ලිබරල් යන්නෙහි අරුත නිදහස් යන්නයි. ලිබරලිසම් යනු පුද්ගල නිදහස මූලික සංකල්පයකි.

එයට විරුද්ධ එක් සංකල්පයක් වන්නේ කොන්සර්වටිස්ම් හෙවත් ගතානුගතිකත්වයයි. 

 

මේ අන්ත දෙක අතර බොහෝ නුවාන්ස සංකල්ප තිබුණත් මේ ප්‍රාථමික බෙදීම තේරුම් ගැනීම වැදගත්ය. රනිල් වික්‍රමසිංහ ජර්මානු මාධ්‍යකරුවෙකු සමග කළ සම්මුඛ සාකච්ඡාව ලංකාවේ ඊනියා ලිබරලුන්ට මහත් ප්‍රශ්නයක් වී තිබේ. නමුත් ඒ අවස්ථාවේ වික්‍රමසිංහගේ කායික වාචසික හැසිරීම සම්පූර්ණයෙන්ම ෆුලේ ෆුල් ලිබරල් නිදහස්නේ. එය ප්‍රශ්නයක් වෙනවා නම් විය යුත්තේ ගතානුගතිකයන්ට මිස ඊනියා ලිබරලුන්ට නොවේ. ලිබරලිසම් ගැන බණ කියන මහේෂ් හපුගොඩ කියන්නේ වික්‍රමසිංහගේ හැසිරීම සෙකන්ඩ් ක්ලාස් කියාය. මේවා හිනා කාලා පණ යන විහිළු.

 

හපුගොඩ කියන්නේ වික්‍රමසිංහට ඉවසන්න තිබුණා කියාය. ලිබරල් ඉවසීම යනු කුමක්දැයි හපුගොඩට වැටහී නැති සේය. කළු මැයි සංහාරය උත්කර්ෂයට නංවමින් පැණි බේරෙන ලිපියක් ලියා ඇති හපුගොඩ එහි කියන්නේ “මිනිස් ආවේගයන් විප්ලවීය නැතැයි කිව හැක්කේ කාටද” කියාය. එහෙම කියන හපුගොඩට වික්‍රමසිංහගේ ඉවසීමේ සීමාව ප්‍රශ්නයක්ව ඇත. හපුගොඩගේ වයර් මාරු වී ඇත. හරිනම් විය යුත්තේ පුද්ගල නිදහස, පුද්ගලික දේපළ, ප්‍රජාතන්ත්‍රය ආදී ලිබරල් සියල්ල මර්දනය කළ ම්ලේච්ඡ අරගලය විවේචනය කර; වික්‍රමසිංහගේ ලිබරල් වාචකය උත්කර්ෂයට නැංවීමයි. ලංකාවේ ලිබරල් කියාගන්නා උන් තුළ ඉන්නේ කන්ෆියුස්ඩ් ගතානුගතිකයන්. ඊටත් අන්ත අධිරාජ්‍යවාදී වහලුන්.

 


මේක තේරුම් ගන්න හොඳම සංවාදයක් තමයි ලෝකප්‍රකට ජෝර්ඩන් පීටර්සන් සහ චැනල් හතරේ කැතී නිව්මන් අතර වුණ ඓතිහාසික සංවාදය. එතැනදී ෆෙමිනිස්ට් පඬි සීන් එකෙන් එන කැතී නිව්මන් පජාත වෙනවා. පීටර්සන් ඒ සංවාදයම උදාහරණයට අරගෙන පෙන්නනවා එකිනෙකා තරහා ගැස්සේවී යන අවදානම නොගෙන සංවාදයක් කරන්න බැරිය කියා. සංවාදයක් කියන්නේ අන්තිම අමාරු වැඩක්. 

 

 
හපුගොඩ සමග මා දෙපාරක්ද කොහෙද කතා කර තිබෙනවා. හපුගොඩ බයයි අනෙකා තරහා වෙයි කියලා. හැම වෙලාවෙම බොරු කැවියට් දානවා. අර දීප්තිගේ පත්තරේ කතාවට ගිහිල්ලත් දීප්ති තරහා වෙයි කියලා පරාණ බයේ කතා කළේ. එහෙම සංවාද කරන්න බැහැ. අඩුම තරමින් ඒවා නිදහස් සංවාද නොවෙයි. ලිබරල් නම් ලිබරල් වෙන්න ඕනා.



හපුගොඩ ඇත්තටම ගතානුගතිකයෙක්. ඔහු වික්ටෝරියානු සල්ලාප සම්ප්‍රදායන් පිළිපැදිය යුතුය කියා සිතන කෙනෙක්. සදාචාරය පිළිබඳ ආගමික දෘෂ්ටියක ඉන්න කෙනෙකුට තමයි වික්‍රමසිංහගේ කතාව ප්‍රශ්නයක් වෙන්නේ. රනිල් කියන්නේ ලිබරල් මිනිහෙක්. අතීතයේ ලිබරල් වෙන්න පුළුවන් වුණේ ධනපති ප්‍රභූන්ට පමණයි. රනිල් පරම්පරාවෙන්ම එහෙම මිනිහෙක්. හපුගොඩට මළාට රනිල්ගේ ලිබරලිසම් එකට කිට්ටු වෙන්නවත් බැහැ. හපුගොඩලා නිර්මාල්ලා විදර්ශනලා කියන්නේ මේ මූලික සංකල්පවල අතරමං වුණු ගතානුගතික ගම්බට්ටෝ විතරයි. බොරුවට දාර්ශනිකයන්ගේ නම් කිය කිය පොතක තියෙන මගුලක් වැමෑරුවට ඒවා ප්‍රායෝගිකව අත්විඳින අය නොවෙයි.



ආර්ථික ලිබරලිසම් කියන්නේ ආණ්ඩුව උපරිම වශයෙන් ආර්ථික ක්‍රියාවලියෙන් ඉවත් වීම. එතකොට IMF එක ලංකාවේ ආර්ථිකය හැසිරවීම කිසිසේත්ම ලිබරල් නැහැ. ඒ බලය යොදාගෙන ස්වාධීන රාජ්‍යයක අභ්‍යන්තර පාලනය ගැන ජර්මන්කාරයා රනිල්ගෙන් ප්‍රශ්න කිරීම ඩබල් ලිබරල් නැහැ. රනිල් කරන්නේ ඒ සංවාදය ලිබරල් තැනකට ගෙන ඒමයි. ලිබරල් සංවාදයක පුද්ගලයන් සමානාත්ම විය යුතුයි. සෙකන්ඩ් ක්ලාස් කතාව රනිල් කියන්නේ ඒ අර්ථයෙන්. ඒක හපුගොඩට තේරෙන්නේ නැහැ.



ලංකාවේ ඉන්න ලෝක පණ්ඩිතයන්ට වෙලා තියෙන්නේ තමන් කතා කරන සංකල්ප ගැන හරියට නොදැනීමයි. එක්කෝ දන්නේ බාගෙට. ඒ ඒ වෙලාවට ජනප්‍රිය මොකක් හරි කියලා දමලා අරිනවා. නැත්තන් විදර්ශන වගේ එහෙන් මෙහෙන් අහුලගත්ත වචන දාලා කිසිම තේරුමක් නැති විකාරයක් කියලා ගැලරිය චූන් කරනවා. ලිං මැඩියෝ ටික කට ඇරගෙන අහගෙන ඉඳලා “මරු මරු” කියනවා. ඒකයි මේ රටේ ඇකඩමිකය තුළවත් කිසිම ආකාරයක ප්‍රගමනයක් නැත්තේ. විදර්ශන නම් අයත් වෙන්නේ ලිබරලිස්ම් සහ කොන්සර්වටිසම් දෙකටම විරුද්ධ ෆැසිස්ට් කොමියුනිසම්වලට.



ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 සැප්තැම්බර් 4



සබැඳි ලිපිය ;
ඇත්තටම 'හෙලාදැක්ක' උනත් තව ඉවසන්න තිබ්බ....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image