ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔබ මෙතෙක් දැක නැති ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලියක් වන Karma Fight League එසේත් නැත්නම් (KFL) තව නොබෝ
දිනකින් ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට මේවන විට සියලු කටයුතු සුදානම්.
කරාටේ, මුආයි තායි (Muay Thai) සහ බොක්සිං යන සටන් සම්ප්‍රදායන්ගේ සම්මිශ්‍රණයක් වන K1 සටන් ක්‍රමයට අදාල නීති ඔස්සේ ක්‍රියාත්මක වන මෙම තරඟාවලිය මෙරට පළමු K1 සඳහාම වෙන්වූ තරගාවලියයි.
කොළඹ සහ මහනුවර නගර කේන්ද්‍රකර ගනිමින් මෙරට තුළ 10,000කට අධික සටන්කරුවන් විහිදී සිටින නමුත්, ඔවුන්ට සිය කුසලතා ප්‍රදර්ශනය කරමින් ඉදිරියට යාමට මෙතෙක් මෙරට තුළ නිසි වේදිකාවක් නිර්මාණය නොවූ අතර එම අඩුව සම්පූර්ණ කරමින් මෙරට නිර්මාණය වන එකම ජාත්‍යන්තර වේදිකාව ලෙස KFL නම් කළ හැකියි.
All Fight System Organization හි නියාමනය යටතේ මෙරට ක්‍රියාත්මක වන AFSO Sri Lanka මගින් මෙම KFL තරඟාවලිය පූර්ණ අධීක්ෂණය සිදු කෙරේ.
KFL සටන් ලීගයේ සුවිශේෂීම කාරණාව වන්නේ මෙරට සටන් ක්‍රීඩා ඉතිහාසයේ පිරිනැමෙන දැවැන්තම ත්‍යාග මුදල් සම්භාරය (prize pool) KFL ඔස්සේ පිරිනැමීමයි.
KFL සටන් ලීගය තුළින් මෙරට නිර්මාණය වන ජාත්‍යන්තර සටන් වේදිකාව, මෙරට සටන්කරුවන්ට ජාත්‍යන්තර සටන්කරුවන් සමඟ උරෙන් උර සටන් කිරීමට අවස්ථාව හිමිවන අතර ඒ ඔස්සේ ඔවුන්ට ජාත්‍යන්තර ලීග් සටන් තරඟාවලි සදහාත් එක්වීමේ අඩිතාලම නිර්මාණය වෙනවා.
තායිලන්තය තුල දැනටමත් අතිශය ප්‍රචලිත මෙම සටන් කලාව ආශ්‍රිත ලිග් තරඟාවලි ඔස්සේ විශාල සංචාරක ආකර්ෂණයක් හිමිකරගෙන ඇති අතර ඒ අනුව මෙරට තුලද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර ගැනීමට KFL සටන් ලීගය තුලින් මහඟු අවස්ථාවක් උදා වනවා.
ශ්‍රී ලාංකියනගේ ක්‍රීඩා විනෝදාස්වාදය වෙනුවෙන් විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානම් වන KFL හි පළමු සටන් රාත්‍රිය එළඹෙන අගෝස්තු 26 වන දා කොළඹ The Taprobane හිදී පැවැත්වීමට නියමිතයි.
එවන් ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් රාත්‍රියක අත්දැකීම විඳගන්න ක්‍රීඩාශීලී ප්‍රේක්ෂක ඔබත් සූදානම්වන්න.
{gallery}karmafighting{/gallery}