ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ බී - ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන් කණ්ඩායම් අතර

අද (08) පැවැති තරගයේ ජය වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායම සමත් විය.

ඒ අනුව කැන්ඩි කණ්ඩායමට ලකුණු 89ක ජයක් හිමිවිය.

එම තරගය පැවැත්වුණේ පල්ලෙකැලේදී ය.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බී - ලව් කැන්ඩි කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 203ක් රැස් කළේය.

ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය 'ගෝල් ටයිටන්ස්' පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 114ක් පමණි.

මේ අතර 'කලම්බු ස්ට්‍රයිකර්ස් 'සහ 'ජැෆ්නා කිංග්ස්' කණ්ඩායම අතර තරගය අද පස්වරු 7.30ට ආරම්භවීමට නියමිතය.



වනිඳුට 20-විස්සයි කඩුලු 200 ක්

Wanindu H
විස්සයි-20 තරග වලදී කඩලු 200 ක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් කැන්ඩි බී-ලව් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සුවිශේෂී තරග බැනියමක් තිළිණ කර තිබේ. 'කැන්ඩි බී-ලව්' සහ 'ගෝල් ටයිටන්ස්' අතර අද පැවති තරගයේදී වනිඳු මෙම සුවිශේෂී බැනියමෙන් සැරසී ක්‍රීඩා කළේය.

පසුගිය 05 වැනිදා යාපනය කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී වනිඳු සිය 200 වැනි විස්සයි-20 කඩුල්ල දවාගත්තේය.

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්