සුප්‍රකට නිල් චිත්‍රපටි නිළියක් වූ ලෙබනන් ජාතික මීයා කලීෆාව දේශනයක් සදහා ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් කැදවා තිබීම ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් බවට පත්ව තිබෙනවා.

2012 වර්ෂයේදී පමන නිල් චිත්‍රපටි සදහා රංගනයෙන් එක්වූ මීයා පසුකාලීනව හිජාබය පැළඳ එහි රගපෑම නිසා ISIS සංවිධානයෙන් 2017 දී මරන වරෙන්තු නිකුත් වුනා.

ඉන් පසු 2019 වසරේදී තම රගපෑමට සමුදුන් මීයා විවාහ වූ අතර පූර්ණ වශයෙන් සමාජසේවා කටයුතු සදහා කැපවෙන බව ප්‍රකාශ කලා.

 

mia khalifa husband separation

 

ඇය විසින් නිල් චිත්‍රපටි කර්මාන්තයෙන් ඉපැයූ මුදල පිළිබඳව නිශ්චිත සටහනක් නොමැති වුවත් එය ඩොලර් මිලියන ගණනක් බව පැවසෙනවා. ඈ විසින් නිල් චිත්‍රපටි කර්මාන්තය තුල සිදුවන ලිංගික හිංසනයත් ඒ හා බැදුනු මත්ද්‍රව්‍ය භාවිතයත් හා එකී කර්මාන්තය තුල මානසික ව්‍යාධි වලට ගොදුරුවන පුද්ගලයන් ගැනත් කතාබහ කරනවා.

නිල් චිත්‍රපටි ව්‍යාපාරය තුල ඇයට වඩා දිදුලන තරු රාශියක් සිටිනවා. එහි ඇති රෑන්කින් අනුව මීයා පලමු දසදෙනා අතරවත් දිගටම රැඳුණු කෙනෙක් නෙමෙයි. ඇය ජනප්‍රිය වූයේ මුස්ලිම් යුවතියක් වීමත් හා කර්මාන්තයෙන් පිටවූ පසු එය සම්බන්ධයෙන් කතාකල කෙනෙකු වූ නිසයි.

කෙසේ හෝ ඇයව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වෙත කැදවන්නේ ඇය නිල් චිත්‍රපටි නිළියක් වන නිසා නොවෙයි. ඇය ඉන් බාහිරව ඒ පිළිබඳව වන ගැටලු සාකච්ජා කරන්නියක් නිසයි. නැතිනම් ඔක්ස්ෆර්ඩ්’හි ආරාධනා ලැබිය යුතු වන්නේ ඇන්ජෙලා වයිට් වැනි සමකාලීන නිල් චිත්‍රපටි නිලියකට විනා මීයාට නෙමෙයි.

 

තමන් යෙදුණු වෘත්තිය පිලිබදව නැවත පසුආවර්ථිතව හැරී බැලීමෙන් තමන්ගේ අනාගතය වෙනස් කල හැකි වුවත් අතීතය මන්ඩි ලෙස ඉතිරි වනවා. අතීතයේ වගකීමෙන් මිදෙන්න ඇයට පමනක් නෙමෙයි කිසිවෙකුට බැහැ. ඔක්ස්ෆර්ඩ් බැදෙන්නේ මේ ඇගේ පසු ආවර්ථිත කියවීමට. ඒක රැඩිකල් නිමේශයක් වන්නේ නෑ.

 



ඔක්ස්ෆර්ඩ් සරසවියට රැඩිකල් වෙනසක් ලකුනු කල හැක්කේ නිල් චිත්‍රපටි වල තවමත් චරිත නිරෑපනය කරනා කෙනෙකු හා සම්මුඛ වීමෙන් විනා ඒ පිළිබඳව පශ්චත්තාප වන්නෙකු හා සම්මුඛ වීමෙන් නෙමෙයි.

 

මීයා කලීෆා, සියල්ල අහිමි වූවෙකු වන්නේ නෑ. ඇයට අවශ්‍ය ජීවිතය ඇය විසින් දිනාගෙන තිබෙනවා. ඒ සදහා ඇය විසින් ගෙවනු ලැබූ මිල පිළිබඳව අපි කියවන්නේ ඇගේ අදහසමයි. එහි සත්‍යතාවය හෙවීමේ ක්‍රමයක් අපිට නෑ.

 

මෙතනදී ඔක්ස්ෆර්ඩ් සරසවියේ මේ එලැඹුම හා එහි ඇකඩමික මාවත අතර නොගැලපීමක් තිබේයැයි උපකල්පනය කරන්නේ මේ එකිනෙකට වඩා අනෙක උසස් කිරීමෙන්.ඒ හරහා පවතින ලෝකය නොවෙනස්වම පවත්වා ගන්නවා.

වෙනසක් ඕනිනම් ඇන්ජෙලා වයිට්’ව ගේන්න.

මීයා කලීෆා කියන්නේ ඔක්ස්ෆර්ඩ් වලට අවශ්‍ය අච්චුවක්


(carbonnews.lk)


සබැඳි ලිපියක් :
කලීෆා දැන් හොඳ ළමයෙක්! - (Mahesh Hapugoda)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image