අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්දවීමේ සිදුවීම ප්‍රඥාවන්ත සදාචාර මාර්ගයක් වන බුදු දහමට, අප රටේ බෞද්ධ සංස්කෘතියට සේම මූර්ති කලාව
ඇතුළු සමස්ත කලා විෂයන් සඳහාම සිදු කළ බරපතල නිගරුවක් බව ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යලයීය පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වරයෙකු සේම ශ්‍රී ලංකා පුරා විද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් පදවිය හෙබ වූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ කියයි.
දැනට අප අතරේ හිඳින ජ්‍යෙෂ්ඨතම සහ කෘතහස්තම ප්‍රතිමා කලා විශේෂඥ වරයා ද වන ඔහු වැඩිදුරටත් පවසනුයේ, මෙවැනි නිසරු ක්‍රියා ප්‍රවර්ධනය වීම වත්මන් සමාජයේ චින්තන පරිහානිය මැනැවින් පිළිබිඹු කරන්නක් බව ය.
අවුකන බුද්ධ පිළිමයට සිවුරු ඇන්දවීම බුදු සමයට වගේම ප්‍රතිමා කලාවටත් කළ බරපතල නිගරුවක් - ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ
"අවුකන බුද්ධ ප්‍රතිමාව ආගමික කලාත්මක වගේම මානව විද්‍යාත්මක වශයෙනුත් අපේ අතීත සමාජමය තොරතුරු රාශියක් හමුවේ ලෝකය හමුවේ කියාපාන කැඩපතක්.
ඒ හින්දා ඒක බෞද්ධ සංස්කෘතිය වගේම අපේ රටේ අතීත සමාජමය තොරතුරු ලෝකයා හමුවේ හෙළිකරන සන්නිවේදන කවුළුවක්. ඉතින් අන්ධ භක්තිය හරි ජාවාරම්කාර චින්තනය මුල් කරගෙන හරි මේ වගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් උඩට ඉනිමං තියලා නැඟලා ඒ නිර්මාණයේ ප්‍රකෘති ලක්ෂණ වසා දැමීම නීතිමය වශයෙනුත් බරපතල වරදක්.
ඒ හින්දා මේ වන විට සුවිසල් අවධානයකට යොමු වෙලා තියන මේ ක්‍රියාවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට නීතිමය දඬුවම් දිය යුතුයි. නැතිනම් මේ වගේ උත්තුංග නිර්මාණ වල අගය පහළ බසින අතරේ මෙවැනි හරසුන් නිසරු ක්‍රියා අනාගතයේ තවදුරටත් ප්‍රවර්ධනය වෙන්න පුළුවන්" ආචාර්ය ලක්දුසිංහ වැඩිදුරටත් කියයි.
(සටහන -තිලක් සේනසිංහ)
සබැඳි ලිපි :
'පුරාවස්තු භික්ෂූන් වහන්සේලාට අයිති නැහැ- හානි කළොත් අත්අඩංගුවට'
අවුකන පිළිමයට සිවුරු පෙරවීම : අන්ධ විශ්වාස ජාලයේ ගමනාන්තය බිහිසුණු ය - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශනයක්