“මේ වන විට අපි Crudia zeylanica ගස් වෙනත් ස්ථාන හයකින් සොයාගෙන ඇති අතර සමහර ගස් පළමු ඒවාට වඩා පැරණි බව පෙනේ” යනුවෙන්

රාජකීය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අචල අත්තනායක 2021දී මොන්ගාබේ ජාත්‍යන්තර පරිසර වෙබ් අඩවිය වෙත පැවසීය.

මේවායින් සමහරක් ශ්‍රී ලංකා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සොයා ගත් අතර අනෙක් ඒවා ආධුනික උද්භිද විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු මගින් සොයා ගත් බව අත්තනායක පැවසීය. එක් Crudia zeylanica නිදර්ශකයක් දාරළුව ගසේ සිට කිලෝමීටර් 30ක් (සැතපුම් 17ක්) පමණ දුරින් හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ ගං ඉවුරේ වැඩෙයි.

පේරාදෙනිය උද්භිද උද්‍යානයේ විද්‍යාඥයින් විසින් විශේෂ ප්‍රතිසාධන සැලැස්මක කොටසක් ලෙස මෙම ශාකය වගා කිරීමට උත්සාහ කිරීම සඳහා දාරළුව ගසෙන් බීජ ලබාගෙන ඇත.

“බීජ වලින් 70-80%ක් සාර්ථකව ප්‍රරෝහණය වී තිබීම දිරිගන්වන සුළුයි,” යි අත්තනායක 2021දී පැවසීය.

පළමු පිංතූරයේ ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා කපා දමන ලද දාරලුවේ පඬු කරඳ ගසයි. දෙවෙනි පිංතූරයේ ඇත්තේ 2021 පැළයි.

සංවර්ධනයේදී පරිසරයට හානි සිදු වේ. ලංකාව වර්තමානයේදී මුහුණ දෙන අර්බුදය හමුවේ රුපියල් බිලියන ගණනක් වැය කර අධිවේගී මාර්ගය වෙනස් කරනවාට වඩා පඬු කරඳ ගස වෙනත් ආකාරවලින් සංරක්ෂණය කර පාර හැදීම වැදගත් බව අපගේ අදහසයි.

359489797 10160624501609326 1105998935044223879 n

359215183 10160624502894326 5187019682109764929 n

(praja.lk)

ඡායාරූප - මොංගාබේ වෙබ් අඩවියෙනි.


සබැඳි පුවත් :

පඬු කරඳ යනුවෙන් ගසක් තිබී නැත...

කෲඩියා සිලනිකා: ආන්දෝලනාත්මක ගස ගලවා ඉවත් කළේ කවු ද?

 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්