නතාෂා එදිරිසූරියගේ මෝඩාභිමනයේ රංගනය අපි විහිළුවකට ගත යුතුද?


ඇය එම ඉදිරිපත් කිරීමේදී බරපතල ලෙස නූතන මව්වරුන්ගේ ඇතැම් ක්‍රියා දැඩිලෙස විවේචනයට ලක් කරනවා.

තමාගේ දරුවාට නැති දක්ශතාවයක් තිබෙන වෙනත් දරුවෙක් දකින අපේ අම්මලා එම දක්ශ දරුවාගේ ක්‍රියාකාරකම් තම දරුවා ලවා කරවීමට දරන උත්සාහය සහ අපේ අම්මලාගේ හීනමානය, නතාෂා සිනහ වෙමින් විහිළුවෙන්ම සමාජයට කියාපානවා.

මේ අම්මලා ගේ මෝඩාභිමානය නිසා අසරණ දරුවන් කොතරම් මානසික පීඩාවට ලක්වෙනවාද කියා පහදා දෙන්න ඇය උදාහරනයක් ගන්නවා.

ඒ සාමාන්‍ය දක්ශතා ඇති දරුවෙක් ගැන නෙමෙයි ඇය උදාහරනයට ගන්නේ .
කිසිවෙකුට සම කල නොහැකි අසම සම සිදුහත් කුමාරයාව.

එතුමාගේ ළමා කාලයේදී සම කාලීන අනිත් කුමාරවරුන් ගේ අම්මලාත් අපේ අම්මලා වගේ සිදුහත් කුමරුගේ දස්කම් දැකලා,  ඒ කුමාරවරුන්ටත් පට්ට ප්‍රෙෂර් එකක් දෙන්න ඇති නේද කියලා නතාෂා සමාජයෙන් ප්‍රශ්න කරනවා.

ඒ සදහා ඇය වෙනත් රජ බිසෝවරු තම දරුවන්ව සිදුහත් කුමරු හා සංසන්දනය කරමින්  ඔහුන්ට බනින ආකාරය නිරූපණය කරනවා.

ඒ වගේම අපේ අම්මලාට සිතට ගතයුතු වැදගත්ම කොටස තමයි ඇය ප්‍රශ්න කරන

      “දේවදත්තට තමයි වැඩිම ප්‍රෙෂර් එකක්
      තියෙන්න ඇත්තේ,
      ඒකනේ ගලක් පෙරළුවේ” කියන උපකල්පනය.


එම නිසා ආදරණීය ලක්වාසී තරුණ මව්වරුනි,

නතාෂාගේ කථාවේ අනතර්ගතය ආදර්ශයට ගෙන ඔබේ දරුවාව වෙනත් දරුවන් හා සංසන්දනය නොකරන්න.

තම සම වයසේ දරුවන් කෙරෙහි ඇතිවන අනවශ්‍යය තරඟකාරී පීඩනය නිසා ඔබේ දරුවාත් දේවදත්ත කෙනෙක් විය හැක.


Lalitha Hewa(ලාලිත හේවාගමගේ)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


( Lalitha Hewagamage ෆේස්බුක් පිටුවෙන් ..)



බැනවදින්නේ කතාවට හරියට අහලද ?

අප්‍රේල් 01 දා "මෝඩාභිමානය" නමින් සංවිධානය කර තිබූ වැඩසටහනට අදාල නතාශා එදිරිසූරිය ගේ වීඩියෝව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය විසින් මේවනවිට ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇත.

එහි දී ඇය විසින් සිදුකරන ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ලාලිත හේවාගම (Lalitha Hewagamage) විසින් සටහන් කර ඇත්තේ මෙසේය.

අපේ ඉස්කෝලෙට ගිය ගොඩක් අය අද අම්මලා.
ඒ ගොල්ලා ඉස්කෝලෙදි ඉගෙන ගත්ත විදිහට තමයි ළමයි හදන්නේ.
ළමයි හදන්නත් ඒ විදිහට ලොකු තරඟයක් තියෙනවා.

ඇහැව්වොත් කියන්නේ
අපේ ඉස්සරහ ගෙදර බබා අවුරුද්දයි මාස 3 වෙද්දි ඇවිද්දා
අපේ එක්කෙනා අවුරුද්දයි මාස 3 යි සතියයි ඇවිදින්නේ නැහැ.
ඒ බබා මේ වයස වෙද්දි හොඳට තාත්තා කිව්වා
අපේ එක්කෙනා තාම තත් ...තත් ... ගානවා විතරයි.

මට ඒවා ඇහැව්වම හිතෙන්නේ ,
දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ.....
බුදු හාමුදුරුවෝ සිදුහත් කුමාරයා කාලේ.....
සිදුහත් කුමාරයා බබා කාලේ......


සම වයසේ ළමයින්ට මාර ප්‍රෙශර් එකක් තියෙන්න ඇතිනේ.....?

     

       අර සුද්දෝධනගේ ළමයා
       ඒ ළමයා ඉපදුන දවසෙම ඇවිද්දා
       ඒකට මේගොල්ලා තාම කෙලින් කරලා
       වඩා ගත්තම බෙල්ල කඩන් වැටෙනවා.
       අර සුදුදෝධනගේ පොඩි එතා
       ඉපදුන දවසෙම කවියක් කියලා
       ඒකට මුං. ...පුෆ් ... ගානවා විතරයි.

     සුද්දෝධනගේ කොළුපැටියා ඉපදුන දවසේ
     කියලා නැහැ දැන්මම තීරනය කරලා    
     තියෙනවා එයා ලොකු වෙලා මොනවද
     කරන්නේ කියලා.

     අපේ අය හැම දේම අපි කරලා දෙනකම්
     බලන් ඉන්නවා.
     ඒ ළමයට අම්මත් නැහැ.
     මුන්ට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා
     මුන්ට මොනවයින් අඩුද?
     සැප වැඩියි.

වැඩියෙන්ම බැනුම් අහන්න ඇත්තේ දේවදත්ත?
ඒකනේ ගලක් පෙරළුවේ .


(Lalitha Hewagamage ගේ ෆේස්බුක් පිටුවෙන් )

 

350311053 4363405653800860 3740243102991009588 n


සබැඳි ලිපි :

නතාශා දැන් ජාත්‍යන්තර මට්ටමට ගිහින් ඉවරයි #හෑයිය -(Uvindu Kurukulasuriya)

'නතාෂා සංදර්ශනය' තවත් ස්ටෑන්ඩ් අප් කොමඩියක් - (ඉසකී)

නතාෂා අත්අඩංගුවට ගැනීම රුපවාහිනී පුවත් සිරස්තල ඇසින් - (Ethics Eye)

නතාෂාගේ ප්‍රහසනය කලාත්මක ප්‍රකාශනයකි!

බොදුබාන් ඡන්ද අතගෑම - (චින්තන ධර්මදාස)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්