ජාතීන් හොඳින් පරික්ෂාවට ලක් වනුයේ අර්බුද කාලවලදීය. මේ අපේ පෞද්ගලික අභිමතාර්ථ පරයා මනුස්සකම ඉස්මතු විය යුතු කාලයයි. සියලු භේද භින්න හා එකිනෙකා අතර වෙනස්කම් පසෙක තැබිය යුතු කාලයයි.

මේ බුද්ධිමත්ව, තිර අදිටනින්, වෙහෙස නොතකා ශක්තියෙන් හා ධෛර්යයෙන් යුතුව සැවොම එකාමෙන් නැගී සිටිය යුතු කාලයයි. මේ සමස්ත ජනයා ජාතියක් සේ එක්සත් විය යුතු කාලයයි. මේ තනි තනි පුද්ගලයන් තනි ප්‍රජාවක් සේ එක්වන කාලයයි. මේ කණ්ඩායමක් සේ ඉදිරියට යන කාලයයි.

වෙනත් වචනවලින් කිවහොත් කොවිඩ් 19 වෙන කවරදාකටත් වඩා සාමූහිකව කටයුතු කළ යුතු අර්බුදයක් නිර්මාණය කර ඇත. 

මේ අවස්ථාවේ නොකළ යුතු අපරාධ !

#  මෙහිදී රෝගය වැළඳුණු තැනැත්තකු සඟවා ගනී නම් ඇත්තෙන්ම එය අපරාධයක් සේ සැළකිය යුතු ක්‍රියාවකි. හොඳ චේතනාවකින් හෝ යම් පුද්ගලයකු හිතුමතේ ක්‍රියා කරයි නම් එමගින් තත්වය තවත් දරුණු අතට යා හැකිය.

#   මේ අර්බුද අවස්ථාවේ යම් කෙනෙකු ධනය ගොඩ ගසා ගන්නට උත්සාහ දරයි නම් එය නින්දිත ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. යම් කෙනෙකු අවදානම් සහගත බවෙන් මඩි තර කර ගන්නට වෑයම් කරන්නේ  නම්‌ හෝ දේශපාලකයෙකු එදිරිවාදීන්ගෙන් ආරෝව පිරිමසාගන්නට යන්නේ නම් එතැන ඇත්තේද නින්දිත බවක්මය. 

#  මෙවැනි කාලවල යටි ගි රියෙන් කෑගසමින් කුදු මහත්දේ අල්ලාගෙන කළ යුත්ත නොකරන බවට දොස් තබන්නට විපක්ෂය පෙළඹේ.  එහෙත් මේ සුළු සුළු දේ අල්ලාගෙන තර්ක කරන්නට කාලය නොවේ. දේශපාලනයෙන් උසි ගැන්වීම්, කුපිත බැන වැදීම් හා වැඩදායී විවේචනය අතර වෙනසක් ඇත. විරුද්ධ පක්ෂය අර්බුදය ඉවත්වී යන තුරු රජය සමග සහයෝගයෙන් කටයුතු කල යුතු වේ. 

මේ සංග්‍රාමයේදී අප එක්ව සටන් කළ යුතුයි:

ඇත්තෙන්ම වගකීම පැවරී ඇත්තේ රජයටයි. වැරදි සෙවීම ලෙහෙසිය. එහෙත් මේ කිසිම රජයකට මුහුණ දෙන්නට සිදු නොවුණු ,පෙර අත්දුටු කිසිවක් හා සමාන නොවූ අභියෝගයක් බව අප වටහා ගත යුතු වේ. පවතින දෝෂ ඉක්මනින් හා කර්යක්ෂමව නිවැරදි වේය යන්න කෙරේ අප විශ්වාස තැබිය යුතුය. සමස්ත ප්‍රචාරය පවතින තත්වයට අනුකූලව ක්‍රියා කරන රටේ හොඳ හිත් ඇත්තවුන්ගෙන් මතුවන්නකි. 

මේ සංග්‍රාමයේදී අප එක්ව සටන් කළ යුතුවේ.  අප අතර ඇති වෙනස්කම් අමතක කොට තම සමූහයාගේ අවශ්‍යතා හඳුනාගෙන ක්‍රියා කළ යුතුය. එකමුතු බව අපේ ශක්තිය විය යුතුය. බහුවිධ බව අපේ බලයත්, ශික්ෂණයත් ජයග්‍රහණයත් වනු ඇත. මේ රටේ අයිතිය එක හා සමානව අප හැම දෙනාටම ඇති බැවින් හැම දෙනාම එක හා සමානව ජයග්‍රහණය ලබන්නට දායක විය යුතුවේ.

සාමූහිකව අපට ඕනෑම අරමුණක් කෙරේ ළඟා විය හැකිය. මෙය ජාතික මට්ටමෙන් හෝ ගෝලීය මට්ටමෙන් දේශපාලනයේ නිරත විය යුතු කාලයක් නොවේ. දේශපාලනයෙන් අප භේද භින්න වනු ඇත. දේශපාලන පක්ෂවලින් නියෝජනය වන්නේ එක් එක් ජන සමූහයන්ය. 

අපේ කාර්යභාරය අපේ සියලු ජනතාවගේ ජීවිත බේරා ගැනීමයි.  අප ජය ගනුයේ අප එක්වුවහොත් පමණකි. අපේ ජාතිය පමණක් නොවේ, ලෝකයක් ලෙසද අප එකමුතු වී භූ දේශපාලන වෙනස්කම් අභිබවා ගොස්, එකමුතු ජාතීන්ගේ ප්‍රජාවක් ලෙස අප කොවිඩ් 19 පරාජය කළ යුතුය. 

''ඉහත ඇත්තේ කිසිවෙකුගේ මුවින් නික්මුණු කියමනක් නොවේ. එහෙත් මේ වැකි කීපය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් දේශාපාලන නායකයෙකු යමක් පවසන්නේ නම් මම බෙහෙවින් සතුටු වන්නෙමි. ''

විපක්ෂයේ සියලු අංශ මෙවැනි හැඟුම් යළි යළිත් සිහිපත් කර ගැනීම වඩා වැදගත්ය. ඔවුන් සියලු දෙනා ඇත්තෙන්ම කළ යුතු වන්නේ හැඟීම් වචන පෙරලා ගැනීමත්, වචන ක්‍රියාවලට පෙරලා ගැනීමත්මය. 

අර්බුදයේ පළමු අවධියේදී කිසිදු ඉලක්කයක් නැති දේශපාලන කතා රාශියක් අපි දුටිමු. 2019 නොවැම්බර් පරාජයෙන් පසු එජාපයේ බෙදුණු පාර්ශ්ව දෙකම තවත් මහා මැතිවරණයකට මුහුණ දෙන්නට සූදානම් නොවීය. සොභාවිකවම හදිසි මහාමැතිවරණ වාසිය තිබුණේ පොදුජන පෙරමුණටය. 

කෙසේ වුවද මෙය මැතිවරණයක් හෝ වෙනත් පක්ෂ වෙත පක්ෂ දේශපාලනයක් ගැන කතා කරන්නට සුදුසු කාලයක්‌ නොවීය. මේ සම්බන්ධයෙන් පැවතියේ මධ්‍යස්ථ බවකි. මෙම තත්ත්වය ඉදිරියේ තිබූ තර්ජනයට අධිෂ්ඨාන ශීලී හා විචාරශීලී ප්‍රවේගයකින් මුහුණ දෙන්නට අවශ්‍ය මඟ පාදා දුන්නේය. 

''සරලව කිවහොත් අප එකිනෙකාට වඩා අර්බුදය විශාලය''

මෙම තත්ත්වය පැහැදිළිව තේරුම් ගෙන කරුණු එකින් එක සිතා බලා සැලසුම්කොට ගත් පියවර පිළිබඳව පැහැදිළි සන්නිවේදනයේ යෙදීම වැදගත්ය. දේශපාලනය තුළ ඉබාගාතේ යමින් මුඛරි බස් දෙඩීම නිසා අනවශ්‍ය වියවුල් ඇති විය හැකිය. 

ශ්‍රී ලංකාව එම දේශපාලන සංස්කෘතියෙන් මේ අවස්ථාවේ හෝ ඉවත ඇදෙමින් තිබෙනු දක්නට ලැබීම සතුටට කරුණකි. සරලව කිවහොත් අප එකිනෙකාට වඩා අර්බුදය විශාලය. එය දේශපාලකයෙකුගේ මමත්වයට හෝ දේශපාලන පක්ෂයක ඉරණමට වඩා විශාල අර්බුදයකි. 

මේ මොහොතේ දී ජනාධිපතිවරයාට සහයදීම අතිශයින්ම වැදගත්...

ජනාධිපතිවරයා වෘත්තීය දේශපාලනයේ නියැලී අයකු නොවේ. සාර්ථකව ඉටු කළ කාර්ය භාරය හේතුවෙන් අවධානයට ලක් වූ නිසා ඔහු ජනාධිපති ධූරයට පත් කෙරිණි. මෙම තර්ජනය මැඩලන්නට අවශ්‍ය සම්පත් සහ ඒ කරා ජනතාව මෙහෙය වීමේ බලය දැන් ඔහු සතුව තිබේ. තමා සෑම පුරවැසියෙකුගේම ජනාධිපති බව ඔහු ප්‍රකාශ කොට තිබේ.

 ඔහු හා එක්ව සටන් වදින සොල්දාදුවෙකුට මෙන් සෑම පුරවැසියෙකුටම ඔහු මේ සටනේදී සැලකීම වැළැක්විය නොහැකිය. ඔහු හා එකඟ නොවන අයද ඊට ඇතුළත්ය. ඔහු මෙහිදී නායකත්වය පෙන්විය යුතුය. විශේෂයෙන් ඔහුගේ විරුද්ධවාදීන් වන අනෙක් අය ඔහුගේ නායකත්වය පිළිගෙන මනුෂ්‍යත්වය පෙන්වීම අවශ්‍ය වේ. එසේ කොට ජනතාවගේ නාමයෙන් ජාතියේ සුබසිද්ධිය තකා ඔහු දරන සියලු උත්සාහයන්ට සහයෝගය දිය යුතුය. 

Gotabaya txt 04පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම හොඳට හො නරකට සියලුම ප්‍රායෝගික දේශපාලන අරමුණු උදෙසා ජාතික මට්ටමේ ඡන්ද බලයෙන් තේරී පත්වූ එකම ජනතා නියෝජිතයා තමා වූ බව ජනාධිපතිවරයා දැනගත්තේය. ජනාධිපති පදවියට ඉහළින් ව්‍යාස්ථාවෙන් පැවරී තිබුණු අසීමිත බලතලද ඔහු අතට පත්වූ බවද හෙතෙම දැනගත්තේය. එවැනි බලතල සමගම පැවරෙන වගකීම්ද තීරණාත්මකය. ඔහු වෙත තැබූ විශ්වාසය වෙනස්වනු සුළු ආකාරයෙන් ජනාධිපතිවරයා කිසිවිටෙක ක්‍රියාකරනු පෙනුනේ නැත. 

අද දින අද පවතින ආකාරයේ දේශපාලන සටන් විරාමයක් පැවතීම ගැන ඔහුට කෘතඥතාව පළ කළ යුතුවේ. නිකරුණේ අඩදබර කර ගැනීමෙන් පලක් නොවන බව අද හැම දෙනාම කඩිනමින් වටහාගෙන තබේ. එවැනි විවේචන වෙනත් දිනයකට තබා ගත යුතුය. මෙවන් කාලයක මෙවන් දිනයක සැලකිල්ල පළකිරීමේ විධි අසංඛීය පමණින් තිබේ. 

අදහස් පළකරන ලෙසට ජනාධිපතිවරයාට ඉල්ලා සිටිය හැකි අතර ඊට ප්‍රතිචාර ලෙස විරුද්ධ පක්ෂය අවංක සාධනීය අදහස් පළකළ යුතු වේ. 


MR KJ                                                                  අගමැතිගේ හා හිටපු කතානායකගේ මැදිහත්වීම සුබදායි සලකුණකි.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සුහදව සාකච්ඡා කිරීම ඇතැම්විට සුබදායි සලකුණක් විය හැකියි. රටේ වෙන්ව ඇති දේශපාලන පක්ෂ වෛරසය මැඬලීම සඳහා ඒකරාශී කිරීමට කතානායක කරු ජයසූරිය ආරම්භ කර ඇති පියවරත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවීම වෙනුවෙන් වෙනත් ජනතා ඔල්වර හඬ නැගෙනු වටී.

 විරුද්ධවාදී දේශපාලන පක්ෂ දෙකක නායකයන් දෙදෙනා පසෙකලා සැවොම එකමුතු කිරීමට එකඟ වූහ. කොටින්ම අප ගිලී යා යුතුය නැතහොත් එක්ව පිහිනා එගොඩ  විය යුතුය. අප බේරී ඉතිරි වුවහොත් ඒ අප කණ්ඩායමක් ලෙස එකට වැඩ කළ නිසා පමණි. සියල්ලට ඉහළින් ජාතිය පසෙක තබා කටයුතු කළ හොත් අප ජය ගනු නියතය. 

මේ සියල්ලෝ වීරයෝය !

පැහැදිළිවම රජයට හෝ රාජ්‍ය සංවිධානවලට ඉටු කිරීමට ඇත්තේ අසීරු කටයුත්තකි. දැඩි පීඩාවට පත්ව සිටි සෑම කාලයකම අපේ රාජ්‍ය‌ සේවාව අවස්ථාවට උචිත ලෙස නැගී සිට ඇත. 2004 සුනාමියෙන් පසුවත්, විවිධ සොභාවික ආපදාවලින් යුද්ධය පැවති කාලයේදීත් අප එය දැක තිබේ. 

මෙම අරගලකාරී අවස්ථාවල පෙරමුණ ගෙන මෙහෙයුම් කටයුතු කළ අයට සමස්ත ජනතාවම ණය ගැතිය. වෛද්‍ය කණ්ඩායම්වලට, හමුදාවට, පොලිසියට අප ආහාර හිඟයක් ඇති නොවීමට වගබලාගත් ගොවීන්ට අප ආචාර කළ යුතුවේ. 

බෙදා හැරීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කළ අයටත්, බෙදා හැරීමේ නිරතවූවන්ටත් එම ආචාරය හිමි විය යුතුය. ඒ සියල්ලෝ වීරයෝය. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොවිඩ් 19 වෛරසයට එරෙහි ජාතික සටනේ පෙරමුණ ගෙන සිටී. අවශ්‍ය යම් යම් දෑ සැපයීමේදී රජය හිඟයකට මුහුණ දී ඇතැයි ඔවුනට දැනුණු විට ඔවුහු තම දේශපාලන ප්‍රමුඛතා පසෙක තැබූහ. ඔවුහු ප්‍රසිද්ධියේම කරන්නට අවශ්‍ය වන්නේ කුමක්දැයි පුන පුනා රජයට කීවෝය.

එක රැයින් මානුෂීය නිරෝධායන බලකායක් වූ හමුදාව :

corona virus camps2                                                ශ්‍රී ලාංකීය සත්කාරයේ ඉහළම ප්‍රමිතියෙන් ඔවුන් රැකබලා ගත් හමුදාව ...

මේ අතර හමුදාව එක රැයින් මානුෂීය නිරෝධායන බලකායක් බවට පත්විය. තමන්ගේ භාරයේ ඇති සිය දහසක් ජනතාව වෙත ඔවුහු ඉහළම මට්ටමේ සත්කාරක භාවය ප්‍රදර්ශනය කළහ. තනි තනි පිරිමින් හා කාන්තාවන් වෙන් කොට වෙනම නවාතැන් ගන්නට සලස්වා ඔවුනට සුවපහසුව දැනෙන්නට හැර ශ්‍රී ලාංකීය සත්කාරයේ ඉහළම ප්‍රමිතියෙන් ඔවුන් රැකබලා ගත්හ. 

ඔවුන්ගේ මෙම වෑයමේ සැබෑ ප්‍රතිඵල බුක්ති විඳිය හැක්කේ පුරවැසියන් තමන්ගේ දෑතෙහි තැවරී ඇති කාර්යභාරය ඉටු කළ හොත් පමණි. එහෙත් වගකීම් විරහිත එකම පුරවැසියෙකුගෙන්, ක්‍රියාවකින් පවා දුසිමකට වැඩි පිරිසක් මරණයට හා හැකිය. මේ හිතුමතේ ක්‍රියා කළ යුතු මොහොතක් නොවේ. මූලික නීති කඩා දමන හිත හොඳ එක මෝඩයෙකුට සමස්ථ ප්‍රජාවම අන්තරායේ හෙළිය හැකිය.

බොහෝ රටවල මෙය සිදුවනු අපි දුටිමු. ශ්‍රී ලංකාවේද එය සිදුවිය. ඔබේ නිදහස සීමා කොට තිබෙනවා විය හැකිය. බුද්ධි හීන වූවන්ගේ නිරතිය වෙනුවෙන් ජීවී විශේෂයක් ලෙස අප විසින් ගෙවා දැමිය යුතු මිල එය යැයි හිතමින් අප හිත හදාගත යුතුවේ. 

සමස්ත ලෝකයටම පැහැදිළි පණිවිඩයක් :

කොවිඩ් 19 විසින් සමස්ත ලෝකයටම පැහැදිළි පණිවිඩයක් දී ඇත. අප යම් යම් දේ දෙස බැලිය යුත්තේ වෙනස් ආකාරයකිනි. අපට හරි හැටි නොපෙනුණු අපේ වැරදි අප විසින් දැන් නිවැරදි කර ගත යුතුව ඇත. එම වැරදි කලින් අපට නොපෙනුණේ එක්කෝ නූගත් කමෙන් හෝ මාන්නාධික බවෙන් අප අන්ධ වී සිටි නිසාය. අප සමාජය යළි ගොඩ නැගිය යුතුව තිබේ. ප්‍රජාවක් ලෙස එක්ව සිතීමේ අගය අප වටහා ගත යුතුය. 

පමණට වඩා පරිභෝජනය කරන ආචාර ධර්ම සහ අවබෝධයෙන් තොර පරිභෝජනය දුරු කරන ආචාර ධර්ම ආදිය කෙරේ අපේ අවධානය යොමු විය යුතුව තබේ. නාස්තිකාර පරිභෝජන වාදයකින් අපේ ලෝකය විනාශවන අතරම මෙවැනි අර්බුද අවස්ථාවකට මුහුණ දිය හැකි ශක්‍යතා ධාරිතාව මොටවී යයි. 

මෙවැනි දේ ගැන පසුව අපට වාද කළ හැකිය. ඒ මගින් සමහරවිට අප වඩා වගකීම් දරන චාම් මිනිස් වර්ගයක් බවට පරිණාමය විය හැකිය. එම තත්වය ඉබේ පහළ වන්නේ නැත. එම තත්වය අප වෑයමෙන් උදා කරගත යුතුය. එසේ කරන්නට අසමත් වුවහොත් අපට සිදුවන්නේ විනාශය කරා යන්නටය. එවිට අප සියල්ලන් ‌හෝ අප අතරන් බොහෝවුන් මියෙනු ඇත.

 අපේ ආත්ම විමර්ශනය කර බැලීමට මෙම අර්බුදයෙන් අපට අවස්ථාව උදාකර දී තිබේ. මේ ද්‍රව්‍යවාදී ජීවන රටාවෙන් පිළිබිඹු වන්නේ කිමෙක් දැයි නිසි පරිදි වටහාගෙන වඩා වැදගත් වන්නේ කුමක්දැයි තෝරා ගත හැකිය.

''අපේ ආත්ම විමර්ශනය කර බැලීමට මෙම අර්බුදයෙන් අපට අවස්ථාව උදාකර දී තිබේ. මේ ද්‍රව්‍යවාදී ජීවන රටාවෙන් පිළිබිඹු වන්නේ කිමෙක් දැයි නිසි පරිදි වටහාගෙන වඩා වැදගත් වන්නේ කුමක්දැයි තෝරා ගත හැකිය.''

කොවිඩ් 19 යනු අපේ පොදු සතුරාය !

කොවිඩ් 19 වෛරසය පක්ෂ, පාට, වර්ගවාද, මතවාද, ජාතිවාද, වයස, ලිංගභේද, ලිංගික ප්‍රමුඛතා ‌හෝ ආගමික විශ්වාස ආදිය නොහඳුනයි. පවතින්නේ අප හා කොවිඩ් 19 අතර ඇති එකම සබඳතාවයි. එය පැමිණ ඇත්තේ අප මරා දමන්නටය. අප මරණයෙන් ගැලවී ඉන්නට උත්සාහ කරමු. 

අපි එකිනෙකා අතර වෙනස්කම් පැවතින්නට පිළිවන. එහෙත් සියල්ල ඉහළින් පවතින්නේ අපේ පොදු ලකුණයි. කොවිඩ් 19 හා අප අතර පොදුවේ බෙදා ගන්නනට දෙයක් නැත. 

කොවිඩ් 19 යනු අපේ පොදු සතුරාය. ඒ සම්බන්ධ සියලු පීඩා අප වළකාලිය යුතුය. අප ඉදිරියේ තෝරා ගැනීමට ඇති දේ පිළිබඳව නැවත සිතා බලන්නට මේ ලැබී ඇති අවස්ථාව දෝතින් පැහැර ගත යුතුය. 

ක්‍රිෂාන්ත කුරේ

Krishantha Cooray1

 

 

 

 

 



(2020 මාර්තු 30 දා Daily FT හි පළවූ Taking on COVID-19: The enemy of our enemy is unity  නම් ලිපිය පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ)
උපුටා ගැනීම - ලංකාදීප 

(ජයාරූප අන්තර්ඡාලය ඇසුරෙනි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්