2021-2023 අයි.සී.සී ටෙස්ට් ලෝක ශූරතාවය වෙනුවෙන් අවසන් මහා තරගය මේ අවුරුද්දේ එංගලන්තයේ ඕවල් පිටියේදී පවත්වන්න නියමිතයි.



මේ වෙද්දි ලකුණු සටහනේ පෙරමුණේ රැඳෙන්න ඕස්ට්‍රේලියාව සමත්වෙලා ඉන්නවා. ඕස්ට්‍රේලියාව තමන් මුහුණදුන්න තරග 15න් 10ක්ම ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 136ක් එක්ක ඉදිරියෙන්ම ඉන්නවා.

දෙවැනි තැන ඉන්න ඉන්දියාව මේ වෙද්දි තරග 14කට මුහුණදීලා ඉන් 8ක් ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 99ක් සහිතව ප්‍රබල ස්ථානයක ඉන්නවා. ශ්‍රී ලංකාව මේ සටහනේ තුන්වැනි ස්ථානයේ ඉන්නේ තරග 10කට මුහුණදීලා ඉන් තරග 5ක් ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 64ක් එක්ක.

කොහොමවුනත් ටෙස්ට් ලෝක කුසලාන අවසාන මහා තරගයට සුදුසුකම් ලබන්න සමත්වෙන්නේ මේ ලකුණු සටහනේ අංක 1 සහ 2 ලබාගන්න කණ්ඩායම් දෙකටයි. මේ ලකුණු සටහනේ අනුපිළිවෙල තීරණය වෙන්නේ එක් එක් කණ්ඩායම් ලබාගත්ත ජයග්‍රහණ ප්‍රතිශතය අනුව.

මේ Sports with Himashi ඒ ගැන ගෙන එන විග්‍රහයක් ..






JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image