ලංකාවේ සමාජයට විජේවීර වාදීන් හදුන්වා දුන් ‘විජේවීර වාදය’ නැමති පටු චින්තනය සමස්ත සමාජයම රෝගී තත්ත්වයකට ඇද දමා ඇත.

 

විජේවීර වාදී චින්තනය යනු අර්බුදයට පත් සෑම සමාජ ප්‍රපංචයකම වගකීම බාහිර සතුරෙකුට පැවරීමත් එම සතුරා පරාජය කර අර්බුදය ජයගත හැකි වීරයා තමන් බවත් විශ්වාස කිරීමට බල කරන සමාජ චින්තනයයි.

මෙම චින්තන ආකෘතිය පක්ශ විපක්ශ බේදයකින් තොරව,වාමාංශික දක්ශිනාංශික බේදයකින් තොරව සමස්ත බහුතරයේ චින්තන ආකෘතිය බවට පත්ව ඇත .

”නුවර එළිය තැපැල් කාර්‍යාලය” හෝටලයක් කිරීමට ජනාධිපති වරයා ගත් සෘජු තීන්දුවත් සමග තැපැල් කාර්‍යාලය සතු වටිනා ගොඩනැගිලි රනිල් විකුනා තැපල් දෙපාර්තමේන්තුව විනාශ කරන්නේ යැයි ‘ජාතික ජන බලවේගය’ පවසමින් බාහිර සතුරෙක් මවයි. එවිට එය බේරාගන්නා වීරයා බවට ජාතික ජන බලවේගය පත් වෙයි.



තරග පරාජයන් සමග ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල ගැටලු රාශියක් ඇති බව නොරහසකි. ක්‍රිකට් තරග පරාජයත් සමග ඇතිවන සමාජ අසහනය සහ ආතතිය යොදා ගනිමින් ක්‍රිකට් විනාශ වී ඇති බව ප්‍රකාශ කරමින් එම විනාශයට වගකිවයුත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය නැමති සතුරා බවට සමාජ කතිකාවක් මේ වන විට ගොඩ නගා ඇත. එම සතුරා පරාජය කල හැකි වීරයෙක්ද ඒ සමගම උත්කර්ෂනයට ලක් කරයි.

ලංකාවේ සියලුම සංකීර්ණ සමාජ ආර්ථික ගැටලු සියල්ලම විග්‍රහ කරගනු ලබන්නේ මෙම ”සතුරා සහ වීරයා” උත්කර්ෂනයට ලක් කරන බයිනරි ආකෘතියෙනි. එහිදී ඕනෑම අර්බුදයක සැබෑ යථමය කේන්ද්‍රය ගිලිහී යන අතර අප අපගේ අභ්‍යන්තරය (අවිංඥානය ) ආශා කරන අපගේ විනෝදය, එනම් පවතින සමාජ ගැටලුවලට ඇති අපගේ දායකත්වය අහෝසි කර ඒ සදහා වෙනත් බාහිර සතුරෙක් නිර්මානය කර එම සතුරා විනාශ කිරීමට පෙරමුන ගැනීමේ අවස්තාව ජහමනයාට ලැබේ. එය අර්බුදයෙන් පීඩා විදින ජහමනයාට විශාල අභ්‍යන්තර සහනයකි.[POLITICAL FANTASY]

මනෝවිශ්ලේශනාත්මකව බැලූවිට පශ්චාත් නූතන ධනවාදය තුල ලංකාවේ සමාජ ආර්ථික ගැටලු හමුවේ ඇතිවී ඇති පුද්ගල ආතතියෙන් ගැලවීම වෙනුවෙන් අපගේ අභ්‍යන්තර මානසික ආකෘතිය සකස් වී ඇත්තේ මෙම උමතු බාවයට – MADNESS- ඇද වැටන පරිදිය. මෙය සයිකොටික තත්වයකි.

සංකේත ලෝකයේ යථාර්ථය

m1 edited
(සියලු දෙනාට පිලිගත හැකි අනුභූතික කරුනු) අමතක කර අපගේ මානසික ආතතියෙන් ගැලවීම, සහනයක් ලබා ගැනීම වෙනුවෙන් පාරභෞතික විශ්වාසයන් එනම් නැති සතුරන්, නැති සංකේතීය ලෝකයක් (HALLUCINATIONS ) නිර්මානය කර ගනියි. ඉන් පසු මෙම සයිකොටික මානසික ආකෘතිය තුල ඉතා තාර්කික, ඉතා සාධාරණ, ඉතාම සදාචාර සම්පන්න පරාර්ථකාමී පුද්ගලයන් ලෙස කටයුතු කරයි. (අනුර කුමාර ඉතාම විනීත, සබුද්ධික පුද්ගලයෙක් ලෙස පාර්ලිමේන්තුවේ කතා කරයි. එහෙත් ඔහුගේ මානසික ව්‍යුහය ”සාධාරණ සයිකොටික”- GENERAL PSYCHOTIC තත්ත්වයකි). සයිකෝසීය යනු පුද්ගලික තේරැමක් සමාජය වටහා ගැනීමට යොදා ගැනීමයි. [A SEVERE MENTAL CONDITION IN WHICH THOUGHT AND EMOTIONS ARE SO AFFECTED THAT CONTACT IS LOST WITH EXTERNAL REALITY.]

ජේවීපී , ජාතික ජනබලවේගය සහ සියලු වාමාංශික සහ විපක්ශ දේශපාලන කොටස් සියල්ල ක්‍රියා කරනුයේ මෙම විජේවීර වාදී චින්තනය විසින් සකස් කරන ලද මානසික ආකෘතිය – MENTAL STRUCTURE – ඇතුලතය. ඕනෑම සමාජ ආර්ථික අර්බුදයක් විශ්ලේෂණය කර ගන්නේ මෙම මානසික ආකෘතිය යොදා ගනිමිනි. ඔවුන්ගේ මෙම ආකෘතික තෝරා ගැනීම සිදුවන්නේ සවිංඥානකව නොව අවිංඥානිකවය. මෙම අකෘතියෙන් මිදී කටයුතු කරන ”සමබිම පක්ශයේ” අප සියලු දෙනා මොවුන්ට පෙනෙන්නේ හොරුන් ලෙසය,වංචා කරුවන් ලෙසය, අපරාධ කරුවන්ට සහය වන්නන් සහ රනිල් වාදී සමාජ පිලිලයන් ලෙසය.

අප ඉහත සාකච්ඡා කල ක්‍රිකට් වල ඇතිවී ඇති අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබුයේ මෙම විජේවීර වාදී ආකෘතිය තුලය.

wijnh

”රොෂාන් රණසිංහ” ජාතික ජන බලවේගය නියෝජනය නොකරද ඔහු හැසිරෙන්නේද විජේවීර වාදියෙක් ලෙසය, සජිත් පේමදාස ඇතුලු විපක්ශයේ සියලු දෙනා ද කටයුතු කරන ලද්දේ විජේවීර වාදීන් ලෙසය. සමස්ත සමාජයේම පොදු චින්තනය පෙලෙන ව්‍යාධිය වන්නේ මෙම විජේවීර වාදී චින්තනයි. නූතනත්වය ලගාකර ගැනීමේ මාවත වැටී ඇත්තේ මෙම සයිකොටික චින්තනය පරාජය වීම හරහා පමණි. (විජේවීර වාදයේ උරුම කරුවන් වූ ජාතික ජනබලවේගය මෙහිදී විජේවීර වාදයෙන් මිදුනු බව සදහන් කල යුතු අතර එසේ වූයේ ඇයිද යන්න තවම පැහැදිලි නැති නමුත් එය කිසිසේත්ම ඔවුන්ගේ චින්තනයේ සැබෑ ඛණ්ඩනයක් නොවේ).

ක්‍රිකට් අර්බුදය තුලින් කියා දෙන පාඩම කුමක්ද ?



රොෂාන් රණසිංහ සහ ළදරුවෙකු වැනි විපක්ශ නායකයාගේ ගැලරිය සතුටු කිරීමට සකස් කල පැය 24 ක් තුල ප්‍රදර්ශනය කල ක්‍රිකට් නාටකය අවසන් වූයේ ක්‍රිකට් දූෂණ නැවත්වීමට කිසිවක් කිරීමෙන් නොව ලංකාවේ ක්‍රිකට් ICC එක මගින් තහනම් කිරීමෙනි.

සිහිබුද්දිය ඇති ඕනෑම අයෙකු මෙම සිදුවීම හරහා තේරුම් ගත හැකි කාරනය වන්නේ විජේවීර වාදී චින්තනයේ ඇති පටු ,නොගැලපෙන සාවද්‍යතාවයත්, එය අපව සැබෑවෙන් කොපමන අපගමනයකට ලක් කරනවාද යන්නත් සමස්ත බාහිර ලෝකය ප්‍රශ්ණ දෙස බලන සහ ක්‍රියාත්මක වන ආකාරයේත් පවතින විශාල ඥානමය වෙනසයි.

ලෝකයේ ක්‍රිකට් යනු තවදුරටත් ආතීතකාමීත්වයකින්, අපගේ ෆැන්ටාස්මතික සිදුවීම හරහා තේරුම් ගත යුතු සහ මැදිහත්වීම් කල යුතු ක්ෂේත්‍රයක් නොව විශාල ඩොලර් ප්‍රාග්ධනයක් සංසරණය වන බහුජාතික සමාගම් හසුරුවන ජාතීක රාජ්‍යය [MULTINATIONAL CAPITALIST POST-STATE ENTITY] ඉක්මවාගිය පාර ජාතික ව්‍යාපාරයකි.

එය තේරුම් නොගෙන ළමා මනසකින් සහ නරුමවාදී පටු සදාචාරමය විජේවීර වාදී චින්තනයක් තුල නූතන ලෝක ක්‍රිකට් ව්‍යාපාරය සමග කටයුතු කල නොහැකිය . එසේ නොකරන්නේ නම් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අර්ජුන සහ රොශාන් රණසිංහ සමග ලංකාව තුල ටෙනිස් බෝල සෙල්ලම් කිරීමට සිදුවනු ඇත.

මෙම ඊනියා විජේවීර වාදීන් සහ මාධ්‍ය වීරයන්[HIRU] තීරණය කල යුත්තේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය හා සම්බන්ධ වී රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගත හැකි එනම් ලබන වසර තුල පමනක් ලැබීමට නියමිත ඩොලර් මිලියන 23ක් පමනවූ ඩොලර් ප්‍රාග්ධනයක් සමග කටයුතු කරනවාද යන්නයි.

මා මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාව සාකච්ඡාවට යොදා ගත්තේ මෙහි ඇති වියුක්ත වැදගත්කමට වඩා අප මුහුන දී ඇති ආර්ථික අර්බුදයත් එයට විසදුම් සෙවීම යන කාරනයත් සම්බන්ධයෙන් පුලුල් අවබෝධයක් ලබා ගැනීම සදහා යොදා ගත හැකි රූපකයක් ලෙසයි.

ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)
ලංකාවේ ආර්ථික අර්බුදය, එයට හේතු සහ ඉන් මිදෙන්නේ කෙසේද යන කාරනය සම්බන්ධයෙන් ලෝකය පිලිගන්නා ආර්ථික විද්‍යාත්මක කරුනු මොනවාද යන්න IMF වාර්තා කියවීමෙන් ඕනෑම සබුද්ධික පුරවැසියෙකුට පහසුවෙන් අවබෝධ කර ගත හැකිය.

මේ අනුව බැලූවිට ලංකාවේ දේශපාලනය තුල මෙම තත්වය පිලිගනිමින් කටයුතු කරන පාර්ශ්වයන් කවුරුන්ද යන්න අධ්‍යනය කල විට අනිකුත් පාර්ශ්වයනට සාපේක්ෂව රනිල් වික්‍රමසිංහ සහ රජය මූලික වශයෙන් අර්බුදය සහ එයට විසදුම් සොයන්නේ කෙසේද යන්න සම්බන්දයෙන් දරණ ස්ථාවරය සබුද්දික සහ ලෝක යථාර්ථයට අනුගත එළඹුමකි. ඒ සදහා ඇති මැදිහත්වීම සාපේක්ෂව සාධනීය මට්ටමක ඇති අතර යම් ධනාත්මක ප්‍රතිපල ලගා කරගෙන ඇත.

එහෙත් ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය ‍රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ දේශපාලන චින්තනය සහ දේශපාලන උපක්‍රම සියල්ලම සකස් වී ඇත්තේ අප ඉහත සාකච්ඡා කල විජේවීර වාදී චින්තනය මූලික කරගනිමින් ය. එම බලවේග නව නූතන දේශපාලන ආර්ථික ලෝකය තේරුම් ගෙන ඇත්තේ ලංකාවේ ක්‍රිකට් අර්බුදය තේරුම් ගත් ආකාරයටය. ඉන් ක්‍රිකට් වලට ඇතිවූ ප්‍රතිපලය ඉතා භයානකය. දැන් ඔවුන් රිලවුන් මෙන් එකිනෙකා දෙස නියවමින් සිටිනු පෙනේ.

එහෙත් මේ ආකාරයටම ඔවුන් යෝජනා කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සිදුවුහොත් සිදුවිය හැකි විපතේ තරම හිතා ගත නොහැකි වනු ඇත. එහිදී සිදුවනු ඇත්තේ සමස්ත ආර්ථිකයම බිද වැටී සෙසු ලෝකයෙන් වෙන්වී සමස්ත ජනතාවටම රිලවුන් මෙන් එකි නෙකා දෙස නියවමින් කුලල් කා ගැනීමට ය.

ලංකාවේ ක්‍රිකට් වල සිදුවූ මෙම කඩා වැටීම යනු සැබෑ ආර්ථික ප්‍රතිසංස්කරණ වැලැක්වුවහොත් සිදුවිය හැකි ආර්ථික ආගාධයේ තරම වටහා ගැනීමට ඉතා කදිමට ගැලපෙන රූපකයකි.

සමස්ත සමාජය වෙලාගෙන ඇති විජේවීර වාදී චින්තනයේ ඇති පටු බවත්,යල් පිනූ බව සහ විනාශකාරී බව අවබෝධ කරගතයුතුය. එය තවදුරටත් රාජපක්ෂ වාදය මෙන් අත්හදා බලා තේරුම් ගතයුතු අහිංසක ප්‍රපංචයක් නොවේ.

‘ජාතික ජන බලවේගය’ මෙන්ම ‘සමගි ජනබලවේගයද’ මේ සමාජ ආර්ථික අර්බුදය හමුවේ බලය ලබා ගැනීමේ ක්‍රමෝපය සකස් කරගෙන ඇත්තේ සරල ජනකාන්ත වාදය සහ ජනප්‍රිය වාදය තුලය. ඉන් ලැබෙන සමාජ ප්‍රතිපලය ඉතා භයානක වනු ඇත .

චන්දන රණසිංහ.

උපුටා ගැනීම : 3mana
අවධාරණය කිරීම්, සමහර ඡායා සහ වීඩියෝ අපෙන්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්