පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ගලවලා Jogging Track එකක් හදන ව්‍යාපෘතිය තවම අකුළගෙන නෑ. ආණ්ඩුව පැත්තෙන් ඒ වැඩේ කරන්න දිගටම උත්සහා දරනවා.
 
ඊයේ ඒ වෙනුවෙන් පොලොන්නරුව තරුණ එකමුතුව කියලා කියාගත්ත නාම්බන් හත් අට දෙනෙක්  වැව් බැම්ම උඩ ඉදන් පොඩි මාධ්‍ය සංදර්ශනයක් දැම්මා. එයාලා කියපුවා නං ශත පහකට වැඩක් නැති හිස් වචන. ඒවා ගැන කතා කරන්න රටේ රාළගේ වචන නාස්ති කරන්නේ නෑ.
 
හැබැයි එතන හිටපු එක නාම්බෙක් කිව්වා රොෂාන් නියෝජනය ඇමතිකම බාරගෙන පොලොන්නරුවට ගෙනාපු යෝධ සංවර්ධන කටයුතුවලට බධා කරනවා කියලා.
 
ඒකෙන් පැහැදිලි මේ ටීම් එක කාගෙද කියලා. අනික මේ වැඩේ කාගෙද කියලා.මෙච්චර කාලයක් හරි අයිතිකාරයෙක් නැතිව හිටිය පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ගලවලා Jogging Track හැදීමේ ව්‍යාපෘතියේ පොලොන්නරුවේ අයිතිකාරයා රොෂාන්. පුද්ගලයා දිහා බැලුවහම වැඩේ ගැන හිතාගන්න පුලුවන්. 
 
රටේ රාළ කෙළින්ම කියනවා මේක බිස්නස් එකක් කියලා. ඊළඟට රටේ රාළ අහනවා පොලොන්නරුව ජනතාවගේ රෝෂාන් මේ දක්වා පොලොන්නරුවට ගෙනාපු එක සංවර්ධන වැඩක් කියන්න කියලා.
 
ඔය බස් හෝල්ට් එකක්, බෝක්කුවක්, පාරකට තාර ටිකක්, කොන්ක්‍රීට් ටිකක් දාන්න ඇති. ඒවා නෙවෙයි ඩී.එස් කරපු, සී.සී ද සිල්වා කරපු, මෛත්‍රී කරපු සංවර්ධනයෙන් දශමයකින් සීයෙන් පංගුවක් කරලා තියනවද කියලා කියන්න.
 
  
රොෂාන්ට වඩා වැඩි වැඩක් පොලොන්නරුවේ ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් කරලා තියනවා. ඒ විචිකිච්ඡාව රොහාන්ට තියනවා. ඒක නිසා මානසිකවම රොෂාන් ඔය වගේ විනාශකාරී ව්‍යාපෘතිවලට තල්ලු වෙන්න පුළුවන්. ඒක හිස්ටීරියාවට වඩා දරුණු ලෙඩක්. 
 
 
රොෂාන්ට ඔය සංවර්ධනය කරන්න නං ඉස්සෙල්ලාම පොලොන්නරුවේ ජනතාව ගොනාට අන්ද ගන්න ඕනි.
 
රටේ රාළට මෙතනදී ලස්සන උදාහරණයක් මතක් වෙනවා. ගියපාර මහ ඡන්දෙදි රොෂාන් පොලොන්නරුවේ ජනතාවටත් චීත්ත බෙදුවා. පස්සේ මැතිවරණය කොමිසමෙන් පැනලා ඒක නැවැත්තුවා. එදා පොලොන්නරුව ජනතාවට චීත්ත බෙදුවේ ඇයි කියන ප්‍රශ්නයට උත්තරය අද ඇවිත් තියනවා.
 
ඒත් රටේ රාළ දන්නවා රොෂාන්ට පොලොන්නරුව ජනතාවට කවදාවත් චීත්ත අන්දන්න බෑ කියලා. දැන් ඉතුරු චීත්ත ටික එයා අදිනවද කොහේද? මේක තනිකරම චීත්ත වැඩක්. ( චීත්ත යන වචනය දේශපාලන අර්ථයෙන් තේරුම් ගන්න) 
 
කොහොම හරි රටේ රාළ පොලොන්නරුවට සංවර්ධනය ඕනි නෑ කියලා කියන්නේ නෑ. හැබැයි මතක තියාගන්න පහුගිය දශකය ඇතුළේ අපේ රටේ වේගයෙන්ම සංවර්ධන උන දිස්ත්‍රික්ක තුන තමයි ගම්පහ, හම්බන්තොට හා පොලොන්නරුව. රටේ අනික් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව යෝධ සංවර්ධනක් වෙලා. පොලොන්නරුවේ නැත්තේ වරායකුයි, ගුවන් තොටුපොළකුයි විතරයි.
 
පොලොන්නරුව ඇතුළේ විශාල මැද පන්තියක් වර්ධනය වෙලා. ඒක නිසා එයාලට Jogging Track එකක් ඕනී. එකක් නෙවෙයි කීපයක් ඕනේ. හැබැයි ඒක හදන්න ඕනි පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ගලවලා වැව් බැම්ම උඩ නෙවෙයි.
 
පිටින් ගිය ස්පෙයාපාට්කාරයෝ කියන ඕනි දෙයක් පිලිගන්න තරම් බයියෝ අද පොලොන්නරුවේ නෑ. පොලොන්නරුවේ ඉන්නේ බහුතරය ගොවියෝ. බෝහොම වැදගත් මිනිස්සු. තුන් වේලට බත් කන මිනිස්සු. තුන්වේල කාලා රටටත් කන්න දෙන මිනිස්සු. වැවට පනතට වඩා ආදරය කරන මිනිස්සු. දකුණු දළදා හාමුදුරුවන්ගේ පිහිට විශ්වාස කරන මිනිස්සු.
 
ඒ ගොවියගේ දාඩිය සුවද රොෂාන්ලා දන්නේ නෑ. රටේ රාළ ඒ සුවද හොදට අදුරනවා. පොලොන්නරුවේ මිනිස්සුත් රටේ රාළව හොඳට අඳුරනවා. දිඹුලාගල, වැලිකන්දේ, ලංකාපුරේ, මැදිරිගිරියයේ, පොලොන්නරුවේ ඔය ඔක්කොම රටේ රාළව දන්නවා.
 
ඒක නිසා රටේ රාළ යෝජනා කරනවා පොලොන්නරුවට වෙන්න ඕනි විද්‍යාත්මක සංවර්ධන සැලැස්මක් ප්‍රමුඛතා පිලිවෙලට හදමු. එතකොට ඔය Jogging Track තියෙන්නේ කීවෙනි තැනද කියලා බලාගන්න පුළුවන්.
 
රොෂාන්ට පොලොන්නරුවේ ඉදින් එක කරන්න බැරිනම් පොලොන්නරුවට කිලෝ මීටර් 267 දුරින් ඉන්න රටේ රාළ ඒක කරලා එවන්නම්.
 
ඕක නෙවෙයි පොලොන්නරුවට ඕනි සංවර්ධනය. අනික ඕක තමයි රාජපක්ෂලා රටටම දෙන්ඩ හදන මෝඩ සංවර්ධනය. 
 
අර නෙළුම් කුළුණ හදලා, මිනිස්සු නැති කැලෑවල ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා හදලා. බුවනෙකබා රාජ සභාව කඩලා කරපු සංවර්ධනය. වැව් බැම්මට පල්ලෙන් ඉස්සන් කොටු හදන සංවර්ධනය. ගොවියට වවන්න වතුර නොදී ඉස්සන්ට වතුර දෙන පිස්සු සංවර්ධනය. අපේ රටේ ආර්ථිකයට ශත පහක වැඩක් නැති සංවර්ධනය .රටේ ණය උගුලේ හිර කරලා එක පවුලක් ගොඩ යන සංවර්ධනය. තිරසාර සංවර්ධනය කියන්නේ ඕක නෙවෙයි මහත්තයෝ.
 
  
සමහර බේබිලා කියන්නේ ඕවට බාධා කරන්නේ ලිං මැඩියොලු. රටේ රාළ කියනවා. ජනතාවගේ බදු මුදල්වලින් ලෝකෙ වටේ පිං සවාරි යන එක නෙවෙයි ලෝකය දකිනවා කියන්නේ. ලෝකයේ කිසිම දියුණු රටක් සංවර්ධනය වෙද්දී තමන්ගේ අනන්‍යතාවය විනාශ කරගත්තේ නෑ. අපේ මේ ගොන් හැත්ත කරන්නේම කොමිස් එක වෙනුවෙන් රටේ අනන්‍යතාව විනාශ කිරීම.
 
 
ඒක එයාලට ඕනි. මේ පොලොවට කිසිම සම්බන්ධයක් නැති ඇමරිකන්කාරයෝ රජකරන්න ඒ සංවර්ධනය ඕනි. බොරු උද්දච්ච කමෙන් ඇඟ පුම්බගත්ත බේබිලා රජ කරන්න  ඔය සංවර්ධනය ඕනි. 
 
ඔය සංවර්ධනයෙන් අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයට ඇති සෙතක් නෑ. නගර අලංකරණය කියලා කරන්නේ ඕක. ගමට ජීම් කට්ටලයක් කියන්නේ ඕකට. දැන් එනවා ගෙදරකට ඔසු පැන් ව්‍යාපෘතියකුත්. 
 
හොඳට බලන්න මේ සංවර්ධනය කියලා කරන ව්‍යාපෘති ඇතුළේ ඉන්නේ කවුද? මේ අමාත්‍යාංශය කාගෙද?වාරිමාර්ග කාගෙද? ක්‍රිඩා කාගෙද? නාගරික සංවර්ධන කාගෙද, බුද්ධ ශාසනය කාගෙද? පුරා විද්‍යා කාගෙද? මුදල් කාගෙද? මේවට සම්බන්ධ අනික් පොඩි කෑලි කාගෙද? ඔක්කොම රාජපක්ෂලගෙ.
 
ඒකයි මේක එක ගෙදරක වැඩසටහනක් කියන්නේ. 
 
රොෂාන්ලා ඒකේ සූපින් කෑලි විතරයි. එක නිසා මේ ආයතනවල නිළධාරීන්ට ලොකු පීඩනයක් ඇති. ඒක දිසාපතිගේ ඉදන් පහලට තියනවා. කොහොම උනත් තමන්ට ලැබෙන පුංචි ලාබෙට රට විනාශ කරන්න කාටවත් අයිති නෑ.
 
ඒක දිසාපතිටත් අදාලයි වාරි ඉන්ජිනේරුවටත් අදාලයි.
 
රළපනාව ගලවන්න අවසර දෙන්න පුරා විද්‍යා එකට බෑ. ඒක අයිති මේ රටේ ජනතාවට. ඒ අවසරය දීමෙන් අපේ රටේ රාජ්‍ය සේවයේ තත්වය ගැන දුක හිතෙනවා. 
 
WhatsApp Image 2021 09 20 at 12.43.30 PM
 
පරාක්‍රම සමුද්‍රයේ විනාශයට එරෙහිව පෙළගැසෙන මහ සංඝරත්නය.
 
 
ඇත්තටම දැන් මේ රටේ මිනිස්සු තීරණය කරන්න ඕනි තවදුරටත් මේ විනාශය කරන්න දෙනවද නැද්ද කියලා?
 
ආණ්ඩු පෙරලන්න බැරි වෙන්න පුළුවන්. ඒත් මේ විනාශය නතර කරන්න පුළුවන්.
 
මේ මංකොල්ල කන්නේ අපේ ඓතිහාසික උරුමය. අපේ පුංචි එවුන්ගේ අනාගතය. 
 
සමහර බයියෝ පරාක්‍රම සමුද්‍රයේ රාළපනාව ගලවනවා කිව්වම ඔයාලා දකින්න ඇති නුවර වැව වටේ, කුරුණෑගල වැව වටේ තියෙන Jogging Track වල පොටෝ දානවා. පිටරටවල Jogging Track පොටෝ දානවා. දාලා අහනවා මේ ලස්සන එපාද කියලා.
 
ඇත්තටම රටේ රාළට එයාලා ගැන තරහක් නෑ. දුකයි. අපි ජාතිකයක් විදිහට කොච්චර නිවට කරලද? පොල් කට්ටක් වගේ වැවකුයි මහා සමුද්‍රයකුයි අතර වෙනස තේරෙන්නේ නැති නිවටයෝ. 
 
ඒක නිසා ඔයාලට මතක ඇති පරාක්‍රම සමුද්‍රයේ රාළ පනාවට අත තියෙනකොට රටේ රාළ ඒකට විරුද්ධ උනා. දැන් ඒ සටන වටේට දස දහස් ගණන් සුජාතා දූ පුතුන් එකතු වෙනවා. හෙට දවසේ ඒක ලක්ෂ ගණනක් වෙයි. ඒක නිසා රටේ රාළ රොෂාන්ට කියනවා අපි කවදාවත් වැරදි සටන්වලට බහින්නේ නෑ. බහින්නේ හරි සටන්වලට. බැස්සොත් දිනලා මිසක් ආපහු හැරෙන්නෙත් නෑ. අතර මැදින් මැරිලා යන්න පුළුවන්. ඒක වෙනම කතාවක්.
 
 
පරාක්‍රම සමුද්‍රය කියන්නේ රොෂාන්ගේවත් වෙන කාගෙවත් පුද්ගලික බූදලයක් නෙවෙයි. අනික පරාක්‍රම සමුද්‍රය අයිති පොලොන්නරුවට නෙවෙයි. ඒ අපේ ඇගේ දුවන ලේවල කොටසක්. ඒක නිසා රටේ රාළ මේ ආණ්ඩුවේ ලොකුම ලොකු ලොක්කන්ට කියනවා පරාක්‍රම සමුද්‍රයට අත තියන එක වහාම නතර කළේ නැත්නම්, ඒක පොළොන්නරුවේ නෙවෙයි, ඊළඟ ජාතික සටන වෙන එක නවත්තන්න බෑ. 
 
රටට හතුරු ආණ්ඩුව එළවන සටන වෙන්නෙත් ඒක. ඒ සටනේ ඉස්සරයින්ම රටේ රාළත් ඉන්නවා.
 
 
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි.ජයවේවා.
මීට
රටේ රාළ
 
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 
 

THE LEADER TV 
 
පොළොං නරුවෝ The Leader TV
 

 
 
ඩඩ්ලි සිරිසේන 'බල්ලා' කිව්වේ කාටද? | The Leader TV
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්