(අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන් සිල්වා ගැන ජවිපෙ හිටපු ලේකම්වරයකු වන ලයනල් බෝපගේ කියපු කතාවක් )



“දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණ ගැනීම ප්‍රමාද කිරීමෙන් හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ සම්පත් හිඟය නිසා ඇති වන ප්‍රමාදවලින් කී දෙනෙක් ගේ ජීවිත නාස්තියට ලක් වෙලා ඇත්ද කියන එක. මෑතක දී පවා මේ තත්වය වෙනස් කරන්නට ආණ්ඩුවටවත් නිලධරයන්ටවත් වුවමනාවක් තියෙන බවක් පෙනෙන්න නැහැ.

ආණ්ඩුවත් නීතිපතිවරයාත් අධිකරණ පද්ධතියත් මෙම තත්වය මීට වඩා කාර්යක්ෂම කරන්නට මැදහත් විය යුතුයි කියල මම විශ්වාස කරනවා.

එසේ නැතහොත් මෙම තත්වයෙන් අයුතු ලෙස ප්‍රයෝජන ගන්නට, වගකීමකින් තොරව මෙවැනි අධිකාරියක් පවත්වා ගෙන යන්නට කටයුතු කර ගෙන යන බවයි අපට හිතන්න වෙන්නේ.

ආණ්ඩුවේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන ජනාධිපති කොමිෂන් සභාව විසින් පවා රඳවා ගැනීමේ ප්‍රතිපත්තිවල කරන්නට ඉදිරිපත් කරපු නිර්දේශ කිහිපයක් තිබුණා. ඒ නිර්දේශවලින් මේ වෙන කොට ක්‍රියාත්මක කරපු නිර්දේශ එකක් හෝ තියෙනවද?“


“මේකට මට හොඳ උදාහරණයක් දෙන්න පුළුවන්.

 

1986 දී නව මැගසින් බන්ධනාගාරයේ මම රඳවා ගෙන ඉන්දෙද්දී මට මතක අන්දමට බන්ධනාගාර අධිකාරී රත්නායක මහතා මා සිටි සිර මැදිරියටම ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුළත්මුදලි මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ රඳවා ගන්නට නියම කරන ලද පුද්ගලයෙක් හදිසියේ ගෙනාවා.

 

ඔහු ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි පිට රටවල ශ්‍රී ලාංකික ජන කොටස් අතරේත් ඒ දිනවල බොහොම ජනප්‍රිය වෙලා හිටපු කෙනෙක්. දැන් ඔහු ජාත්‍යන්තර කීර්තියට පවා පත් වෙච්ච සමාජ සේවකයෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

ඔහු ගැන ලියන්නට සිදු වීමෙන් ඔහුට යම්කිසි හානියක් අත්නොවනවා ඇතැයි මම කල්පනා කරනවා. රඳවා ගැනීමට ගෙන ආ පුද්ගලයා කවුද කියල මට එදා දකින්නට ලැබු‍ණේ නැහැ. හුඟක් හවස් වෙලා ඔහු ගෙනැල්ලා කෙළින්ම මම හිටි මැදිරියේ කෙළවරේ තිබුණු කුටියකට දැම්මා.

“මම තනියෙන් සිර මැදිරියේ රඳවා හිටින නිසා හැන්දෑවට ‘විමුක්ති ගී’ වගේම අමරදේවගේ වැනි ගීත හඬ නඟා ගායනා කරන එක මගේ සිරිතක් වෙලා තිබුණා. ඒ නිසාම ඒ වෙන කොට අපේ පරීක්ෂණවලට අදාළව අනෙක් මැදිරිවල රඳවා ගෙන හිටපු අයත් මේ ගීත අහන්නට පුරුදු වුණා.

අර පුද්ගලයා ගෙනපු දවසේ හවස අමරදේවගේ ගීතයක් ගායනා කර ඉවර වෙනවාත් එක්කම වගේ ඉතාමත් ලස්සන හුරු පුරුදු කට හඬකින් බයිලාවක් හඬ නඟා ගායනා කෙරුණා. ඒ හඬ ආවේ කෙළවරේ ම කුටියෙන්. ඒ මාතර උපන් බයිලා චක්‍රවර්ති කෙනෙක් හැටියට දැන් ප්‍රසිද්ධ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා.

 

ඔහු එදා රඳවා ගෙන හිටියේ ලලිත් ඇතුළත්මුදලි මහතා ඔහු සමඟ ඇති කර ගෙන තිබුණ ‍පෞද්ගලික ආරවුලක කේන්තිය පිරි මහන්න. එදා ඉඳලා හැම හැන්දෑවකම වගේ අපි දෙන්නා මාරුවෙන් මාරුවට ගීත ගායනා කළා.

 

“මට මතක අන්දමට මාසයකින් දෙකකින් පමණ පසු ඔහුව නිදහස් කර යැව්වා. හිර මැදිරියෙන් පිට වෙන්නට ඉස්සර වෙලා මගෙන් ඇවිත් ඇහැව්වා ඔහුට කරන්නට පුළුවන් උදව්වක් තියෙනවා නම් කියන්න හිතවත් කමට ඔහු ඒක කරන්නම් කියලා.

ඒ දවස්වල චිත්‍රා ඇතුළු දරුවන් දෙදෙනා ගත කළේ ඉතාමත් දුෂ්කර ජීවිතයක්. ඒ නිසා මම ඔහුට කිව්වා හැකි නම් ඔවුන්ට ජීවත් වෙන්නට උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා.

ඔහු නිදහස් වෙලා වැඩි දවසක් යන්නට ඉස්සර වෙලා අපේ මාවිත්තර ගෙදරට ගොස් චිත්‍රාට කතා කරලා රුපියල් 1000ක් අතට දීලා තිබුණා. ඒ දවස්වල ඒක ලොකු මුදලක්. මම නිදහස් වෙලා ආවාට පස්සේ ඔහු හමු වී මගේ ස්තුතිය පළ කළා.

දැන් ඩෙස්මන් පදිංචි ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර. අදටත් අපි හොද මිතුරන්. අපි මේ ගීත ගායනා ගැන කතා කරලා උපේක්ෂාවෙන් හිනහ වෙනවා. අපේ සම්බන්ධතාවයට දේශපාලනයක් නැහැ.

මනුෂ්‍යත්වය මත පදනම් වුණාම මිනිස් හදවත් කටයුතු කරන ආකාරය මෙයින් හොඳට පැහැදිලි වෙනවා.

නමුත් මේ කතාවේ හරය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත සහ හදිසි නීතිය වගකීමකින් තොරව අයුතු ලෙස ප්‍රයෝජනය ගන්න තිබුණු සහ අදටත් තිබෙන හැකියාව. මේ අත්දැකීම් නිසයි මම දිගටම කියා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත වහාම අහෝසි කළ යුතුයි කියල.”

(ලයනල් බෝපගේ)

(Lionel Bopage ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

Leader Whats app

 
 
 
 
 
හදිසි මහ මැතිවරණයක් ! - අගමැති අපේක්ෂක බැසිල් !! Gossip

 
සර් බැරිද විමල්ට කියලා සිරිසේන..කෝ..මේ සිරිසේන පාරක් දාගන්න.

 
රාජපක්‍ෂලා ඉන්නා තුරු හදිසි ණයක්වත් ගන්න බෑ ! | මොණරවිලගේ ලියමන
 
 
ඩොලර් රහස | Mr. Opposite 
 
 
රනිල් ඇන්ටික් කඩේ යද්දි BR ගෙන් GR බේරා ගැනීමේ මෙහෙයුමක් !| Gossip
 


அமைச்சுப் பதவியைத் துறக்கத் தயாராகும் நாமல் ராஜபக்ச | Gossip

  
වියත් කතා/ පන්දාහේ කොලය වෙනුවට දහදාගේ කොලය
 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්