අඩෝ... මේ කැම්පස් එක ජනතාවට විවෘත කරනවා කියල අඬබෙර ගහල, එයාලට එන්න කියල ආරාධනා කරලා, ආවට පස්සේ ටාසන් ද,

බයියෝද, අරකද මේකද කියන එවුන්ට පාඩමක් උගන්වන්න ඕනි. මම නම් ''සාමාන්‍ය ජනතාවට'' කියන්නේ ගලහ හන්දියේ රැකලා ඉඳල මුංට දෙන්න කියල ඇට දෙක මුං ඇට වෙන්න. නැත්නම් හරියට නෝට් කරගෙන ගුඩ්ෂෙඩ් එකේදී උනත් කමක් නැහැ.

දැන් මේ විශ්ව විද්‍යාල කියන ඒවා කොහොමත් ජනතාවගෙන් ඈත තිබ්බ නිසානේ මේවා ජනතාවට අරින්න ඕනි කියල කියන්නේ. ජනතාව මුං හින්ද ඇරගෙන ගොඩක් කල්.

මේ අලුත් මාකට් එක හැදෙන්නෙම ඕව සරච්චන්ද්‍රගේ කාලේ ඉදන්ම ජනතාවගෙන් ඈත තිබ්බ හින්ද. ඒ ඈත තිබීම නිසා මේවා ඇතුලේ මැජික් සිද්ද වෙනවා කියල මිනිස්සුන්ගේ හිත්වල එක එක ෆැන්ටසි පැල වෙලා තිබ්බ.

දැන්වත් ඇතුළට ගිහිල්ල බලපල්ලා. ඕවගේ ඇති මැජික් එකක් නැහැ. උඹල නොදන්නා දෙයක් උං දන්නෙත් නැහැ. උඹල නොකරන දෙයක් උං කරන්නෙත් නැහැ. සමහර විට අපිටත් වඩා උඹල ලෝකේ දැකල ඇති.

හරි අපි ගම්මු වැඩිම කුතුහලය තියන කැම්පස් ලව් ගැන...

කැම්පස් ඇතුලේ ලව් කරනවා, ඒ ලව් අපේ ලව් වලට වඩා පට්ට ඇඩ්වාන්ස් ඇති කියල උඹල හිතනවා ඇති. එහෙම මැජික් තියනවා වගේ අමුතු අමුතු පොත් අපේ උං ලියලත් ඇති. එහෙම ෆැන්ටසි උඹලගේ ඔළු ඇතුලේ හැදුවෙත් අපේ උංම තමයි බං.  ඒ ෆැන්ටසි නඩත්තු කරන උඹල පව් බං....

එක අතකට ගත්තම උඹලගේ ජීවිත අපිට වඩා සියදහස් ගුණයක් සංකීර්ණයි බං. ඇත්තටම අපේ උං පොත් ලිව්වේ උඹල දිහා බලල බං.

උඹල අපි ගැන අවුලක් හිතන්න එපා. මොකද අපිත් උඹල වගේම කුණුවෙනවා බං....

ඒ නිසා එකතු වෙලා අළුත් ලෝකයක් ගැන හිතමු.....❤️

(ඔය තණකොළ වැඩිය පාගන්න එපා බං. ඒවටවත් වියදම් කරන්න සල්ලි නැහැ මේ දවස්වල)


හදවත ලොකුනම් ඉන්න නිමේෂයත් ඇති...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image