මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මෙතෙක් පැවති කොළඹ ඉසිපතන විද්‍යාලයේ අපරාජිත වාර්තාව

අද (12) බිඳවැටුණි.

ඒ තරගාවලියේ සුපිරි වටය යටතේ අද පැවති තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය හමුවේ ලකුණු 22ට 17ක් ලෙස පරාජය වීමත් සමගය.

ලීග් රග්බි තරගාවලියට සමගාමීව මෙම තරගය පැවැත්වුණේ විදුහල් අතර වාර්ෂිකව සංවිධාන කෙරෙන "මේජර් මිල්රෝයි ප්‍රනාන්දු" කුසලානය වෙනුවෙනි.

රීඩ් මාවත රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය ලකුණු 6ට 3ක් ලෙස රාජකීය විද්‍යාලය පෙරමුණ ගත්තේය.

තරගය අවසානය දක්වාම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර දෙවන අර්ධයේදී රාජකීය ක්‍රීඩකයින් තවත් ලකුණු 16ක් රැස් කරගනිද්දී, ඉසිපතන ක්‍රීඩකයන්ට රැස් කරගත හැකිවූයේ ලකුණු 14ක් පමණි.

ඒ අනුව, ලකුණු17ට 22ක් ලෙස තරගය ජයගනිමින් රාජකීය විද්‍යාලය "මේජර් මිල්රෝයි ප්‍රනාන්දු" කුසලානය හිමිකරගත් අතර මෙවර ලීග් රග්බි තරගාවලියේ ඉසිපතන විද්‍යාලයේ අපරාජිත වාර්තාවද බිඳ දැමීමට සමත්වුණි.
 

{gallery}Isipathana Vs Royal Rugby 2023{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්