මාලිමාවේ ආගමනය ගැන වගේම ඒකෙ විකාශනය ගැනත් දේශපාලන අධ්‍යනයක් තවමත් හරිහමන් විදියට කෙරෙන පාටක් පේන්න නැහැ.
හැබැයි මාලිමාවේ මේ මොහොතේ දේශපාලන නම් ගොඩක් දුරට ලංකාවේ බලපෑම් සහගත වෙමින් යන බවනම් පේනවා.
මම හිතන්නේ මාලිමාව කියන ජනප්‍රිය ප්‍රපංචය ආරම්භ වෙන්නේ අනුරුද්ධ ජයසිංහගේ ''ගින්නෙන් උපන් සීතල'' (2018) කියන ෆිල්ම් එක එක්ක. ඒ ෆිල්ම් එකෙන් රෝහණ විජේවීර කියන චරිතය අපි දන්න කෙනාගෙන් වෙනත් කෙනෙකු බවට ඔසවා තබනවා. ඒ අතින් ෆිල්ම් එකක් කියන්නේ වැදගත් දෙයක්.
ඊටත් අමතරව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ විශ්වාස කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් නැතිවීම මාලිමාවේ මේ ආගමනයට බලපාපු තවත් වැදගත් කරුණක්.
ලංකාව බංකොලොත් වීම සහ පැවති ප්‍රභූ දේශපාලනයේ දූෂණය, හොරකම සහ අකාර්යක්ෂම කළමනාකරණය ගැන යම් පිළිගත හැකි අඛ්‍යාණයක් (narrative- කතාවක්) ඉදිරිපත් කරන්න ඔවුන්ට පුළුවන් වීමත් තවත් වැදගත් මානයක්.
සාපේක්ෂව ගත්තම මහජන දේපළ සම්බන්දයෙන් වැඩි අවධානයක් තියන සංවිධානයක් හැටියටත් ඔවුන් පසුගිය කාලයේ මිනිස්සුන්ගේ හිතගන්න උත්සාහ කළා.
මේ ඔක්කොමට වඩා තියෙන්නේ මිනිස්සුන්ගේ කේන්තිය (public anger). මේ රට බංකොලොත් කරපු සහ මේ ආර්ථික පීඩනයට අපි ඔක්කොම හසුකරපු හිටපු පාලකයින්ට දඬුවමක් දෙන්න කවුරුහරි දැන් මිනිස්සු හොයනවා. ඒක දැන් ගිහිල්ල තියෙන්නේ මාලිමාවට.
ඒ නිසා මේ වෙලාවේ ලාංකික දකුණේ ''ආවේගය කළමනාකරණය'' කරන්න පුළුවන් කාට උනත් මේ චාන්ස් එක තියනවා.
සංවිධානයක් හැටියට ''හොරුන්ට දඬුවම් දීම'' ගැන දිගටම කිව්වේ මාලිමාව හින්ද මිනිස්සු දැන් ඒ දිහා බලනවා. ආසාවෙන් කතා අහන්න යනවා. එයාල ලස්සනට කතාත් කියනවා. හොරු කියන එක නැගල යන අනේකත්වයක් (Otherness).
පරණ වමෙන් කැඩිලා අලුත් රූපයක් එක්ක යන මේ ගමන ඔවුන් සාර්ථක කරගන්න පුළුවන්. විප්ලවයක් ගැන වැඩිය හිතන්නේ නැතුව සමාජයේ සමහර දේවල් ප්‍රතිසංස්කරණය (reforms) ගැන විතරක් කතාකරන නිසා දැන් ජවිපෙ සහ ජාතික ජන බලවේගය අයිති වෙන්නේ නව සමාජ ව්‍යාපාර කියන ප්‍රවර්ගයට.
කමක් නැහැ අපි බලාන ඉම්මු....
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)