රනිල්ට කැමති අපිටත් වඩා රනිල් ගැන විශ්වාසෙන් ඉදලා තියෙන්නෙ ජවිපෙ සහ ජනරජ පාක්ෂිකයන් කියලයි පේන්නෙ.

ලිබරල් රනිල් මේක කරනවා, ලිබරල් රනිල් අරක කරනවා වගේ කමෙන්ට් වල ඇත්ත තේරුම රනිල් ලිබරල් වශයෙන් ඒ අයත් විශ්වාස කරනවා කියන එකයි.

රාජපක්ෂ මිනිස්සු හිරේ දානවා වගේ චෝදනා නොකරන්නෙ ඒක රාජපක්ෂලාගෙ එතික්ස් එක්ක නොගැලපීමක් නැති හින්දනෙ. හැබැයි රනිල්ගෙ එතික්ස් එක්ක ඒවා නොගැලපීමෙ ප්‍රශ්නය මේ මතු කරන්නෙ. ඒක ඇත්ත ප්‍රශ්නයක් . අපිත් රනිල්ව ප්‍රශ්න කරන්නෙ ඒ නිසා.

හැබැයි රනිල් වෙනුවට අනුර හරි පාඨලී හරි ආවොත් තත්වය වෙනස් වෙනවද? පාඨලී හාමුදුරුවන්ගෙ කතා ගනං ගන්නෙ නැතුව ගිහින් උතුරෙ මිනිස්සුන්ගෙ ඉඩම් ටික දෙනවද? අනුර කුමාර ලංකාවෙ ගණිකා වෘත්තීය නීතිගත කරනවද? බුද්දාගම නෙමෙයි ඕනම ආගමක් විවේචනය කරන්න නිදහස දෙනවද? එහෙම කිසිම ආචාර ධර්මයක් ඒ අය මෙතුවක් පෙන්නලා නම් නෑ.

ඒ වෙනුවට අද රනිල් විසින් කරේ තියාගන්න ජාතිවාදය ආගම්වාදය නිර්මාණය කරන්නෙ මේ පක්ෂවල නායකයන් විසින්. ඉතිං රනිල් ලිබරල් ද කියල අහන එක හොඳයි. හැබැයි රනිල් නැතුව අනුරද පාඨලීද කියලා කිව්වා නං වැඩේ පැහැදිලියි.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්