ව්‍යවස්ථා සංශෝධනය.

වන අලි ගම් වැද අසරණ ගම්මුන්ගේ, ගොවීන්ගේ වගා පාළු කර ඒ අසරණුන්ගේ නිවාස පැල්පත් බිදදමා ඒ ගම්මුන් මරාදමන විට ඊට විසදුම 13 වන ව්‍යවස්ථා සංශෝධනයය. ගොවීන්ට වතුර නැතිකම, පොහොර නැතිකම, වගාබිම් විනාශවීම ආදී ගොවීන් පෙළන සියලූ ප‍්‍රශ්නවලට පිළිතුර 13 වන ව්‍යවස්ථා සංශෝධනයය.



යුක්ති සහගත මැතිවරණ පැවැත්වීම කල්යාම විසඳගත හැක්කේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙනි. මැතිවරණ පැවැත්වීම ස`දහා මුදල් සොයාගත හැක්කේ 13වන ව්‍යවස්ථාව බලාත්මක කිරීමෙනි.

ජීවන වියදම පහත හෙලා උද්ධමනය පාලනය කළ හැක්කේ 13 වන ව්‍යවස්ථාව සංශෝධනය බලාත්මක කිරීමෙනි. ඩොලරයට සාපේක්‍ෂව රුපියල සවිබල ගැන්විය හැක්කේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කිරීමෙන් පමණකි.

swrdb

එදා බණ්ඩාරනායක මහතා අගමැතිව සිටියදී දෙන්නට ගිය බලය බෙදීම අද 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමෙන් නොනැවතී ඉඩම් බලතල, පොලිස් බලතල, පළාත් 9ටම ලබාදීමෙන් මහඇමතිවරු ඒ ඒ පළාත්වල අගමැතිවරු බවට පත්වීමෙන් බලය බෙදීමේ කි‍්‍රයාවලිය ඉෂ්ට සිද්ධ වීමෙන් රට පෙළන සියලූ රෝග වලට සුවය ලැබෙනු නියතය.



අද පාතාලය රටපුරාම හිතූහිතූ ආකාරයට මිනිස් ඝාතන සිද්ධ කරයි. ඊටද පිළියම 13 වන ව්‍යවස්ථා සංශෝධනය මිස වෙනත් කෝ`දුරුතෙල් විසඳුමක්ද?

මත්ද්‍රව්‍ය අයිස් මෙන් සීතල වී මුළුරටම වසාගෙන පාසල් ළමුන් පවා බිලිගන්නාවිටදී එය සහමුලින්ම මුලිනුපුටා දැමිය හැක්කේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙනි.

උතුරේ සිට දකුණටත් බස්නාහිර සිට දකුණටත් එකසේම පැතිර පවත්නා දිළිදුකම, දරිද්‍රතාවය, කුසගින්න ආදියට විසදුම ඇත්තේද 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙනි.

විද්වතුන් රටහැරයාම, බුද්ධිගලනයට විස`දුම ඇත්තේද 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙහිය.

මේ ආකාරයට මෙකී නොකී සියලූ ආකාරයේ නස්පැත්තීන් ව්‍යසනයන්, දුක් කරදර, ආදියට විස`දුම ඇත්තේ 13 තුළය. උද්ඝෝෂණය කිරීමේ, පෙළපාලි යාමේ නිදහස අවශ්‍ය නොවන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමෙන් සකල රෝගාබාධා නිවාරණය වන බැවිනි.

මේ පාලකයන් ජනතාවට හිතන්නට අවශ්‍යවන එසේම හිතන්නට පොළඹවන ආණ්ඩුවේ ඇත්තන්ගේ හිතන පැටර්න් එකය.



13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සබ්බ සකල රෝගාබාධ 100%ක් නිවාරණය වන්නේ යැයි සිතීම තුළම අප අපගේම දෑත්වලට විලංගුලාගෙන ඇත.

උතුරේ දමිළ ජනතාවට ඔවුන්ගේම නිදහස හිමිවන ආකාරයට බලය බෙදීමක් අවශ්‍යය. දකුණෙන් බලය ලබාගන්නා උතුරේ දේශපාලනඥයින් උතුරේ ජනතාව පෙළන්නට 13 තුළින් ලයිසන් එකක් ගතහොත් එය පුදුමයට කාරණයක්ද නොවන්නේය.



වළං තනන්නේ මැටි වලින් බව සැබෑය. එහෙත් ඒ මැටි වලින් මිනිස් මොළ පිරීගියහොත් සිද්ධවන්නේ කුමක්ද?

රටම පෙළන්නාවූ ප‍්‍රශ්න අටෝරාසියක් තිබියදී 13 ක් ගෙන ඒම හුදෙක් ජාතීන් අතර ගැටුමක් වර්ධනය කිරීම පිණිස වන්නේ නම් ඒ 13 සංශෝධනය දෙකට තුනට නවා කොහේ හෝ රහස් තැනක ගසා ගැනීම වඩාත් සුදුසුය.

mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්