මෙහෙව් පාර්ලිමේන්තුවක් නඩත්තු කරන්නේ මොකටද ? 
 පාර්ලිමේන්තු විවාද වලදී පවා වැදගත් අදහස් හුවමාරුවකට ඉඩ නොතබන, හූ කියන, කුණුහරුප කියන, පාසල් ළමයෙකුට මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාදයකට සවන් දීමටවත් නොහැකි ලෙස හැසිරෙන මහජන නියෝජිතයින් කියන පිරිසක් ඉන්නා මේ පාර්ලිමේන්තුව මහජනතාවගෙ බදු මුදල් වලින් නඩත්තු කළ යුත්තේ ඇයි දැයි කවුරුන් හෝ පැහැදිලි කරනවාද?
 
 

 
 
 Screenshot 2021 10 23 at 3.40.59 PM
 
 
මේ හැසිරීමට එරෙහිව, ඒ උපදේශක කමිටුවේ සිටි චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාගේ හැර අන් සියලු දෙනාගේ මන්ත්‍රී ධූරය අවම මාස 03ට අත් හිටුවන ලෙස මේ රටේ පුරවැසියන් වෙනුවෙන් කතානායකගෙන් ඉල්ලා පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට විපක්ෂයට වගකීමක් නැද්ද?
 
 
එවැනි පියවරක් ගැනීමට විපක්ෂයට බල කරන්නට, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අයටද වගකීමක් තියෙනවා. 
 
මේ හැසිරීම පාලනය කිරීම දැන් ඉතාම අපහසු කාර්යක්. නමුත්, එය ජනතාව රුස්සන්නේ නැති බව ඔවුන්ට කිව යුතුව තියෙනවා.
 
 ඒ නිසා විපක්ෂයත් ඒ වගකීමට බැඳලා, අශීලාචාර ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර මාස 03ට අත් හිටුවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට විපක්ෂයට බල කළ යුතු යැයි මම කියනවා.
 
 
කුසල් පෙරේරා 
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික - 
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
 (කුසල් පෙරේරා ගේ ෆේස්බුක් පිටුවෙන්..)
Kusal 2021
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
THE LEADER TV 
 
 
සාටකේට සොහොන් ලකුණු ගොට්ටෝ හාන්සි | මොණරවිල ලියමන 

  

ජනාධිපති ආර්යාව බයෙන් ! 

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්