මහජන බලය සියල්ලට වඩා බලවත් බව, විවාදයක් නැති පිළිගැනීමකි. පසුගිය අරගල සමයේදී බොහෝ විට මෙය උත්කර්ශයට නංවා තිබිණි.

ව්‍යවස්ථාපිත නීතිය නොතකා රාජ්‍ය පාලකයන් පන්නා දැමීමේ හැකියාව මහජනතාවට තිබෙන බව අරගලකරුවන් විශ්වාස කිරීම මේ තත්වයට හේතු විය. එතැනින් නොනැවතී රාජ්‍ය පාලනය වෙනුවෙන් ව්‍යවස්ථාපිතයට එපිටින් මහජන බලයක් ගොඩනැගීම විය යුතු බවත් ප‍්‍රකාශයට පත්ව තිබිණි. අරගලය එතැනට තල්ලූ‍ වුයේ මේ මහජන බලය යන්න බොහෝ විට වර නැගෙන්නේ රාජ්‍ය පාලනය වෙනුවෙන් පිහි‍ටුවා ගෙන තිබෙන ප‍්‍රධාන ආයතන ත‍්‍රිත්වය වන විධායකය, ව්‍යවස්ථාදායක (පාර්ලිමේන්තුව), අධිකරණ යන්නට එරෙහිව ගොඩනැගෙන බලයක් ලෙස තේරුම් ගැනීම නිසාය. නමුත් අධිකරණය මෙහිදී පැත්තකට කර තැබීමට පරිස්සම් වීමද දකින්නට තිබිණි.

 gsfdsdfsdf

කෙසේ නමුත් මෙහිදී පටලවා ගත් තැන වූයේ විධායකය ව්‍යස්ථාදායකය අධිකරණය යනු මහජන බලයට ප‍්‍රතිපක්ෂව නැතිනම් වෙනම මහජනතාවට ඉහළින් පවතින මර්දනකාරී ආයතන බව පිළිගැනීම තුළය. රාජ්‍යයක් පවත්වා ගැනීමේදී එහි සියලූ‍ තීරණ ගැනීම එම රාජ්‍ය සීමාවේ මහජනතාව විසින් කරනවා මිසක් වෙනත් පිටස්තර බලවේග සම්බන්ධ වන්නේ නැත. එහිදී එකම සහ ඉහළම බලය වන්නේ මහජනතාවය. එනම් පරම බලය ඇත්තේ මහජනතාවටය. නමුත් එසේ කියා රාජ්‍යයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සියලූ‍ම ජනතාවට එක් නිශ්චිත තීන්දුවක් තීරණයක් ගැනීම ප‍්‍රායෝගිකව සාර්ථක විය නොහැකි තත්වයකි. විවිධ මත ගැටුම් ඇතිවිය හැකිය. ඒවා ශාරීරික ගැටුම්, මාරාන්තික ගැටුම් දක්වා ගමන් කළ හැකිය. මානව ඉතිහාසය පුරා එම තත්වයන් ඇති තරම් තිබේ. ඒ අනුව රාජාණ්ඩු ඒකාධිපති ක‍්‍රම බිඳ වැටී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය දක්වා පැමිණ තිබේ.

 

මේ අනුව මහජනතාව අතර වූ සම්මුතියක් ලෙස රාජ්‍ය පාලනය හෝ ආණ්ඩුකරණය වෙනුවෙන් මහජනතාවගේ පරමබලය නැති නම් පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආයතන ව්‍යුහයන් ගොඩනැගීම සිදු විය. එහිදී රාජ්‍ය පාලනය වෙනුවෙන් වන මූලිකම අවශ්‍යතාවය වන නීතිය සැකසීමෙ වගකීම වෙනුවෙන් මහජන නියෝජිතයන්ගේ ව්‍යවස්ථාදායකය නිර්මාණය විය. එම නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අධිකාරි බලය විධායකයට පවරන ලදී. එසේම යම් නීතියක් පැනවීමේ හෝ වෙනස් කිරීම සම්බන්ධයෙන් අර්ථ නිරුපනය ලබාගැනීම අධිකරණයේ කාර්යභාරය විය. නීතියේ ආරක්ෂකයා ද අධිකරණය විය. ඒ අනුව සම්මත නීතිය යටතේ යුක්තිය පසිඳලීමේ කාරිය ද ඊට පැවරිණි.

මේ අනුව විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යනු පරම මහජන බලයමය. එනම් ජනතා පරමාධිපත්‍යයමය. ඒ අනුව මහජන බලය කියන්නේ මෙම ආයතනවලට පිටස්තර හෝ ඊට එරෙහි දෙයක් නොවේ. ඊට ඉහළින් මහජන බලයක් පවතින්නේ නැත. නමුත් මහජන බලය තමයි ලොකු කියමින් මෙම ආයතනවලට එරෙහිවීම මහජන බලයටම එල්ල කරන අභියෝගයකි. එසේම රාජ්‍යය අරාජිකකරවීමට ගන්නා උත්සාහයකි.

 sdlfkjsld

මහජන අරගල කියමින්, මහජනතාව විසින්ම පාලන බලය පැවරු පුද්ගලයන් පන්නා දැමීම විය හැකි නමුදු ඊට පසු කුමක්ද කරන්නේ කියන ගැටළුවට ගාලූ මුවදොර අරගලකරුවන්ට උත්තර නැති වූයේ මේ නිසාය. අරගලය අවසානයේ යළි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව විධායකය ව්‍යස්ථාදායකය සහ අධිකරණය ක‍්‍රියාත්මක වීම හැර වෙන ගොඩනැංවීමක් ඇති වූයේ නැත්තේත් ඒ නිසාය. නැවත සිදු වූයේ මහජන සම්මුතියක් ලෙස පරමාධිපත්‍ය බලය පිහිටුවා තිබෙන ආකාරයම නැවත තහවුරු වීමය.

 

රනිල් වික‍්‍රමසිංහ, අරගලකරුවන්ට රට අරාජක තත්වයට පත්කිරීමට ඉඩ නොදී මහජන සම්මුතිය වූ රටේ මුලික නීතිය නැතිනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ක‍්‍රියාමාර්ග ගත්තේ ඒ අනුවය. ඔහුව ජනාධිපතිවරයා බවට පත් කළේත් එම පරමාධිපත්‍යය ක‍්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත ක‍්‍රමය අනුවමය. එනම් ජනවරමක් අනුවමය. මේ අනුව කවරාකාර මහජන නැගිටීම් ඇති වී කවරක් සිදුවුවත් අවසන ව්‍යවස්ථාපිත නීතියට යටත් වීම හැර කිසිවක් සිදු වුයේ නැත. මේ නිසා රාජ්‍යයේ බලය පෙරැළීමට හිතාගෙන කරන ඊනියා මහජන අරගල අවසානයේ හිමි කරගන්නේ පරාජයන්ය. නමුත් තවමත් මෙම ව්‍යවස්ථාපිතයට එරෙහිව යමින් අරගල කිරීමේ උත්සාහයන් ක‍්‍රියාත්මක වෙයි. පසුගිය සතියේත් ජල අර්බුදයට මුවා වී එවැනි උත්සාහයකට විපක්ෂය මාන බැලූ‍වේය. නමුත් එය ව්‍යර්ථ කිරීමට රජය සමත් විය.

er65dfg

පසුගියදා ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාමාර්ගයක් ලෙස දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ වැඩපිළිවෙල ව්‍යවස්ථාදායකය හරහා සම්මත කරගෙන එය රටේ ක‍්‍රියාත්මක විය යුතු නීතියක් බවට පත් කරගෙන තිබියදී ඊට එරෙහිව විපක්ෂ පාර්ශ්වය විසින් අධිකරණය හමුවට ගොස් තිබිණි. රජයේ මුල්‍ය පාලන කටයුතු පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ පාර්ලිමේන්තුවටය. ඒ අනුව පාර්ලිමේන්තුව විසින් අනුමත කරගත් දෙය නීතියක් බවට පත්වන අතර එය අභියෝගයට ලක් කිරීම පාර්ලිමේන්තුව තුළම විය යුතු දෙයක් මිස අධිකරණයට එය අභියොග කළ නොහැකිය.

 

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පසුගිය 04 වනදා මෙය අවධාරණය කළේ ”...රාජ්‍ය මූල්‍ය පාලනය අයිති පාර්ලිමේන්තුවට. මෙම වැඩසටහන පාර්ලිමේන්තුවෙන් අනුමත කර අවසන්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 04 වන වගන්තිය යටතේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලබාදී තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව සතු බලතල සියල්ල පාර්ලිමේන්තුව ඒ ආකාරයට ක‍්‍රියාත්මක කරනවා. අනිත් වැඩකටයුතු අධිකරණය ම`ගින් කළ හැකියි. ඒ අනුව මෙම මූල්‍ය කටයුතු සියල්ල සිදු වන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ නිසා පාර්ලිමේන්තුවේ නීතිය අනුව තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ.

මේ ගෙන යන වැඩපිළිවෙළ අප නතර කරන්නේ පාර්ලිමේන්තුව දැනුම් දුන්නොත් පමණයි. නැත්නම් අප එය ඉදිරියට ගෙන යනවා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් හැර වෙන් කිසිවෙකුගෙන් අපට උපදෙස් හෝ නියෝග ලබා ගන්න බැහැ. ඒ නිසා අනවශ්‍ය ප‍්‍රශ්නයක් ඇති කරගන්න එපා කියලා මම මේ කුඩා පක්ෂවලට කියනවා.

ඒ වගේම සියලූ‍දෙනා එක් වෙලා මේ රට ඉදිරියට ගෙන යා යුතුයි. පැරණි දේශපාලනයෙන් මේ රට දියුණු කරන්න බැහැ. නැවත පැරණි දේශපාලනය ගෙනත් මේ රට නැති කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. මේ රට දියුණු රටක් බවට පත් කිරීමේ වගකීම මම භාරගත්තා. ඒ වගකීම මම ඉෂ්ඨ කරනවා. එම වැඩකටයුතුවලදී මම පාර්ලිමේන්තුව සමග කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ණය ප‍්‍රශස්තකරණයේ දී අප වගකියන්නේ පාර්ලිමේන්තුවට පමණයි. අප සියලූ‍දෙනා එකතුවෙලා මෙම කටයුතු සාර්ථක කර ගනිමු.” යනුවෙනි.

එසේම, පාර්ලිමේන්තුව හමුවේ දැනුම් දීමක් කරමින් කතානායන මහින්ද යාපා අබේවර්ධන, ස්වෛරී ණය තිරසරභාවය යථාතත්වයට පත් කිරීම සඳහා දේශීය ණය ප‍්‍රශස්තකරණය ක‍්‍රියාත්මක කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබ ඇති බැවින් එම යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද වෙනත් ඕනෑම අධිකරණයක අධිකරණ බලයෙන් ඔබ්බට ප‍්‍රශ්න කිරීමට හෝ සමාලෝචන කිරීමට හෝ අභියෝග කිරීමට හෝ නොහැකි බව ද... පාර්ලිමේන්තු කටයුතු ප‍්‍රශ්න කිරීමට හෝ ඊට මැදිහත් වීමට අධිකරණයට නොහැකි බවත් කතානායකවරයාට තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත් කතානායක අනුර බණ්ඩාරනායක මහතා දෙදහස් එක වසරේ ජූනි විසි වන දා පැහැදිලිව ප‍්‍රකාශ කළ බවත් පෙන්වා දී තිබිණි.

 

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී, නීතිපති දෙපාර්තමේන්තුව පවසා තිබුණේත් පාර්ලිමේන්තුව එම යෝජනාව විධිමත් ආකාරයෙන් සම්මත කර ඇති බවත් ඒ අනුව ව්‍යවස්ථාදායකය හමුවේ පැවැති කරුණක් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත්ය. ඒ අනුව දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම නිශ්ප‍්‍රභ කිරීමට කටයුතු කළේය. මෙම අධිකරණ තීන්දුවත් මහජන පරම බලය ක‍්‍රියාත්මක වන ආකාරය නැවත පැහැදිලි කිරීමක් විය.

 All Partes

මේ අතර උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුම හා පළාත් වශයෙන් බලය විමධ්‍යගත කිරීම අදාල ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මේ වන විට ගෙන ඇති සහ තවදුරටත් යෝජනා කරන ක‍්‍රියාවලිය පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ දිර්ඝව විස්තර කරන ලදී. ඉතා පැහැදිලිව නිශ්චිතව මෙම කරුණු කාරණා ඉදිරිපත් කරමින් විපක්ෂයට තමන්ගේ ඇති විකල්ප විසඳුම් හෝ තම යෝජනා ගැන අදහස හෝ ප‍්‍රකාශ කරන ලෙස දන්වා තිබේ. මේ සම්බන්ධයෙන් හෝ ගත යුතු වූ ක‍්‍රියාමාර්ගය ගැන විපක්ෂ කණ්ඩායම් වෙතින් මෙතෙක් සම්පුර්ණ නිශ්චිත අදහසක් ප‍්‍රකාශයට පත්ව නැත. දශක ගණනාවක් තිස්සේ මේවා සම්බන්ධයෙන් සාකච්ඡුා කෙරුණද තවමත් එය නිරාකරණය කරගැනීමේ නොහැකියාව හෝ සිය පටු දේශපාලනික න්‍යායපත‍්‍ර ක‍්‍රියාවට නැගීමේ අදහසින් හෝ මෙය මඟ හරිමින් තිබෙන බව ජනාධිපතිවරයාගේ මෙම එළඹුමෙන්මත් නැවත පැහැදිලිය. රනිල් වික‍්‍රමසිංහ හැමදාමත් යම් ප‍්‍රතිපත්තිමය පදනමක සිට රටේ අර්බුද විසඳා ගැනීම වෙනුවෙන් පෙනී සිටි අයෙකි. එසේම ඔහුට ක‍්‍රියාත්මක කිරීමට හැකි වූ සෑම වැඩසටහනකම තිබුණේ එම ප‍්‍රතිපත්තිය ගරු කරගෙන ගත් ක‍්‍රියාමාර්ගයන්ය. ඒ නිසා සෑම ගැටළුවකටම ගත යුතු වූ පියවර ගැන පැහැදිලි අදහසක් ප‍්‍රකාශයට පත් කිරීමේ හැකියාව ඔහු සතුය. පසුගියදා ඔහු පාර්ලිමේන්තුව හමුවේ සිදු කළ ප‍්‍රකාශයේ දීත්, ඔහු ගෙන තිබෙන හා ගත් පියවර එකින් එක සඳහන් කළ අතර ඒ එකිනෙක හා සහසම්බන්ධව මෙම ගැටළු විසඳා ගැනීමට පියවර ගෙන තිබෙන උත්සාහය පැහැදිලිව පෙන්නුම් කර ඇත. මේ අනුව දැනටමත් ගෙන තිබෙන ක‍්‍රියාමාර්ග නිසා දෙමළ ජනතාව මුහුණ දී ඇති ගැටළු ගණනාවකට විසඳුම් ක‍්‍රියාත්මකව පවතී.

 

එමෙන්ම උතුරු නැගෙනහිර දෙපළාතේ සංවර්ධනය වෙනුවෙන් යෝජනා කරන නව ක‍්‍රියාමාර්ග රැසක්ද ඉදිරිපත් කෙරිණි. කොහොම නමුත් මෙම සංවර්ධන ක‍්‍රියාදාමය ආරම්භ කිරීමට හැකිවන තත්වයක් ඇති වුවහොත් මෙරට වඩා සීග‍්‍රයෙන් සංවර්ධනය වන කලාපය එය විය හැකිය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා පසුගියදා ඉන්දියාව සමඟ එකඟ වූ හවුල්කාරිත්ව දැක්ම වැඩපිළිවෙල අනුව උතුරු නැගෙනහිර පළාත්වලට ජාත්‍යන්තරය සමඟ වන නව සංවර්ධිත යුගයකට පිවිසීමේ විශාල ඉඩකඩකද විවරව පවතී. එසේම දෙමළ ඩයස්පෝරාව උතුරු නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දීමේ අපේක්ෂාවෙන් පසුවන අතර ඒ අවස්ථාව ලැබෙන සැනින් ඔවුන් ක‍්‍රියාත්මක වනුද ඇත. මේ අනුව මෙම දෙපළාතේ සංවර්ධනය ඊට පමණක් සීමා වන්නේ නැත. එය පොදු වශයෙන් රටේ දේශීය නිෂ්පාදනය ඉහළ දැමීමට හේතුවන අතර එය සමස්ත ශ‍්‍රී ලංකාවටම ප‍්‍රතිලාභ අත්කර දෙනු ඇත. එමෙන්ම පළාත් සභා සඳහා අවශ්‍ය බලතල ලැබීම මත වෙනදා පළාත් සභාව පැවැති සුදු අලියාගේ තත්වයෙන් මිදුන රටේ සංවර්ධනයේ ප‍්‍රධානතම යාන්ත‍්‍රණය එය බවට පත් වීම වෙනු ඇත. ඒ අනුව ජනාධිපතිවරයාගේ සංවර්ධනය සැලසුම සමස්ත රටට ප‍්‍රතිලාභ ගෙන එම ඉලක්ක කරගත්තක් බව පැහැදිලිය. එහෙත් මේ සඳහා විශාලම බාධකයක්ව ඇත්තේ විපක්ෂ කොටස් මේ ගැන දක්වන නිද්‍රාශීලි හෝ සටකපට බව හෝ පදනම් කර ගත් පිළිවෙතය. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට එකඟ නොවේ නම් තමන්ගේ වැඩ පිළිවෙල ඉදිරිපත් කිරීම හෝ ඔවුන් වෙතින් විය යුතුය. නමුත් එහෙම මෙහෙන් අල්ලා ගන්නා කොන් කැල්ලක එල්ලී කෑකෝ ගැසීම හැර වෙනකක් මෙතෙක් දකින්නට ලැබී නැත.

 

මෙහෙම විපක්ෂයක් රටක තිබෙනවාට වඩා එවැන්නක් නොතිබේ නම් රටට යහපතක්ම වෙනු ඇතැයි කීවාට වැරදි නැත. ආණ්ඩුකරණයේ දී විපක්ෂයක් කියන්නේ මිළඟට ආණ්ඩු බලය ලබාගැනීමට සූදානමින් සිටින කණ්ඩායමටය. එහෙම ආණ්ඩුකරණයට අවස්ථාවක් ලබාගැනීමට නම් විපක්ෂය සතුව විධිමත් වැඩපිළිවෙලක් හෝ තිබිය යුතුය. නැතිනම් ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩපිළිවෙල හා එකඟව ඊට සහයෝගය ලබා දීම විය යුතුය. නැතිනම් ආණ්ඩුවේ වැඩපිළිවෙල ආණ්ඩුවට වඩා හොඳින් තමන්ට කළ හැකි බව හෝ පෙන්වා දීම විය යුතුය. නමුත් අද ලංකාවේ විපක්ෂය යනු තනිකර ඔල්මොරොන්දම් සෙට් එකක් කියා හැඳින්විය හැකි තරමට අවුල් වියවුල් වී කළ යුත්තේ නොකළ යුත්තේ කුමක්ද යන්න ගැන හෝ වැටහීමක් නැති පිරිසක් බවට පත්ව ති‍බේ. රටක් ලෙස ගත් විට මෙය ඉතා අවාසනාවන්ත තත්වයකි. නමුත් බරපතලම දේ තමන්ගේ ඔල්මොරොන්දම් භාවය තියාගෙන පැත්තකට වී නොසිට ආණ්ඩුව ගන්නා ක‍්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමට නිරන්තරයෙන් පෙළඹීමය. බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට කන්න දෙන්නෙත් නෑ කියන්නේ මේ වගේ දේවල්වලටය. නිකම් බුර බුරා සිටීමෙන් තමන්ට වැඩක් නොවන බවවත් වැටහීමක් මේ අයට නැත. අඩුම තරමින් තමන් විපක්ෂයේ සිටියද තමන් එතැන සිටින්නේ මහජනතාවගේ බලය නියෝජනය කරමින් බවත් ඒ අනුව එම ජනතාවගේ සුබ සිද්ධිය කෙරෙහි වගවීමක් තමන්ට ඇති බවවත් මේ අය නොදනී. කොටින්ම මහජන බලය යනු කුමක්දැයි හෝ මේ අයට වැටහීමක් නැත.

අඩුම තරමින් ජනාධිපතිවරයාට, මහජනතාවගේ වරමක් නැතැයි කියමින් විපක්ෂය ගත් කිසිදු පියවරකට මහජනතාවගේ සහය නොලැබෙන්නේ ඇයි කියන කාරණය ගැන හෝ හිතුවා නම් ඇත්ත ජනවරම ඇත්තේ ජනාධිපතිවරයාට බවවත් වැටහෙනු ඇත.

ඝෝෂක
chatham Street Journal - 2023.08.13

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්