අපගේ ආර්ථිකයේ අවුලට හේතුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයේ දුර්වලතා යන්න සෑම වසර කීපයකට වරක්ම මතු වන අදහසකි.

ඔවුන් තර්ක කරන්නේ සේවා මගින් කරන ආර්ථික වර්ධනය සැබෑවක් නොවන බවට ය. වඩාත්ම මෑත පුනරාවර්තනයේ දී, සටන් පාඨය වන්නේ නිෂ්පාදනය සංකේතවත් කරන නිෂ්පාදන ආර්ථිකයක් යන්න යි.

දේශීය නිෂ්පාදනයේ අවශ්‍යතාවය අවිවාදිත ය. එසේ වුව ද, නිෂ්පාදන ආර්ථිකයේ යෝජකයින් අඟවන පරිදි දේශීය නිෂ්පාදනය යන්න නිෂ්පාදනය, කෘෂිකර්මාන්තය සහ සම්පත් නිස්සාරණයට සීමා වූවක් ලෙස අර්ථකථනය කිරීමෙන් වැළකිය යුතුය. ඉහළ තීරුබදු සහ වෙනත් ක්‍රම මගින් දේශීය නිෂ්පාදනය ආරක්ෂා කළ යුතුය යන, 1970 ගණන්වල සිට පැවත එන අදහස ද බැහැර කළ යුතු ය. ශ්‍රම බලකායේ මන්දගාමී වර්ධනය සහ සරු බව අඩුවීම හේතුවෙන් එය අඩුවීමේ හැකියාව සහ ප්‍රවාහන යටිතල පහසුකම් හොඳින් ලැබෙන කලාපවල ඉඩම් මත පවතින ජනගහනයේ පීඩනය වැනි ජනවිකාස සාධක ද සැලකිල්ලට ගත යුතු වෙයි.

මතුකළ යුතු වැදගත් ම ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය දුර්වල කුමන හේතුවක් නිසා ද යන්න යි.

යටිතල පහසුකම්

image 1168a8754a
යටිතල පහසුකම් යනු, තනි පුද්ගල පුරවැසියන්ට හෝ ව්‍යවසායයන්ට හෝ ආර්ථික වශයෙන් කාර්යක්ෂම ලෙස තමන්ට ම සපයාගත නොහැකි දෙයකි. හොඳින් සැලසුම් කර ඉදිකරන මාර්ගයක් රජය විසින් ඉදිකිරීම එය එක් පුද්ගලයෙකු හෝ ව්‍යවසායයක් හෝ කරනවාට වඩා අර්ථවත් වෙයි. එය ගාස්තු මාර්ගයක් නොවේ නම්, බොහෝ දෙනෙකු භාවිතා කරන මාර්ගයක පිරිවැය එක් ආයතනයකට දැරීමට ආර්ථික දිරිගැන්වීම් නොමැත.

රජයයන් යටිතල පහසුකම් සඳහා ප්‍රමාණවත් ලෙස ආයෝජනය නොකළ විට සිදු වන්නේ පුද්ගලයන් සහ ව්‍යවසායන් තමන්ගේ පිළියම් යොදා ගැනීම යි. ප්‍රමාණවත් විදුලිය ලබාදීමට රජය අසමත් වූ විට, සමාගම් මිල අධික හා පරිසර දුෂණය සිදුවන ඩීසල් විදුලි ජනක සඳහා ආයෝජනය කරයි. රජය මගින් සපයන පොදු ප්‍රවාහනය ප්‍රමාණවත් නැත. එහි ප්‍රතිඵලය වන්නේ, සමාගම් තම සේවකයන් සඳහා තමන්ගේ බස් සේවා පවත්වාගෙන යාම (වැඩි අක්‍රිය කාලයක් සහ ඒ නිසා වැඩි අකාර්යක්ෂමතාවක් සහිතව) සහ සියලු දෙනාට වාහන තදබදය සහ පරිසර දූෂණයක ඇති කරන මෝටර් බයිසිකල්, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ සඳහා පුද්ගලයින් ආයෝජනය කිරීම යි.

හොඳ යටිතල පහසුකම් ව්‍යවසායන් සහ පුද්ගලයන් සඳහා ඇති ශක්‍යතා මාලාව පුළුල් කරයි. උදාහරණයක් වශයෙන්, දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ බලශක්තිය අවශ්‍ය කර්මාන්ත කිහිපයක් (උදා: සෙරමික්) ස්ථාපිත කර ඇත. බලශක්තිය මිල අධික නිසා ව්‍යාපාර සඳහා සුදුසු තත්ත්වයක් නොමැත. හොඳ යටිතල පහසුකම් ප්‍රතිපත්තියක් සහ ක්‍රියාත්මක කිරීමක් මගින් ස්ථාවර සහ මිල අඩු බලශක්ති සැපයුමක් සහතික කරන්නේ නම්, නිෂ්පාදනය සඳහා වැඩි ආයෝජනයක් දැකීමට අපට ඉඩ ලැබෙනු ඇත. සේවා සහ සැහැල්ලු නිෂ්පාදන සඳහා ආයෝජන සිදු වීමට එක් හේතුවක් වන්නේ බලශක්ති යෙදවුම් මත අඩු යැපීම යි.

 

z p04 The01

බරපතළ ලෙස නොසලකා හරින ලද යටිතල පහසුකම වන්නේ අපද්‍රව්‍ය බැහැර කිරීම යි. නිෂ්පාදන මගින් සේවාවලට වඩා අපද්‍රව්‍ය ජනනය කරයි. පරිසරයට සිදුවන හානිය අවම වන පරිදි වියදම් අඩු ආකාරයෙන් අපද්‍රව්‍ය සැකසීමට පහසුකම් නොමැති වීම නිසා නිෂ්පාදනය කළ නොහැකි තත්ත්වයට පත් වනු ඇත. රතුපස්වල කර්මාන්ත ශාලාවේ හිමිකරුවන් සහ කම්කරුවන් කර්මාන්ත ශාලාව අවට ජීවත් වූ අය සමඟ ඇති වූ ගැටුමෙන් ජයග්‍රාහකයන් ලෙස එළියට ආවේ නැත.

ජනගහණ ඝනත්වය අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 42 වැනි ස්ථානයේය. අපගේ කලාපයේ රටවල් අතරින් අපට වඩා ජනගහණ ඝනත්වයක් ඇත්තේ මාල දිවයිනට, බංගලාදේශයට සහ ඉන්දියාවට පමණි.  

කෙසේ වෙතත්, ජනගහණ ව්‍යාප්තියේ අසමාන ස්වභාවය (රටේ නිරිතදිග කොටසෙහි  ඉහළ සාන්ද්‍රණයක් ඇත)  නිසා කර්මාන්තශාලා සඳහා ඉඩම් වෙන් කිරීම සහ නිෂ්පාදන කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන අපද්‍රව්‍ය බැහැර කිරීම වැනි පහසුකම් සැපයීම අතිශය දුෂ්කර වී ඇත. මිනිස්සු කාර්මිකකරණයට ව්‍යූක්ත ලෙස කැමති නමුත් ඔවුන්ගේ නිවෙස්බද ප්‍රදේශවල එහි සංයුක්ත විද්‍යාමාන වීමට විරුද්ධ වෙති.

වෙළෙඳපොළ

51973450045 c59353ee19 o
ඕනෑම ආකාරයක නිෂ්පාදනයක් සලකා බැලීමේදී මුලින් ම ඇසිය යුතු වන්නේ නිෂ්පාදනය කරන දෙයට ඉල්ලුමක් තිබේද යන්න යි. ලබන වසරේ ලංකාවේ වී වගාවේ ඵලදායිතාව සැලකිය යුතු ලෙස ඉහළ ගියහොත්, මෙරට නිෂ්පාදනය කරන සහල් සඳහා විදේශීය ඉල්ලුමක් නොමැති බැවින් ගබඩා කිරීම සහ මිල පවත්වා ගැනීම  පිළිබඳ බරපතළ ගැටළු මතු වනු ඇත. ඕනෑම ආකාරයක දේශීය නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීම ආරම්භ විය යුත්තේ ඉල්ලුම පැත්තෙන් (විශේෂයෙන් ශ්‍රී ලංකාව හැර අනෙකුත් වෙළඳපළවල ඉල්ලුම පැත්තෙන්) මිස නිෂ්පාදනය කළ හැකි යැයි, නිෂ්පාදන අලෙවිකරණ ක්‍රියාවලියෙන් පිටත සිටින විවිධ පුද්ගලයින් සිතන දේවලින් නොවේ.

වෙළෙඳ ගිවිසුම් සහ විදේශ ආයෝජන වෙළෙඳපොළ ප්‍රවේශය පහසු කරයි. වෙළඳ ගිවිසුම් මගින් අපනයනය කරන වෙළඳපළ තුළ අඩු තීරුබදු ලබා දීම නිසා භාණ්ඩයේ ගැනුම්කරුවන්ගේ ආකර්ෂණය වැඩි කරයි. ඒවා මගින්, අධික ලෙස සංකීර්ණ පරීක්ෂා කිරීම් සහ සහතික කිරීම් වැනි තීරුබදු නොවන බාධක අඩු කිරීමට හෝ ඉවත් කිරීමට ද හැකි ය. වෙළෙඳ ගිවිසුම්වලට ඇති ප්‍රාථමික විරෝධය මඟහරවා ගැනීමට රජය උත්සාහ කළ යුතු ය. කෙසේ වෙතත්, ව්‍යාවසායන් වෙළඳපළ සොයාගැනීම් වල යෙදී ගනුදෙනු සිදු නො කළහොත් වෙළඳ ගිවිසුම් ප්‍රතිඵල ලබා නොදෙනු ඇත.

2022 දී සමස්ත ආනයනවලින් සියයට 27 ක් වූ සහ වඩා සාමාන්‍ය වසරවල දී සියයට 15-20 පරාසයේ පවතින, ආනයනයේ විශාලතම තනි සංරචකය වන ඉන්ධන සහ පොහොර වැනි අත්‍යවශ්‍ය යෙදවුම් නොමැතිව 21 වැනි සියවසේ ශ්‍රී ලංකා ආර්ථිකයට ක්‍රියාත්මක විය නොහැකි බව 2022 දී ආනයන සීමා කළ විට හොඳින් පෙනී ගියේය. ආනයන නොමැතිව අපනයනය කළ නොහැක. අපනයන නොමැතිව අත්‍යවශ්‍ය ආනයන සඳහා ගෙවීම් කළ නොහැකි ය.

 

Vegetable Market in Matara South coast Sri Lanka. (Photo by: Peter Adams/Avalon/Universal Images Group via Getty Images)

විශේෂයෙන් නිෂ්පාදනයේ දී පරිමාණය අවශ්‍ය වෙයි. දේශීය වෙළෙඳපොළ ආමන්ත්‍රණය කිරීමෙන් පමණක් අවශ්‍ය පරිමාණ ආර්ථිකයන් ලබා ගත නොහැක. බාහිර වෙළඳපොළට භාණ්ඩ හෝ සේවා සැපයීම සාර්ථක කර ගැනීමට නම් මිල සහ ගුණාත්මකභාවය අතින් තරගකාරී විය යුතුය. මේ සඳහා බාහිර හා දේශීය වෙළෙඳපොළ යන දෙක ම ඉලක්කකර ගෙන නිෂ්පාදනය නොකර බැරිය. මෙමගින් පනවන ලද විනය දේශීය පාරිභෝගිකයින්ට ද අඩු මිලක් සහ වඩා හොඳ ගුණාත්මක බවක් ලබා දෙනු ඇත.

නිෂ්පාදන ප්‍රවර්ධනය රජය කළ යුතු ද ?

ජනාධිපති ප්‍රේමදාසගේ ග්‍රාමීය ඇඟලූම් කම්හල් මුලපිරීම අභියෝග නිදර්ශනය කරයි. රාජ්‍ය ඇඟලුම් කම්හල් පිහිටුවීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. ග්‍රාමීය ප්‍රදේශවල ඇඟලුම් කම්හල් ක්‍රියාත්මක කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ඔහුට පැහැදිලි දැක්මක් වී ය. එනම්, දැනටමත් කර්මාන්තයේ යෙදී සිටින පෞද්ගලික ආයතන යි. තාක්ෂණය, ආයෝජනය, සේවකයින් බඳවා ගැනීම සහ වඩාත් ම වැදගත් දෙය ලෙස නිෂ්පාදනයට වෙළඳපළක් ඇති බව සහතික කිරීම පිළිබඳ වගකීම තිබුණේ ඔවුන්ට ය.

 

image 5e70b7a861
සමාගම්වලට ග්‍රාමීය ප්‍රදේශවලට යාමට යම් දිරිගැන්වීම් තිබිණි. වැඩි කැමැත්තෙන් යුතු හා පුහුණු කළ හැකි සේවකයෝ අඩු වැටුප් සඳහා එහි සිටියහ. ඔවුන්ට අධෛර්යමත් කිරීම් ද තිබුණි: විදුලි බල සැපයුම්, වරායේ සිට සහ වරාය දක්වා ප්‍රවාහනය විශ්වාසය තැබිය නොහැකි සහ නගරවලට වඩා මිල අධික විය. ආණ්ඩුව කළේ නැවත ස්ථාන ගත කිරීම සාක්ෂාත් කර ගැනීම සඳහා කැරට් සහ කෙවිට යොදා ගැනීම යි.

එය වෙනස් කාලයකි. ඇඟලුම් අපනයන සම්පුර්ණයෙන් ම පාහේ සිදු වූයේ කෝටා ක්‍රමයේ වරණීය කොන්දේසි භුක්ති විඳීමට ඔවුන්ට ඉඩ සලසන බලපත්‍ර යටතේ ය. බලපත්‍රය බලපෑම් කිරීමේ හැකියාවක් රජයට ලබා දුන්නේය. දැන් එබඳු බලපෑම් කිරීමේ හැකියාවක් රජයට නැත. එම කාලයේ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ස්ථාපිත කරන ලද බොහෝ කර්මාන්තශාලා කෝටා ක්‍රමය අවසන් වූ පසු ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් විය. නොකඩවා පවත්වාගෙන යන අය ඔවුන්ගේ නිෂ්පාදනයට වැඩි වටිනාකමක් එක් කර ගනිමින් නව වෙළඳපළ පරිසරයට අනුවර්තනය වී ඇත.

ඉල්ලුමේ වෙනස්වීම් වලට රජය සතු කර්මාන්ත ප්‍රතිචාර දක්වන ආකාරය හා මේ හා සසඳා බලන්න. බංග්ලාදේශ රජය විසින් පවරා ගන්නා ලද ජුට් කම්හල්වල සේවකයින්ට ඉල්ලුම සිඳී දශක ගණනාවකට පසුව ද වැටුප් ගෙවමින් සිටින්නේ බදු ගෙවන්නන්ගේ මුදලින් ය.

ප්‍රමුඛතා තීරණය කිරීම රජය කළ යුතු ද?

 

ඇඟලුම් සේවකයින්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව ක්‍රියාත්මකයි!
ඇඟලුම් අපනයනයේ කාලය අවසන් ය. ඇඟලුම් නොවේ නම්, කුමක් ද? අපනයනය සඳහා අප නිෂ්පාදනය කළ යුතු දේ හඳුනා ගැනීමට රජයට හැකියාව තිබේද? එය ව්‍යවසායකයින්ට පැවරීම වඩා හොඳ නොවේද?

රජයට කළ හැක්කේ කුමක් ද? ව්‍යවසායයන් මුහුණ දෙන කුමන හෝ බාධක ඉවත් කළ හැකි ය. තොරතුරු හිඩැස් තිබේ නම්, ඒවා පියවා ගැනීමට උපකාර කළ හැකි ය. නමුත් බොහෝ අවස්ථාවල දී රජයට කළ හැකි වඩාත්ම උපකාරක කාර්යය වන්නේ යටිතල පහසුකම් සේවා වැඩිදියුණු කිරීම යි.

විශාලතම බාධකය ප්‍රාග්ධනය බව පෙනෙන්නට තිබේ. විශාල සමූහ ව්‍යාපාරවල පැවැත්ම (උදා: ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්) සහ නව ඒවා බිහිවීම (උදා: සොෆ්ට්ලොජික්) ප්‍රාග්ධන වෙළෙඳපොළ අකාර්යක්ෂම බවට මූලික සාක්ෂියකි. සැබෑ ව්‍යවසායකයෙකුට ප්‍රාග්ධනය රැස්කර ගැනීමේ අපහසුතාවයක් ඇත. ප්‍රාග්ධනයට ප්‍රවේශය ඇති අය, අඩු අවදානම්, ඉක්මන් ප්‍රතිලාභ ක්‍රියාකාරකම්වලට නැඹුරු වී ඇති බව පෙනෙන්නට තිබේ. එබැවින් දෙපාර්ශවය ම ඇදී යන්නේ සේවාවන් වෙතට ය. මෙය රජය සක්‍රීයව කරන දෙයක් නොවේ. නමුත් එය රජයේ වැරදි ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් විය හැකි ය.

මේ සියල්ලෙන් පසුව ද නිෂ්පාදන කටයුතු ආරම්භ නොකරන්නේ නම් රජය කළ යුත්තේ කුමක් ද?

පවුල් ලක්ෂ 14කට ප්‍රතිලාභ : අස්වැසුම මුදල් ගෙවීම අද සිට
කිසිවක් නැත. යටිතල පහසුකම් සහ ප්‍රාග්ධනයට ප්‍රවේශය ඇතුළු, නමුත් ඒවාට සීමා නොවන, විවිධ බාධක අඩු කිරීමට එයට ක්‍රියා කළ හැකි ය. නමුත් කිසිම තත්ත්වයක් යටතේ එය 1970 ගණන්වල මෙන්, කම්හල්වල සෘජු ආයෝජනයට සහ ඒවායේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වයට යොමු නොවිය යුතු ය.

තම මුදල් අවදානමට ලක් කිරීමට සිදුවන තීරණ ගන්නන් ගණන් කළ නොහැකි සංඛ්‍යාවකගේ සම්බන්ධීකරණයකින් තොර අකමැත්ත, අපට කිව යුත්තේ නිෂ්පාදනයේ දී ශ්‍රී ලංකාවට සංසන්දනාත්මක වාසියක් නොමැති බව යි. ඔවුන්ගේ අකමැත්ත අන් අයගේ මුදල් අවදානමට ලක් කිරීම නිර්දේශ කරන අයගේ තීරණවලට සැමවිට ම  විරුද්ධ වීමක් විය යුතුය.

Rohan Samarajiva LIRNEasia 1x1(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image