රාජපක්ෂ ක්‍රමයේ ප්‍රධාන අංගයක් වූ සමෘද්ධිය වෙනස් කරන්නට කළ හැකි දේ තමයි ඔය අස්වැසුමෙන් කරලා තියෙන්නෙ.
අත්‍යවශ්‍ය අයට සහනාධාර මුදල් එකවුන්ට් එකට වැටුණාම සමෘද්ධි නිලධාරීන්ගෙ අවශ්‍යතාවම නැතුව යනවා.
සමෘද්ධි අරමුදල්වලින් 25%ක් වෙන් වුණේ පරිපාලන වියදම් විදියට. ඒ පරිපාලන වියදම් විශාල වශයෙන් අඩුවෙනවා. සමෘද්ධි නිලධාරීන්ට පුළුවන් සල්ලි බෙදන එකෙන් නිදහස් වෙලා දිළිඳුභාවය පිටුදකින්නට අස්වැසුම ප්‍රතිලාභීන්ට උදව් කරන්න. (සමෘද්ධිලාභීන් එක්ක කරපු දේශපාලනයත් අවසන් වෙනවා.)
ඒක පරිවර්තනයක් නෙමෙයිද? දිළිඳු සහනාධාර කියන්නෙ අවුරුදු දශක තුනක් දීලා හතරවෙනි දශකයටත් දිය යුතු එකක් නෙමෙයි. මිනිසුන් දිළිඳුභාවයෙන් ගොඩආ යුතුයි. රජයෙන් පහසුවෙන් ලැබෙන දේට ලොබ බැඳිම හැම සමාජ මට්ටමකදීම තිබෙන ගැටලුවක්. දිළින්දන් මේ වෙලාවේ නිරාවරණය වෙලා තිබුණට ඔවුන් විතරක් නෙමෙයි ගැටලුකාරීන් වෙන්නෙ. තීරු බදු රහිත කාර් පර්මිට් එකට ලොබ බඳින රාජ්‍ය නිලධාරියා හා දේශපාලකයාත් ඔය වගේම තමයි.
මේක විප්ලවීය අවධියක් කියලායි මම කියන්නෙ. විප්ලව වෙන්නෙ ආර්ථිකයේ, සමාජයේ පදනමින්ම වේගවත් පරිවර්තන සිදුවීමත් එක්ක. ඒවා කවුරුහරි කරනවාට වඩා වෙනවා. ඒවා වෙනකොට වේදනාකාරී අත්දැකීමුත් ලැබෙනවා. විප්ලවවාදීන් කළ යුත්තෙ පැරණි දේ රැකගන්නට සටන් කිරීම නෙමෙයි. අලුත් දේ වඩා මානව හිතවාදී කරගන්නට උත්සාහ කිරීමයි. දැන් මොකක්ද වෙලා තියෙන්නෙ? පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් පොහොට්ටුවේ සමෘද්ධිලාභීන්ගෙ ලැයිස්තුව රැකගන්න සෙට්වෙලා.
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක